2 සාමුවෙල් 12:8-9
2 සාමුවෙල් 12:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබේ හාම්පුතාගේ ගෘහ වාසීන් ඔබට මම දුනිමි. ඔබේ හාම්පුතාගේ බිරින්දෑවරුන් මම නුඹේ තුරුලට දුනිමි. ඉශ්රායෙල් හා යූදා වංශය මම නුඹට දුනිමි. ඒ දෑ සියල්ල නුඹට නො සෑහේ නම්, මම නුඹට තව තවත් එකතු කරන්නෙමි. උන්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කිරීමට ස්වාමින්වහන්සේගේ වචනයට නුඹ නිගරු කළේ ඇයි? නුඹ හිත්තීය ඌරියා කඩුවෙන් ගසා හෙළා, ඔහුගේ බිරිඳ, නුඹේ බිරිඳ කර ගෙන ඇත. නුඹ අම්මොන්වරුන්ගේ කඩුපතින් ඔහු මරා දැමී ය.
2 සාමුවෙල් 12:8-9 Sinhala Revised Old Version (SROV)
මම නුඹේ ස්වාමිහුගේ වංශයද නුඹේ ළයට නුඹේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්රායෙල් සහ යූදා වංශයත් නුඹට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ නුඹට දෙන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය.
2 සාමුවෙල් 12:8-9 Sinhala New Revised Version (NRSV)
මම නුඹේ ස්වාමියාගේ වංශය ද ඔහුගේ භාර්යාවන් ද නුඹට ම දිනිමි. ඉශ්රායෙල් හා ජුදා වංශයත් නුඹට දිනිමි. මෙය නුඹට ප්රමාණවත් නොවන්නේ නම්, මෙවැනි තවත් දේ මම නුඹට දෙන්නෙමි. නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමෙන් උන් වහන්සේගේ වචනය සුළු කොට සිතුවේ කුමක් නිසා ද? නුඹ හිත්තීය ජාතික උරියා කඩුවෙන් නසා, ඔහුගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත්තෙහි ය. නුඹ අම්මොන්වරුන් ලවා ඔහු කඩුවෙන් මැරෙව්වෙහි ය.
2 සාමුවෙල් 12:8-9 Sinhala New Revised Version 2018 (SNRV)
මම නුඹේ ස්වාමියාගේ වංශය ද ඔහුගේ භාර්යාවන් ද නුඹට ම දිනිමි. ඉශ්රායෙල් හා ජුදා වංශයත් නුඹට දිනිමි. මෙය නුඹට ප්රමාණවත් නොවන්නේ නම්, මෙවැනි තවත් දේ මම නුඹට දෙන්නෙමි. නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමෙන් උන් වහන්සේගේ වචනය සුළු කොට සිතුවේ කුමක් නිසා ද? නුඹ හිත්තීය ජාතික උරියා කඩුවෙන් නසා, ඔහුගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත්තෙහි ය. නුඹ අම්මොන්වරුන් ලවා ඔහු කඩුවෙන් මැරෙව්වෙහි ය.
2 සාමුවෙල් 12:8-9 New International Version (NIV)
I gave your master’s house to you, and your master’s wives into your arms. I gave you all Israel and Judah. And if all this had been too little, I would have given you even more. Why did you despise the word of the LORD by doing what is evil in his eyes? You struck down Uriah the Hittite with the sword and took his wife to be your own. You killed him with the sword of the Ammonites.