2 සාමුවෙල් 12:8-9

2 සාමුවෙල් 12:8-9 SROV

මම නුඹේ ස්වාමිහුගේ වංශයද නුඹේ ළයට නුඹේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්‍රායෙල් සහ යූදා වංශයත් නුඹට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ නුඹට දෙන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය.