2 සාමුවෙල් 12:20-23
2 සාමුවෙල් 12:20-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට දාවිත් බිමින් නැගිට, දෝවනය කර, ආලේපන ගල්වා, වෙනත් ඇඳුම් ඇඟ ලා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුල් ව, නමස්කාර කළේ ය. ඉන්පසු ඔහු තමාගේ නිවසට ගියේ ය. ඔහුගේ ඉල්ලීම පිට, ඔවුහු ඔහුට ආහාර පිළිගැන් වූහ. ඔහු අහර ගත්තේ ය. එවිට ඔහුගේ සේවකයෝ ඔහු අමතමින්, “ඔබ මෙලෙස හැසිරෙන්නේ මොකද? දරුවා ජීවත් ව සිටියදී ඔබ නිරාහාර ව හැඬුවා. ඒත් දැන් දරුවා මියැදී ඇති විට ඔබ නැගිට ආහාර ගනී!” යි කීහ. ඔහු පිළිතුරු දෙමින්, “දරුවා ජීවත් ව සිටියදී මම නිරාහාර ව හැඬුවෙමි. එසේ කළේ, ‘ස්වාමින්වහන්සේ මට කාරුණික වී, දරුවාට ජීවිත දානය දේවි ද කියා දන්නේ කවුරු ද?’ කියා මා සිතූ නිසයි. එහෙත් දැන් ඔහු මිය ගොසින්. මා නිරාහාර ව සිටින්නේ කුමට ද? ඔහු නැවත ගෙනෙන්නට මට පුළුවන් ද? මා ඔහු ළඟට යනවා විනා, ඔහු මා ළඟට ආපසු එන්නේ නැතැ” යි කීවේ ය.
2 සාමුවෙල් 12:20-23 Sinhala Revised Old Version (SROV)
එවිට දාවිත් බිමින් නැගිට නා තෙල්ගාගන, තමාගේ වස්ත්‍ර මාරුකර, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වී නමස්කාරකොට, පසුව තමාගේ ගෙට ආයේය; තවද ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්ට කියා ඉල්ලා කෑම අනුභවකෙළේය. එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඔබ කළ මේ දේ මොකද? ළදරුවා ජීවත්ව සිටියදී ඔබ ඔහු ගැන නිරාහාරව ඇඬුවෙහිය; නුමුත් ළදරුවා මැරුණු විට ඔබ නැගිට කෑම කෑයෙහියයි කීවෝය. ඔහුද: ළදරුවා ජීවත්ව සිටියදී මම නිරාහාරව සිට ඇඬුවෙමි. මක්නිසාද–ළදරුවා ජීවත්වෙන ලෙස ස්වාමීන්වහන්සේ මට කරුණාකරනසේක්ද නැද්දැයි දන්නේ කවුදැයි සිතුවෙමි. නුමුත් දැන් ඔහු මැරුණායින් පසු කුමට නිරාහාරව සිටිම්ද? ඔහු නැවත ගෙන්වාගන්ට මට පුළුවන්ද? මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැතැයි කීය.
2 සාමුවෙල් 12:20-23 Sinhala New Revised Version (NRSV)
එවිට දාවිත් බිමෙන් නැඟිට ස්නානය කොට, තෙල් ගාගෙන, තමාගේ වස්ත්‍ර මාරු කර, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වී නමස්කාර කොට, ඉන්පසු සිය නිවෙසට ආවේ ය. තවද, ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්න කියා, කෑම කෑවේ ය. එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔබ කළ මේ දේ කුමක් ද? ළදරුවා ජීවත් ව සිටිය දී ඔබ ඔහු නිසා නිරාහාර ව ඇඬුවෙහි ය. එහෙත්, ළදරුවා මැරුණු විට ඔබ නැඟිට කෑම කෑවෙහි ය”යි කී හ. දාවිත් පිළිතුරු දෙමින්, “ළදරුවා ජීවත් ව සිටිය විට මම නිරාහාර ව සිට ඇඬුවෙමි. මා එසේ කෙළේ, ‘දරුවා ජීවත් වන ලෙස සමිඳාණන් වහන්සේ මට කරුණා කරන සේක් ද, නොකරන සේක් ද කියා කවුරු දනිත් දැ’යි මා සිතූ බැවිනි. එහෙත්, දැන් ඔහු මළ පසු කුමට නිරාහාර ව සිටිම් ද? ඔහු නැවත ගෙන්වාගන්නට පුළුවන් ද? මා ඔහු ළඟට යනවා මිස, ඔහු මා ළඟට එන්නේ නැතැ”යි කී ය.
2 සාමුවෙල් 12:20-23 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 12:20-23 New International Version (NIV)
Then David got up from the ground. After he had washed, put on lotions and changed his clothes, he went into the house of the LORD and worshiped. Then he went to his own house, and at his request they served him food, and he ate. His attendants asked him, “Why are you acting this way? While the child was alive, you fasted and wept, but now that the child is dead, you get up and eat!” He answered, “While the child was still alive, I fasted and wept. I thought, ‘Who knows? The LORD may be gracious to me and let the child live.’ But now that he is dead, why should I go on fasting? Can I bring him back again? I will go to him, but he will not return to me.”