2 සාමුවෙල් 12:20-23

2 සාමුවෙල් 12:20-23 SNRV

එවිට දාවිත් බිමෙන් නැඟිට ස්නානය කොට, තෙල් ගාගෙන, තමාගේ වස්ත්‍ර මාරු කර, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු වී නමස්කාර කොට, ඉන්පසු සිය නිවෙසට ආවේ ය. තවද, ඔහු තමා ඉදිරියෙහි කෑම තබන්න කියා, කෑම කෑවේ ය. එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔබ කළ මේ දේ කුමක් ද? ළදරුවා ජීවත් ව සිටිය දී ඔබ ඔහු නිසා නිරාහාර ව ඇඬුවෙහි ය. එහෙත්, ළදරුවා මැරුණු විට ඔබ නැඟිට කෑම කෑවෙහි ය”යි කී හ. දාවිත් පිළිතුරු දෙමින්, “ළදරුවා ජීවත් ව සිටිය විට මම නිරාහාර ව සිට ඇඬුවෙමි. මා එසේ කෙළේ, ‘දරුවා ජීවත් වන ලෙස සමිඳාණන් වහන්සේ මට කරුණා කරන සේක් ද, නො‍කරන සේක් ද කියා කවුරු දනිත් දැ’යි මා සිතූ බැවිනි. එහෙත්, දැන් ඔහු මළ පසු කුමට නිරාහාර ව සිටිම් ද? ඔහු නැවත ගෙන්වාගන්නට පුළුවන් ද? මා ඔහු ළඟට යනවා මිස, ඔහු මා ළඟට එන්නේ නැතැ”යි කී ය.