2 සාමුවෙල් 10:6-19

2 සාමුවෙල් 10:6-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)

තමන් දාවිත්ට පිළිකුල් වූ වග අම්මොන්වරු දුටු කල, ඔවුහු බෙත්-රෙහෝබ්හි හා සෝබාහි අරාම්වරුන් වෙතින් පාබළ සෙබළු විසිදහසක් ද මාකාහි රජු සමඟ මිනිසුන් දහසක් ද ටෝබ් වෙතින් මිනිසුන් දොළොස් දහසක් ද කුලියට ගත්හ. දාවිත් ඒ වග ඇසූ කල, යෝවාබ් සමඟ මුළු යුධ හමුදාව පිටත් කර යැවී ය. අම්මොන්වරු පිටතට අවුත්, පුර දොරටු පිවිසුමෙහි සටනට පෙළ ගැසුණු අතර, සෝබාහි හා රෙහොබ්හි අරාම්වරු හා ටෝබ්හි හා මාකාහි මිනිස්සු එළිමහන් භූමියේ වෙන වෙනම සිටගත්හ. එවිට යෝවාබ්, තමාට එරෙහිව ඉදිරියෙන් හා පිටුපසින් වූ යුද්ධ සූදානම දැක, ඉශ්‍රායෙල් හේවායින්ගෙන් දක්ෂයින් තෝරා, අරාම්වරුන්ට එරෙහිව ඔවුන් පෙළ ගැස්වී ය. ඔහු සෙසු මිනිසුන් තම සහෝදර අබිෂයි යටතේ තබා, අම්මොන්වරුන්ට එරෙහිව ඔවුන් පෙළ ගැස්සවී ය. යෝවාබ්, කතා කරමින්, “අරාම්වරුන් මට වඩා බොහෝ බලවත් වුණොත්, මගේ උපකාරයට ඔබ ආ යුතුයි. එහෙත් අම්මොන්වරුන් ඔබට වඩා බොහෝ බලවත් වුණොත්, මම ඔබේ උපකාරයට එන්නම්. ශක්තිමත් ව සිටිමින්, අපි අපගේ ජනයා හා අපගේ දෙවියන්වහන්සේගේ පුරවර උදෙසා එඩිතර ව සටන් කරමු. ස්වාමින්වහන්සේ ස්වකීය ඇස් හමුවෙහි යහපත් ව පෙනෙන දේ කරන සේක්වා” යි පැවසී ය. ඉන්පසු යෝවාබ් හා ඔහු සමඟ වූ මිනිස්සු අරාම්වරුන්ට එරෙහිව සටනට ඉදිරියට ගිය කල, ඔවුහු ඔහු ඉදිරියෙන් පලා ගියහ. අරාම්වරුන් පලා යනු දුටු අම්මොන්වරු ද අබිෂයි ඉදිරියෙන් පලා ගොස්, පුරවරය තුළට වැදුණහ. එවිට යෝවාබ් අම්මොන්වරුන් හා සටන් කිරීමෙන් ආපසු හැරී, යෙරුසලමට ආවේ ය. ඉශ්‍රායෙල් අතින් තමන් පැරදුණු වග දුටු අරාම්වරු යළි සංවිධාන වූහ. හදද්එසෙර් යුප්‍රටීස් ගඟ එගොඩින් ද අරාම්වරුන් ගෙන්වා ගත්තේ ය. ඔවුහු හදද්එසෙර්ගේ හමුදාවේ අණ දෙන්නා වන ෂෝබක්ගේ නායකත්වය යටතේ හේලාම් දක්වා ගියහ. දාවිත්ට ඒ වග දැන් වූ කල, ඔහු මුළු ඉශ්‍රායෙල් එක් රැස් කොට, යොර්දානෙන් එතෙර ව, හේලාම් වෙත ගියේ ය. අරාම්වරු දාවිත්ට එරෙහිව යුද්ධ කිරීමට පෙළ ගැසී, ඔහු සමඟ සටන් කළහ. එහෙත් ඔවුහු ඉශ්‍රායෙල් වෙතින් පලා ගියහ. දාවිත් අරාම්වරුන්ගේ රථවල සිටි මිනිසුන් හත්සියයක් ද ඔවුන්ගේ පාබළ සෙබළුන් හතළිස් දහසක් ද මරා දමා, ඔවුන්ගේ හමුදාපති වූ ෂෝබක් ද තුවාල කළෙන්, ඔහු එහිදී මළේ ය. තමන් ඉශ්‍රායෙල් අතින් පරාජය වී සිටින වග දුටු හදද්එසෙර් යටතේ වූ සියලු රජවරු ඉශ්‍රායෙල්වරුන් හා සමඟි වී, ඔවුන්ට යටත් වූහ. එබැවින් අරාම්වරු තවදුරටත් අම්මොන්වරුන්ට උපකාර කිරීමට භය වූහ.

2 සාමුවෙල් 10:6-19 Sinhala Revised Old Version (SROV)

තවද අම්මොන් පුත්‍රයෝ දාවිත් ඉදිරියෙහි තමුන් පිළිකුල්වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්-රෙහෝබ්හි සිරියවරුන්ගෙනුත් ශෝබාහි සිරියවරුන්ගෙනුත් පාබළ සෙනඟ විසි දහසක්ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් දොළොස් දහසක්ද කුලියට ගත්තෝය. දාවිත් ඒ අසා යෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවුවේය. අම්මොන් පුත්‍රයෝ පිටතට ඇවිත් දොරටුව ළඟ යුද්ධයට පිළිවෙළින් සිටියෝය; ශෝබාහිද රෙහෝබ්හිද ටෝබ්හිද මයකාහිද මනුෂ්‍යයොත් භූමියෙහි වෙනම සිටියෝය. ඉස්සරින්ද පස්සෙන්ද යුද්ධය තමාට විරුද්ධව යොදා තිබෙන බව යෝවාබ් දැක සියලු බලවන්ත ඉශ්‍රායෙල්වරුන්ගෙන් පංගුවක් තෝරාගෙන සිරියවරුන්ට විරුද්ධව සිටුවා, අනික් සෙනඟ අම්මොන් පුත්‍රයන්ට විරුද්ධව සිටුවන පිණිස ඔවුන් තමාගේ සහෝදරවූ අබිෂයි අතට භාරදී කථාකොට; සිරියවරුන් මට වඩා බලවත්වුණොත් නුඹ මට උපකාරකරන්න. අම්මොන් පුත්‍රයන් නුඹට වඩා බලවත්වුණොත් මම ඇවිත් නුඹට උපකාරකරන්නෙමි. ධෛර්යවත්ව සිටින්න, අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන්වහන්සේගේ නුවරවල් උදෙසාත් බලවත්ව සිටිමු. ස්වාමීන්වහන්සේ තමන්ට යහපත්ව පෙනෙන ලෙස කරනසේක්වයි කීය. මෙසේ යෝවාබ්ද ඔහු සමඟ සිටි සෙනඟද සිරියවරුන්ට විරුද්ධව සටනට ළංවූහ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය. සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයෝ දැක ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් අම්මොන් පුත්‍රයන් වෙතින් යෙරුසලමට හැරී ආයේය. සිරියවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක එකට රැස්වූවෝය. හදර්එසෙර්ද ප්‍රාත් ගංගාවට එගොඩින් සිටිය සිරියවරුන් ගෙන්වාගත්තේය. ඔව්හුද ඔවුන්ට පෙරටුව හදර්එසෙර්ගේ සේනාපතියාවූ ෂෝබාද හේලාම්ට ආවෝය. එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩවී හේලාම්ට ගියේය. සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝබාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය. එවිට හදර්එසෙර්ට සේවකයෝවූ සියලු රජවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන්ට සේවයකළෝය. මෙසේ සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට භයවූහ.

2 සාමුවෙල් 10:6-19 Sinhala New Revised Version (NRSV)

තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළො‍ස්දහසක් ද කුලියට ගත්හ. දාවිත් ඒ අසා, ජෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවී ය. අම්මොන්වරු පිටතට අවුත්, දොරටුව ළඟ යුද්ධය සඳහා පෙළගැසී සිටියහ. ශෝබාහි ද රෙහොබ්හි ද සිරියන්වරුත්, ටෝබ්හි ද මයකාහි ද මිනිස්සුත් එළිමහනේ භූමියෙහි වෙන වෙන ම සිටගත්හ. පෙරටුවෙන් ද පිටු පසින් ද සටන තමාට විරුද්ධ ව යොමු ව තිබෙන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන් අතරෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා, සෙසු සෙනඟ අම්මොන්වරුන්ට විරුද්ධ ව සිටුවන පිණිස ඔහු තමාගේ සහෝදර අබිෂයි අතට භාර දී, ඔහුට කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවන්ත වූවොත් ඔබ මට උපකාර කරන්න; අම්මොන්වරුන් ඔබට වඩා බලවන්ත වූවොත් මම අවුත් ඔබට උපකාර කරන්නෙමි. අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය. මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ජෝවාබ් ඉදිරියෙන් පලා ගියහ. සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දැක, ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුල් වූ හ. එවිට ජෝවාබ් අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ජෙරුසලමට පෙරළා ආවේ ය. සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක එක්රැස් වූ හ. හදද්-එශෙර් ද යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්තේ ය. ඔව්හු ඔවුන්ට පෙරටු ව හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝබා සමඟ හේලාම් නගරයට පැමිණියහ. එපවත් දාවිත් රජුට දැන්වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානින් එගොඩ වී හේලාම් නගරයට ගියේ ය. සිරියන්වරුන් ද දාවිත් රජුට විරුද්ධ ව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන් කළ විට ඔව්හු ඉශ්රායෙල් ඉදිරියෙන් පලා ගියහ. දාවිත් සිරියන්වරුන්ගේ රියැදුරන් හත්සියයක් ද අසරුවන් සතළිස්දහසක් ද මරා, ඔවුන්ගේ සෙන්පති ෂෝබාටත් පහර දුන්නේ ය. ඔහු එතැන ම මළේ ය. එවිට හදද්-එශෙර්ගේ සේවකයන් වන සියලු රජවරු තමන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක, ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන ගිවිසගෙන ඔවුන්ට සේවය කළහ. මෙසේ සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්නට බිය වූ හ.

2 සාමුවෙල් 10:6-19 Sinhala New Revised Version 2018 (SNRV)

2 සාමුවෙල් 10:6-19 New International Version (NIV)

When the Ammonites realized that they had become obnoxious to David, they hired twenty thousand Aramean foot soldiers from Beth Rehob and Zobah, as well as the king of Maakah with a thousand men, and also twelve thousand men from Tob. On hearing this, David sent Joab out with the entire army of fighting men. The Ammonites came out and drew up in battle formation at the entrance of their city gate, while the Arameans of Zobah and Rehob and the men of Tob and Maakah were by themselves in the open country. Joab saw that there were battle lines in front of him and behind him; so he selected some of the best troops in Israel and deployed them against the Arameans. He put the rest of the men under the command of Abishai his brother and deployed them against the Ammonites. Joab said, “If the Arameans are too strong for me, then you are to come to my rescue; but if the Ammonites are too strong for you, then I will come to rescue you. Be strong, and let us fight bravely for our people and the cities of our God. The LORD will do what is good in his sight.” Then Joab and the troops with him advanced to fight the Arameans, and they fled before him. When the Ammonites realized that the Arameans were fleeing, they fled before Abishai and went inside the city. So Joab returned from fighting the Ammonites and came to Jerusalem. After the Arameans saw that they had been routed by Israel, they regrouped. Hadadezer had Arameans brought from beyond the Euphrates River; they went to Helam, with Shobak the commander of Hadadezer’s army leading them. When David was told of this, he gathered all Israel, crossed the Jordan and went to Helam. The Arameans formed their battle lines to meet David and fought against him. But they fled before Israel, and David killed seven hundred of their charioteers and forty thousand of their foot soldiers. He also struck down Shobak the commander of their army, and he died there. When all the kings who were vassals of Hadadezer saw that they had been routed by Israel, they made peace with the Israelites and became subject to them. So the Arameans were afraid to help the Ammonites anymore.