තවද, අම්මොන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක, පණිවුඩකාරයන් යවා, බෙත්-රෙහොබ්හි සිරියන්වරුන්ගෙනුත්, ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබළ සෙනඟ විසිදහසක් ද මිනිසුන් දහසක් සමඟ මයකාහි රජු ද ටෝබ්හි මිනිසුන් දොළොස්දහසක් ද කුලියට ගත්හ. දාවිත් ඒ අසා, ජෝවාබ් හා බලවන්තයන් වන මුළු සේනාව යැවී ය. අම්මොන්වරු පිටතට අවුත්, දොරටුව ළඟ යුද්ධය සඳහා පෙළගැසී සිටියහ. ශෝබාහි ද රෙහොබ්හි ද සිරියන්වරුත්, ටෝබ්හි ද මයකාහි ද මිනිස්සුත් එළිමහනේ භූමියෙහි වෙන වෙන ම සිටගත්හ. පෙරටුවෙන් ද පිටු පසින් ද සටන තමාට විරුද්ධ ව යොමු ව තිබෙන බව ජෝවාබ් දැක, සියලු බලවන්ත ඉශ්රායෙල්වරුන් අතරෙන් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධ ව සිටුවා, සෙසු සෙනඟ අම්මොන්වරුන්ට විරුද්ධ ව සිටුවන පිණිස ඔහු තමාගේ සහෝදර අබිෂයි අතට භාර දී, ඔහුට කතා කොට, “සිරියන්වරුන් මට වඩා බලවන්ත වූවොත් ඔබ මට උපකාර කරන්න; අම්මොන්වරුන් ඔබට වඩා බලවන්ත වූවොත් මම අවුත් ඔබට උපකාර කරන්නෙමි. අපේ සෙනඟ උදෙසාත්, අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න; ස්ථිර ව සිටින්න; සමිඳාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා”යි කී ය. මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ජෝවාබ් ඉදිරියෙන් පලා ගියහ. සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දැක, ඔව්හු අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුල් වූ හ. එවිට ජෝවාබ් අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කොට ජෙරුසලමට පෙරළා ආවේ ය. සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක එක්රැස් වූ හ. හදද්-එශෙර් ද යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්තේ ය. ඔව්හු ඔවුන්ට පෙරටු ව හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝබා සමඟ හේලාම් නගරයට පැමිණියහ. එපවත් දාවිත් රජුට දැන්වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානින් එගොඩ වී හේලාම් නගරයට ගියේ ය. සිරියන්වරුන් ද දාවිත් රජුට විරුද්ධ ව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන් කළ විට ඔව්හු ඉශ්රායෙල් ඉදිරියෙන් පලා ගියහ. දාවිත් සිරියන්වරුන්ගේ රියැදුරන් හත්සියයක් ද අසරුවන් සතළිස්දහසක් ද මරා, ඔවුන්ගේ සෙන්පති ෂෝබාටත් පහර දුන්නේ ය. ඔහු එතැන ම මළේ ය. එවිට හදද්-එශෙර්ගේ සේවකයන් වන සියලු රජවරු තමන් ඉශ්රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක, ඉශ්රායෙල්වරුන් සමඟ සාමදාන ගිවිසගෙන ඔවුන්ට සේවය කළහ. මෙසේ සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්නට බිය වූ හ.
2 සාමුවෙල් 10 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 සාමුවෙල් 10:6-19
3 Days
Part 1 of "I Am A Warrior" is for every man who desires to be a warrior for God, and to be ready to fight the battles of life with Him each day. This plan by Dr. Kim Kimberling will help you become more of the warrior God created you to be.
21 Days
2 Samuel depicts the ascension and reign of King David following the death of Saul and Jonathan. David united the kingdom, established Jerusalem as the capital city, and extended the territory of Israel. At the crescendo of the book, God promises David that "your throne shall be established forever" (2 Samuel 7:16). Despite David's wickedness, God ultimately fulfills his promises to David through the person and work of Jesus Christ.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ