2 රාජාවලිය 19:1-19
2 රාජාවලිය 19:1-19 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හෙසකියා රජු ඒ ඇසූ කල, තම හැඳිවත් ඉරාගෙන, ගෝණි රෙදි ඇඟ දවටා, ස්වාමින්වහන්සේගේ ගෘහයට ඇතුළු විය. තවද ගෝණි රෙදි හැඳි රජ මැදුරු පාලක එලියාකීම් ද ලේකම්වරයා වූ ෂෙබ්නා ද ප්‍රධාන පූජකයින් ද ඔහු ආමෝස්ගේ පුත්‍ර දිවැසිවර යෙසායා වෙත පිටත් කළේ ය. ඔවුහු ඔහු අමතා, “හෙසකියා මෙසේ කියයි: ‘අද දවස විපත්තියේ, තරවටුවේ හා නින්දාවේ දවසක්; දරුවන් උපදින මොහොතට පැමිණ ඇති නමුත් ඔවුන් බිහි කරන්නට ශක්තිය නැත. ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්නට, ඔහුගේ ස්වාමියා වන අසිරියාවේ රජු විසින් එවන ලද ක්ෂේත්‍ර අණ දෙන්නාගේ සියලු වචන ඇතැම් විට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අසන්නට ඇත. ඇතැම් විට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඇසූ වදන් ගැන උන්වහන්සේ ඔහුට තරවටු කරනු ඇත. එබැවින් තවමත් ජීවත් ව සිටින ඉතිරි ස්වල්ප දෙනා උදෙසා යාච්ඤාව ඔසවන්න’ කියා කියතැ” යි පැවසූහ. හෙසකියා රජුගේ නිලධාරීන් යෙසායා වෙත ආ කල, ඔවුන් ඇමතූ යෙසායා, “ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක කියා ඔබේ හාම්පුතාට කියන්න: ‘ඔබ ඇසූ දෑ ගැන, අසිරියාවේ රජුගේ සේවකයින් මට කළ අපහාසයේ වචන ගැන, භය නො වන්න. ඔන්න! කිසියම් ආරංචියක් අසා තමාගේ ම රටට ආපසු හැරී යන පිණිස, මම ඔහු තුළ ආත්මයක් තබමි. ඔහුගේ ම දේශයේදී ඔහු කඩු මුවහතින් වැටෙන්නට මම සලස්වන්නෙමි’ යි” පැවසී ය. අසිරියාවේ රජු ලාකීෂ් පෙදෙස හැර ගොස් ඇති වග ක්ෂේත්‍ර අණ දෙන්නාට සැල වූයෙන්, ඔහු ආපසු ගියේ ය. රජු ලිබ්නා පුරයට එරෙහිව සටන් වැද සිටිනු ඔහුට හමු විණි. එකල කූෂීය රජු වූ තිර්හාකා පිළිබඳව, “ඔබට එරෙහිව සටන් වදින්නට ඔහු පිටත් ව එන්නේ ය” යන පුවතක් සෙනකෙරීබ් රජුට ලැබිණ. එබැවින් ඔහු නැවතත් හෙසකියා රජු වෙත පණිවුඩකරුවන් පිටත් කර, මෙසේ දැන්වී ය. “යූදාහි රජු වූ හෙසකියාට ඔබ මෙසේ කියන්න: ‘අසිරියාවේ රජු අතට යෙරුසලම යටත් කර දෙනු නො ලැබේ ය’ කියමින් ඔබ රවටන්නට ඔබ විශ්වාසය තබන දෙවියන්වහන්සේට ඉඩ නො දෙන්න. මෙන්න, අසිරියාවේ රජුන් හැම රටක් ම විනාශයට කැප කරමින්, ඒවාට කළ හදිය ගැන ඔබ අසා ඇත. ඉදින්, ඔබට ගැලවිය හැකි වේ ද? මගේ පියවරුන් විනාශ කළ ජාතීන්ගේ දෙවිවරුන් වන ගෝසාන්, හාරාන්, රෙසෙෆ් හා තෙලස්සාර්හි එදෙන් ජනයාගේ දෙවිවරුන් ඔවුන් මුදා ගත්තා ද? හමාත්හි රජු කොහේ ද? අර්පාද්හි රජු කොහේ ද? සෙෆර්වයිම් පුරෙහි රජු හෝ හේනාහි හෝ ඉව්වාහි හෝ රජුන් කොහේ ද?” පණිවුඩකරුවන් වෙතින් ලිපිය ගත් හෙසකියා එය කියවී ය. ඉන්පසු හෙසකියා ස්වාමින්වහන්සේගේ ගෘහය වෙත ගොස්, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි එය දිග හළේ ය. හෙසකියා ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ! ස්වාමින්වහන්ස, කෙරුබ්වරුන් මැද සිංහාසනාරූඪ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන්ට දෙවියන්වහන්සේ ඔබ ය. ඔබ පමණක් ම ය. අහසත්, පොළොවත් මැවුවේ ඔබවහන්සේ ය. සවන් දී අසන්න, අහෝ ස්වාමින්වහන්ස; ඔබේ ඇස් විවර කර බලන්න, අහෝ ස්වාමින්වහන්ස; ජීවමාන දෙවියන්වහන්සේට නිග්‍රහ කරමින් සෙනකෙරීබ් විසින් එවන ලද වචනවලට සවන් දෙන්න. “අහෝ ස්වාමින්වහන්ස, ඒ ජනයින් හා ඔවුන්ගේ දේශ අසිරියාවේ රජුන් විසින් වනසා දමන ලද වග සැබෑ ය. ඔවුහු ඒ ජාතීන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුෑහ. මන්ද ඔවුන් දෙවිවරුන් නො වෙයි. මිනිස් අතින් නිමැවුණු ලී හා ගල් පමණක් ම ය. එබැවින් ඔවුහු විනාශ කරන ලදහ. එබැවින් දැන් අහෝ ස්වාමින්වහන්ස, අපේ දෙවියන්වහන්ස, මිහි පිට සියලු රාජ්‍යයන් ස්වාමින්වහන්සේ වන ඔබ පමණක් දෙවියන්වහන්සේ වග දැනගන්නා පිණිස, ඔහු අතින් අප මුදා ගත මැනව” යි ඉල්ලී ය.
2 රාජාවලිය 19:1-19 Sinhala Revised Old Version (SROV)
හෙසකියා රජ ඒ අසා තමාගේ ඇඳුම් ඉරා, ගෝණි රෙදි පෙරවාගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වුණේය. තවද ඔහු රජගෙදර ප්‍රධානියා වන එලියාකිම්ද ෂෙබ්නා ලේකම්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට ඇරියේය. ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය–අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්ට ශක්තිය නැත. ජීවමාන දෙවියන්වහන්සේට අපහාස කරන්ට අෂූර්හි රජු විසින් එවුවාවූ, ඔහුගේ සේවකවූ රබ්-ෂාකේගේ සියලු වචන සමහරවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අසා ඒ ඇසූ වචනවලට උන්වහන්සේ ප්‍රති තර්ජනයක් කරනසේක. එබැවින් තවම ඉතුරුව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පුකරන්නැයි කියන්නේයයි කීවෝය. මෙසේ හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමුණුණෝය. යෙසායා ඔවුන්ට කථාකොට: නුඹ ඇසුවාවූ, අෂූර්හි රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කීවාවූ වචනවලට භයනොවන්න. ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය. අෂූර්හි රජු ලාකීෂ්හි සිට පිටත්ව ගිය බව රබ්-ෂාකේ අසා හැරීගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය. කූෂ්හි රජවූ තිර්හාකා රජ නුඹට විරුද්ධව යුද්ධකරන්ට එන්නේයයි ඔහුට සැලවිය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත පණිවිඩකාරයන් එවා: නුඹලා යූදාහි රජවූ හෙසකියාට මෙසේ කියන්න–අෂූර්හි රජු අතට යෙරුසලම අසුනොවන්නේය කියා නුඹ විශ්වාසකරන නුඹේ දෙවියන්වහන්සේට නොරැවටෙන්න. මෙන්න, අෂූර්හි රජවරුන් සියලු දේශවලට කළ දේ එනම් ඒවා විනාශකර දැමූ බව නුඹ අසා තිබේ. එසේ නම් නුඹ ගැළවෙනවා ඇද්ද? මාගේ පියවරුන් විසින් නැතිකළාවූ ගෝසාන්ද හාරාන්ද රෙශෙප්ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් පුත්‍රයන්ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවාගත්තෝද? හමාත්හි රජද අර්පාද්හි රජද සෙපර්වයිම් නුවරෙත් හේනාහිත් ඉව්වාහිත් රජද කොතැනදැයි කියන්නැයි කීවේය. හෙසකියා පණිවිඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස්, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒක විදහා පා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකරමින්: කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබම, ඔබ පමණක්ම දෙවියන්වහන්සේය; ඔබ අහසත් පොළොවත් මැවූසේක. ස්වාමීන්වහන්ස, ඔබගේ කන නමා ඇසුවමැනව; ස්වාමීන්වහන්ස, ඔබගේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන්වහන්සේට අපහාසකරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව. ස්වාමීන්වහන්ස, අෂූර්හි රජවරුන් ජාතීන්ද ඔවුන්ගේ දේශවල්ද පාළුකොට ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයවූ ලී සහ ගල් ව තිබුණේය; ඒ නිසා ඔව්හු ඒවා විනාශකළෝය. එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබම, ඔබ පමණක්ම ස්වාමිවූ දෙවියන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.
2 රාජාවලිය 19:1-19 Sinhala New Revised Version (NRSV)
හෙසකියා රජ ඒ අසා දුකින් තම ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු විය. තවද, ඔහු රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම්ට ද ෂෙබ්නා ලේකම්ට ද පූජකයන්ගේ මූලිකයන්ට ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත් යෙසායා දිවැසිවරයා ළඟට යැවී ය. ඔව්හු ඔහුට කතා කොට, “හෙසකියා මෙසේ කියන්නේ ය: ‘අද දවස දුක ද තරවටුව ද අපහාසය ද ඇති දවසකි. මන්ද, ළදරුවන් බිහි වන්නට ළං ව සිටින නමුත්, ප්‍රසූත කරන්නට ශක්තිය නැත. ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ. මෙසේ කියා හෙසකියා රජුගේ මෙහෙකරුවෝ යෙසායා ළඟට පැමිණිය හ. යෙසායා ඔවුන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ඔබට ඇසුණු අසිරියාවේ රජුගේ සේවකයන් විසින් මට අපහාස කොට කියන ලද වචනවලට බිය නොවන්න. ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරී යන ලෙස මම ඔහුගේ සිතට අදහසක් දමා, ඔහුගේ දේශයේ දී ඔහු කඩුවෙන් මැරී වැටෙන්නට සලස්වන්නෙමි’යි කියා ඔබේ ස්වාමියාට දන්වන්නැ”යි කී ය. අසිරියාවේ රජු ලාකීෂ්හි සිට පිටත් ව ගිය බව රබ්-ෂාකේ අසා, ඔහු හැරී ගිය විට, රජු ලිබ්නාට විරුද්ධ ව යුද්ධ කරන බව දැනගත්තේ ය. “කුෂ්හි රජු වන තිර්හාකා රජ ඔබට විරුද්ධ ව යුද්ධ කරන්නට එන්නේ යැ”යි ඔහුට සැළ විය. එවිට ඔහු හෙසකියා ළඟට නැවත දූතයන් එවා, “ඔබ ජුදාහි රජු වන හෙසකියාට මෙසේ කියන්න: අසිරියාවේ රජු අතට ජෙරුසලම අසු නොවන්නේ ය කියා ඔබ විශ්වාස කරන ඔබේ දෙවියන් වහන්සේට නොරැවටෙන්න. මෙන්න, අසිරියාවේ රජවරුන් සියලු දේශවලට කළ දේ එනම්, ඒවා විනාශ කරදැමූ බව ඔබ අසා තිබේ. එසේ නම්, ඔබ ගැළවෙනු ඇද් ද? මාගේ පියවරුන් නැති කළ ගෝශාන් ද හාරාන් ද රෙශෙප් ද තෙලෙස්සාර්හි සිටි ඒදෙන් ජාතිකයන් ද යන ජාතීන්ගේ දෙවිවරු ඔවුන් ගළවා ගත්තෝ ද? හමාත්හි රජ ද අර්පාද්හි රජ ද සෙපර්වයිම් නුවරත්, හේනාහිත්, ඉව්වාහිත් රජ ද කොතැන දැ”යි ඇසී ය. හෙසකියා පණිවුඩකාරයන් අතින් ලියුම ගෙන කියවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගොස්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය විදහා පා, උන් වහන්සේ ඉදිරියෙහි යාච්ඤා කරමින්, “කෙරුබ්වරුන් අතර වැඩ වසන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ ම, ඔබ පමණක් ම, දෙවියන් වහන්සේ ය; ඔබ අහසත්, පොළොවත් මැවූ සේක. සමිඳාණන් වහන්ස, ඔබේ කන යොමු කොට ඇසුව මැනව; සමිඳාණන් වහන්ස, ඔබේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව; සමිඳාණන් වහන්ස, අසිරියාවේ රජවරුන් ජාතීන් ද ඔවුන්ගේ දේශ ද පාළු කොට, ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑ ය. මන්ද, ඒවා දෙවිවරුන් නොව මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්ත වන ලී සහ ගල් ය. ඒ නිසා ඔව්හු ඒවා විනාශ කළහ. එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය.
2 රාජාවලිය 19:1-19 Sinhala New Revised Version 2018 (SNRV)

2 රාජාවලිය 19:1-19 New International Version (NIV)
When King Hezekiah heard this, he tore his clothes and put on sackcloth and went into the temple of the LORD. He sent Eliakim the palace administrator, Shebna the secretary and the leading priests, all wearing sackcloth, to the prophet Isaiah son of Amoz. They told him, “This is what Hezekiah says: This day is a day of distress and rebuke and disgrace, as when children come to the moment of birth and there is no strength to deliver them. It may be that the LORD your God will hear all the words of the field commander, whom his master, the king of Assyria, has sent to ridicule the living God, and that he will rebuke him for the words the LORD your God has heard. Therefore pray for the remnant that still survives.” When King Hezekiah’s officials came to Isaiah, Isaiah said to them, “Tell your master, ‘This is what the LORD says: Do not be afraid of what you have heard—those words with which the underlings of the king of Assyria have blasphemed me. Listen! When he hears a certain report, I will make him want to return to his own country, and there I will have him cut down with the sword.’ ” When the field commander heard that the king of Assyria had left Lachish, he withdrew and found the king fighting against Libnah. Now Sennacherib received a report that Tirhakah, the king of Cush, was marching out to fight against him. So he again sent messengers to Hezekiah with this word: “Say to Hezekiah king of Judah: Do not let the god you depend on deceive you when he says, ‘Jerusalem will not be given into the hands of the king of Assyria.’ Surely you have heard what the kings of Assyria have done to all the countries, destroying them completely. And will you be delivered? Did the gods of the nations that were destroyed by my predecessors deliver them—the gods of Gozan, Harran, Rezeph and the people of Eden who were in Tel Assar? Where is the king of Hamath or the king of Arpad? Where are the kings of Lair, Sepharvaim, Hena and Ivvah?” Hezekiah received the letter from the messengers and read it. Then he went up to the temple of the LORD and spread it out before the LORD. And Hezekiah prayed to the LORD: “LORD, the God of Israel, enthroned between the cherubim, you alone are God over all the kingdoms of the earth. You have made heaven and earth. Give ear, LORD, and hear; open your eyes, LORD, and see; listen to the words Sennacherib has sent to ridicule the living God. “It is true, LORD, that the Assyrian kings have laid waste these nations and their lands. They have thrown their gods into the fire and destroyed them, for they were not gods but only wood and stone, fashioned by human hands. Now, LORD our God, deliver us from his hand, so that all the kingdoms of the earth may know that you alone, LORD, are God.”