2 කොරින්ති 9:1-3
2 කොරින්ති 9:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ශුද්ධවතුනට සේවය කිරීම ගැන මා ඔබට ලිවීම අවශ්‍ය නැත. මන්ද අකාය වාසීන් පසුගිය වසරේ සිට ම සූදානමින් සිටින බැව් පවසමින්, මකිදෝනියෙහි ජනයාට ඔබ ගැන මා කළ පාරට්ටුව ලෙස, ඔබගේ ලැදි සූදානම ගැන මම දනිමි. ඔවුන් වැඩි දෙනකු පොලඹවනු ලැබුවේ ඔබගේ එම උද්යෝගයයි. මේ ගැන සූදානමින් සිටින්නේ යයි මා පැවසූ ලෙස ඔබ සූදානමින් සිටින පිණිස, මා මේ සහෝදරයින් එවන්නේ, මේ සම්බන්ධ ව ඔබ ගැන වූ අපගේ පාරට්ටුව හිස් නො වන පිණිස ය.
2 කොරින්ති 9:1-3 Sinhala Revised Old Version (SROV)
ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීම ගැන මා විසින් නුඹලාට ලිවීම ඕනෑ නැත. මක්නිසාද නුඹලාගේ මනාපකම දනිමි, අකාය ගිය අවුරුද්දේ පටන්ම සූදානම්ව සිටියායයි මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි; නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය. එසේවී නුමුත් මේ ගැන නුඹලා උදෙසා අපේ පාරට්ටුව හිස් නොවන පිණිසද මා කී හැටියට නුඹලා සූදානම්ව සිටින පිණිසද සහෝදරයන් එවීමි.
2 කොරින්ති 9:1-3 Sinhala New Revised Version (NRSV)
සැදැහැවතුන්ට ආධාර දීම ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත. ඔබගේ උද්යෝගය ගැන මම දනිමි. ගිය අවුරුද්දේ සිට ම ග්‍රීසියේ වාසීන් වන ඔබ ආධාර දීමට සූදානම් ව සිටි බව කියමින් මසිදෝනියේ වැසියන්ට ඔබ ගැන පාරට්ටු කෙළෙමි. තවද ඔබගේ උද්යෝගය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් උනන්දු කර ඇත. ඔබ ගැන අප කළ පාරට්ටුව බොරුවක් නොවන පිණිස මම සහෝදරයන් එවමි. එසේ කරන්නේ ඔබ සූදානම් ව සිටිනවා යයි මා කී ලෙස ම ඔබ සූදානම් ව සිටින පිණිස ය.
2 කොරින්ති 9:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
සැදැහැවතුන්ට ආධාර දීම ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත. ඔබගේ උද්යෝගය ගැන මම දනිමි. ගිය අවුරුද්දේ සිට ම ග්‍රීසියේ වාසීන් වන ඔබ ආධාර දීමට සූදානම් ව සිටි බව කියමින් මසිදෝනියේ වැසියන්ට ඔබ ගැන පාරට්ටු කෙළෙමි. තවද ඔබගේ උද්යෝගය ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුන් උනන්දු කර ඇත. ඔබ ගැන අප කළ පාරට්ටුව බොරුවක් නොවන පිණිස මම සහෝදරයන් එවමි. එසේ කරන්නේ ඔබ සූදානම් ව සිටිනවා යයි මා කී ලෙස ම ඔබ සූදානම් ව සිටින පිණිස ය.
2 කොරින්ති 9:1-3 New International Version (NIV)
There is no need for me to write to you about this service to the Lord’s people. For I know your eagerness to help, and I have been boasting about it to the Macedonians, telling them that since last year you in Achaia were ready to give; and your enthusiasm has stirred most of them to action. But I am sending the brothers in order that our boasting about you in this matter should not prove hollow, but that you may be ready, as I said you would be.