2 කොරින්ති 9:1-3

2 කොරින්ති 9:1-3 SROV

ශුද්ධවන්තයන්ට උපස්ථානකිරීම ගැන මා විසින් නුඹලාට ලිවීම ඕනෑ නැත. මක්නිසාද නුඹලාගේ මනාපකම දනිමි, අකාය ගිය අවුරුද්දේ පටන්ම සූදානම්ව සිටියායයි මකිදෝනිවරුන්ට නුඹලා ගැන පාරට්ටුකරමි; නුඹලාගේ ජ්වලිතකමින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පොලඹවනු ලැබුවෝය. එසේවී නුමුත් මේ ගැන නුඹලා උදෙසා අපේ පාරට්ටුව හිස් නොවන පිණිසද මා කී හැටියට නුඹලා සූදානම්ව සිටින පිණිසද සහෝදරයන් එවීමි.