1 සාමුවෙල් 7:12-17

1 සාමුවෙල් 7:12-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ඉන්පසු සාමුවෙල් ගලක් ගෙන, මිස්පා හා ෂේන් අතර එය පිහිටුවා, “මෙතරම් දුරක් ස්වාමින්වහන්සේ අපට පිහිට වූ සේකැ” යි කියමින්, එබෙන්-ඒසෙර් යයි ඊට නම් තැබී ය. මෙසේ යටත් කරනු ලැබූ පිලිස්තිවරුන් යළි ඉශ්‍රායෙල් ප්‍රදේශ ආක්‍රමණ කළේ නැත. ස්වාමින්වහන්සේගේ හස්තය සාමුවෙල්ගේ ජීවිත කාලය පුරා ම පිලිස්තිවරුන්ට එරෙහිව පැවැත්තේ ය. ඉශ්‍රායෙල් වෙතින් පිලිස්තිවරුන් අල්ලාගෙන තිබූ එක්‍රෝන් සිට ගාත් දක්වා වූ නගර ඉශ්‍රායෙලයට යළි දෙනු ලැබිණ. එම නගර අයත් ප්‍රදේශ ඉශ්‍රායෙල්වරු පිලිස්ති ග්‍රහණයෙන් මුදා ගත්හ. ඉශ්‍රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ ද සාමය පැවතිණ. සාමුවෙල් තම ජීවිතයේ සියලු දවස්හි ඉශ්‍රායෙල් ජනයා විනිශ්චය කළේ ය. ඔහු වසරක් පාසා බෙතෙල් වෙත ද ගිල්ගාල් වෙත ද මිස්පා වෙත ද යමින්, ඒ සියලු තැන්හි ඉශ්‍රායෙල්වරුන් විනිශ්චය කරමින්, චාරිකා කළේ ය. ඒ හැම විටෙක ඔහු රාමා වෙත ආපසු යන්නේ ය. ඔහුගේ නිවස තිබුණේ එහි ය. එහි සිට ද ඔහු ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය. ස්වාමින්වහන්සේට පූජාසනයක් ඔහු එහි ඉදි කළේ ය.

1 සාමුවෙල් 7:12-17 Sinhala Revised Old Version (SROV)

එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය. මෙසේ පිලිස්තිවරු යටත්කරනු ලැබ, තවත් ඉශ්‍රායෙල්ගේ සීමාවට ඇතුල්නුවූහ. ස්වාමීන්වහන්සේගේ හස්තයද සාමුවෙල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව තිබුණේය. පිලිස්තිවරුන් විසින් එක්‍රොන් පටන් ගාත් දක්වා ඉශ්‍රායෙල්වරුන්ගෙන් ගත්තාවූ නුවරවල් ඉශ්‍රායෙල්වරුන්ට නැවත ලැබුණේය; ඉශ්‍රායෙල්වරු ඒවායේ සීමාවලුත් පිලිස්තිවරුන්ගේ අතින් ගළවාගත්තෝය. ඉශ්‍රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ සමාදානය පැවතුණේය. සාමුවෙල් තමාගේ ජීවිතයේ සියලු දවස්වල ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. ඔහු අවුරුද්දෙන් අවුරුද්ද පිටත්වී බෙතෙල්ටත් ගිල්ගාල්ටත් මිශ්පාටත් පිළිවෙළින් ගොස්, ඒ සියලු ස්ථානවලදී ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකර, රාමාට හැරී ආවේය, මක්නිසාද ඔහුගේ ගෙය තිබුණේ එහිය; එහිදී ඔහු ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. ඔහු එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.

1 සාමුවෙල් 7:12-17 Sinhala New Revised Version (NRSV)

එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පා නගරයටත්, ෂේන් නගරයටත් අතරේ තබා, “මෙතැන් දක්වා සමිඳාණන් වහන්සේ අපට පිහිට වූ සේකැ”යි කියමින් ඊට ‘එබෙන්-එශෙර් ය’යි නම තැබුවේ ය. මෙසේ පිලිස්තිවරු පරාජය වී ඉශ්රායෙල් දේශයේ සීමාවට ඇතුළු නො වූ හ. සාමුවෙල්ගේ මුළු ජීවිත කාලය තුළ සමිඳාණන් වහන්සේගේ බාහු බලය පිලිස්තිවරුන්ට විරුද්ධ ව පැවතුණේ ය. පිලිස්තිවරුන් විසින් එක්‍රොන් සිට ගාත් දක්වා ඉශ්රායෙල්වරුන්ගෙන් ගන්නා ලද නගර ආපසු ඉශ්රායෙල්වරුන්ට දෙන ලද්දේ ය. ඉශ්රායෙල්වරු සියලු දේශ සීමාවන් පිලිස්තිවරුන්ගේ අතෙන් මුදාගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතර සාමදානය ද පැවතිණි. සාමුවෙල් ජීවිතාන්තය දක්වා ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. ඔහු වසරක් පාසා වසරක් බෙතෙල්ටත්, ගිල්ගාල්ටත්, මිශ්පාටත් පිළිවෙළින් ගොස් ඒ ඒ ස්ථානවල දී ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. ඉන්පසු ඔහු රාමා නගරයට ගියේ ය. මන්ද, ඔහුගේ ගෙය තිබුණේ එහි බැවිනි. එහි දී ද ඔහු ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ ය. තවද, ඔහු එහි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනැඟුවේ ය.

1 සාමුවෙල් 7:12-17 Sinhala New Revised Version 2018 (SNRV)