1 සාමුවෙල් 7:12-17

1 සාමුවෙල් 7:12-17 SROV

එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය. මෙසේ පිලිස්තිවරු යටත්කරනු ලැබ, තවත් ඉශ්‍රායෙල්ගේ සීමාවට ඇතුල්නුවූහ. ස්වාමීන්වහන්සේගේ හස්තයද සාමුවෙල්ගේ සියලු දවස්වල පිලිස්තිවරුන්ට විරුද්ධව තිබුණේය. පිලිස්තිවරුන් විසින් එක්‍රොන් පටන් ගාත් දක්වා ඉශ්‍රායෙල්වරුන්ගෙන් ගත්තාවූ නුවරවල් ඉශ්‍රායෙල්වරුන්ට නැවත ලැබුණේය; ඉශ්‍රායෙල්වරු ඒවායේ සීමාවලුත් පිලිස්තිවරුන්ගේ අතින් ගළවාගත්තෝය. ඉශ්‍රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ සමාදානය පැවතුණේය. සාමුවෙල් තමාගේ ජීවිතයේ සියලු දවස්වල ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. ඔහු අවුරුද්දෙන් අවුරුද්ද පිටත්වී බෙතෙල්ටත් ගිල්ගාල්ටත් මිශ්පාටත් පිළිවෙළින් ගොස්, ඒ සියලු ස්ථානවලදී ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකර, රාමාට හැරී ආවේය, මක්නිසාද ඔහුගේ ගෙය තිබුණේ එහිය; එහිදී ඔහු ඉශ්‍රායෙල් විනිශ්චයකෙළේය. ඔහු එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.

1 සාමුවෙල් 7:12-17 සඳහා වීඩියෝව