ඉන්පසු සාමුවෙල් ගලක් ගෙන, මිස්පා හා ෂේන් අතර එය පිහිටුවා, “මෙතරම් දුරක් ස්වාමින්වහන්සේ අපට පිහිට වූ සේකැ” යි කියමින්, එබෙන්-ඒසෙර් යයි ඊට නම් තැබී ය. මෙසේ යටත් කරනු ලැබූ පිලිස්තිවරුන් යළි ඉශ්‍රායෙල් ප්‍රදේශ ආක්‍රමණ කළේ නැත. ස්වාමින්වහන්සේගේ හස්තය සාමුවෙල්ගේ ජීවිත කාලය පුරා ම පිලිස්තිවරුන්ට එරෙහිව පැවැත්තේ ය. ඉශ්‍රායෙල් වෙතින් පිලිස්තිවරුන් අල්ලාගෙන තිබූ එක්‍රෝන් සිට ගාත් දක්වා වූ නගර ඉශ්‍රායෙලයට යළි දෙනු ලැබිණ. එම නගර අයත් ප්‍රදේශ ඉශ්‍රායෙල්වරු පිලිස්ති ග්‍රහණයෙන් මුදා ගත්හ. ඉශ්‍රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ ද සාමය පැවතිණ. සාමුවෙල් තම ජීවිතයේ සියලු දවස්හි ඉශ්‍රායෙල් ජනයා විනිශ්චය කළේ ය. ඔහු වසරක් පාසා බෙතෙල් වෙත ද ගිල්ගාල් වෙත ද මිස්පා වෙත ද යමින්, ඒ සියලු තැන්හි ඉශ්‍රායෙල්වරුන් විනිශ්චය කරමින්, චාරිකා කළේ ය. ඒ හැම විටෙක ඔහු රාමා වෙත ආපසු යන්නේ ය. ඔහුගේ නිවස තිබුණේ එහි ය. එහි සිට ද ඔහු ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය. ස්වාමින්වහන්සේට පූජාසනයක් ඔහු එහි ඉදි කළේ ය.
1 සාමුවෙල් 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 7:12-17
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ