1 සාමුවෙල් 28:17-20
1 සාමුවෙල් 28:17-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ කර ඇත්තේ මා මගින් අනාවැකියෙන් කී දෑයි; ස්වාමින්වහන්සේ රාජ්‍යය ඔබේ අතින් උදුරා, ඔබේ අසල්වැසි දාවිත්ට එය දී ඇත. ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට මේ දේ කර තියෙන්නේ, ඔබ ස්වාමින්වහන්සේට කීකරු නො වූ නිසා හා අමලෙක්වරුන්ට එරෙහිව වූ උන්වහන්සේගේ බියකරු උදහස ඔබ ක්‍රියාවේ නො යෙදූ නිසයි. ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ගේ අත්වලට ඉශ්‍රායෙල්වරුනුත්, ඔබත් හසුකර දෙන සේක. හෙට ඔබත් ඔබේ පුතුනුත් මා සමඟ වනු ඇත. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් හමුදාව ද පිලිස්තිවරුන්ගේ අත්වලට හසුකර දෙනු ඇතැ” යි පැවසී ය. සාමුවෙල්ගේ වචන නිසා භයින් පිරී, එකෙණෙහි ම සාවුල් මුළුමනින් බිම පතිත විය. ඔහු තුළ කිසිදු ශක්තියක් නො වී ය. මන්ද ඒ මුළු දවසේත්, රැයේත් ඔහු කිසිවක් අහරට ගෙන නො තිබිණි.
1 සාමුවෙල් 28:17-20 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මා ලවා කියෙවූ හැටියට ඉෂ්ටකළසේක. ස්වාමීන්වහන්සේ නුඹ අතින් රජකම පැහැරගෙන නුඹේ අසල්වාසීවූ දාවිත්ට දුන්සේක. නුඹ ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස අමලෙක්වරුන් කෙරේ ඉෂ්ටනොකර උන්වහන්සේගේ හඬට අකීකරුවූ බැවින් උන්වහන්සේ අද දවසේ නුඹට මේ දෙය කළසේක. ඇරත් ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන් අතට නුඹ සමඟ ඉශ්‍රායෙල්වරුන් පාවාදෙනසේක. හෙට නුඹ සහ නුඹේ පුත්‍රයන් මා සමඟ සිටිනවා ඇත. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් සමුදාවත් පිලිස්තිවරුන් අතට පාවාදෙනසේකැයි කීවේය. එවිට සාවුල් එකෙණෙහිම බිම වැතිර සාමුවෙල්ගේ වචන නිසා අතිශයින් භයවූයේය. ඔහු එදා මුළු දවාලෙහිවත් රාත්‍රියෙහිවත් කෑම නොකෑ නිසා ඔහු තුළ කිසි ශක්තියක් නොතිබුණේය.
1 සාමුවෙල් 28:17-20 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මා ලවා ප්‍රකාශ කරවූ හැටියට ඉෂ්ට කළ සේක. සමිඳාණන් වහන්සේ ඔබ අතින් රජකම පැහැරගෙන ඔබේ අසල්වැසියා වන දාවිත්ට දුන් සේක. උන් වහන්සේගේ බලවත් උදහස අනුව අමලෙක්වරුන්ට කළ යුතු දේ නොකර, උන් වහන්සේගේ හඬට කීකරු නොවූ බැවින් උන් වහන්සේ අද දවසේ මේ දෙය කළ සේක. ඒ හැර සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන් අතට ඔබ සමඟ ඉශ්රායෙල්වරුන් පාවා දෙන සේක. හෙට ඔබ සහ ඔබේ පුත්‍රයන් මා සමඟ සිටිනු ඇත. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ගේ හමුදාවත් පිලිස්තිවරුන්ගේ අතට පාවා දෙන සේක.” එවිට සාවුල් එකෙණෙහි ම බිම වැතිර සාමුවෙල් කී දේ නිසා අතිශයෙන් බියට පත් විය. ඔහු එදා මුළු දවාලෙහි වත්, රාත්‍රියෙහි වත් කෑම නොකෑ නිසා දුර්වල ව සිටියේ ය.
1 සාමුවෙල් 28:17-20 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 28:17-20 New International Version (NIV)
The LORD has done what he predicted through me. The LORD has torn the kingdom out of your hands and given it to one of your neighbors—to David. Because you did not obey the LORD or carry out his fierce wrath against the Amalekites, the LORD has done this to you today. The LORD will deliver both Israel and you into the hands of the Philistines, and tomorrow you and your sons will be with me. The LORD will also give the army of Israel into the hands of the Philistines.” Immediately Saul fell full length on the ground, filled with fear because of Samuel’s words. His strength was gone, for he had eaten nothing all that day and all that night.