ස්වාමින්වහන්සේ කර ඇත්තේ මා මගින් අනාවැකියෙන් කී දෑයි; ස්වාමින්වහන්සේ රාජ්‍යය ඔබේ අතින් උදුරා, ඔබේ අසල්වැසි දාවිත්ට එය දී ඇත. ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට මේ දේ කර තියෙන්නේ, ඔබ ස්වාමින්වහන්සේට කීකරු නො වූ නිසා හා අමලෙක්වරුන්ට එරෙහිව වූ උන්වහන්සේගේ බියකරු උදහස ඔබ ක්රියාවේ නො යෙදූ නිසයි. ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ගේ අත්වලට ඉශ්‍රායෙල්වරුනුත්, ඔබත් හසුකර දෙන සේක. හෙට ඔබත් ඔබේ පුතුනුත් මා සමඟ වනු ඇත. ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් හමුදාව ද පිලිස්තිවරුන්ගේ අත්වලට හසුකර දෙනු ඇතැ” යි පැවසී ය. සාමුවෙල්ගේ වචන නිසා භයින් පිරී, එකෙණෙහි ම සාවුල් මුළුමනින් බිම පතිත විය. ඔහු තුළ කිසිදු ශක්තියක් නො වී ය. මන්ද ඒ මුළු දවසේත්, රැයේත් ඔහු කිසිවක් අහරට ගෙන නො තිබිණි.
1 සාමුවෙල් 28 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 28:17-20
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ