1 සාමුවෙල් 2:33-36
1 සාමුවෙල් 2:33-36 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ පූජාසනය වෙතින් මා විසින් සිඳ දමනු නො ලබන අය එසේ ඉතිරි වන්නේ නුඹේ ඇස් කඳුළින් අන්ධ කරන්නටත්, නුඹේ හදවත සෝ තැවුලින් පුර වන්නටත් පමණි. නුඹෙන් පැවත එන සැවොම මැදි වයසේදී කඩුවෙන් මැරී යනු ඇත. “ ‘නුඹේ පුතුන් දෙදෙනා වන හොෆ්නීට හා පීනෙහාස්ට සිදුවන දේ නුඹට ලකුණක් වෙයි. ඔවුන් දෙදෙන එක ම දවසක නැසෙනු ඇත. මගේ හදවතටත්, මගේ මනසටත් අනුකූලව ක්‍රියා කරන විශ්වාසවන්ත පූජකයකු මම නැගිටුවා ගන්නෙමි. මම ඔහුට නිසැක වංශයක් ගොඩ නගා දෙන්නෙමි. ඔහු මගේ ආලේප ලද්දාණන් ඉදිරියෙහි හැම විට සේවය කරනු ඇත. එවිට නුඹේ පවුලේ ඉතිරි ව සිටින හැම කෙනකු ම රිදී කාසියක් සඳහාත්, රොටි කැබැල්ලක් සඳහාත් ඔහු ඉදිරියේ වැඳ වැටී කන්නලව් කරමින්, “අනේ පූජක නිලයේ යම් කාරියකට මා පත් කර ගන්න. එවිට මටත් කෑමට රොටි කැබැල්ලක් ලැබෙනු ඇතැ” යි කියනු ඇතැ’ යි” පැවසී ය.
1 සාමුවෙල් 2:33-36 Sinhala Revised Old Version (SROV)
මාගේ පූජාසනය ළඟින් මා විසින් සිඳිනු නොලබන නුඹට අයිති මනුෂ්‍යයා ඉතුරුවෙන්නේ නුඹේ ඇස් ක්ෂයවී යන්ටත් නුඹේ හෘදය ශෝකාතුර වෙන්ටත් සලස්වන පිණිසය. නුඹේ වංශයෙන් පැවත එන සියල්ලන් මධ්‍යම වයසේදීම මැරෙනවා ඇත. නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නී සහ පීනෙහාස් කෙරෙහි පැමිණෙන දෙය නුඹට ලකුණක් වන්නේය; එනම් ඔවුන් දෙදෙනාම එක දවසේදී මැරෙන්නෝය. මාගේ සිතේද මාගේ කල්පනාවේද හැටියට කරන්නාවූ විශ්වාසවූ පූජකයෙකු මම නැගුටුවාගෙන, ඔහුට ස්ථිරවූ වංශයක් උපදවා දෙන්නෙමි; ඔහු මාගේ අභිෂේකලත් තැනැත්තා ඉදිරියෙහි සෑමකල්ම හැසිරෙන්නේය. තවද නුඹේ වංශයෙහි ඉතුරුවෙන හැමදෙනා රිදී මිලයක්ද රොටියක්ද ලබාගන්න පිණිස ඇවිත් ඔහු ඉදිරියේ වැඳ වැටී: අනේ රොටී කෑල්ලක් කන පිණිස පූජක තනතුරකට මා පත්කළ මැනවැයි කියනවා ඇත කියා කියනසේකැයි කීවේය.
1 සාමුවෙල් 2:33-36 Sinhala New Revised Version (NRSV)
එසේ වූවත් මට පූජකයෙකු ලෙස සේවය කරන පිණිස නුඹේ පරපුරෙන් එක් කෙනෙකු මම ඉතිරි කරගනිමි. එහෙත්, ඔහු අන්ධ වන්නේ ය; ඔහුගේ සියලු බලාපොරොත්තු නැති වී යන්නේ ය. නුඹේ වංශයෙන් පැවතෙන සියල්ලන් කඩු පහරින් මැරෙනු ඇත. නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් එක දවසේ මැරුණ විට, මා කියන දේ සැබෑ බවට එය ලකුණක් වන්නේ ය. මට පක්ෂපාත ව සිටින, මා කැමැති, මා කියන හැම දේ කරන පූජකයෙකු මම තෝරාගන්නෙමි. ඔහුට දරු පරපුරක් සලසා දී මාගේ අභිෂේක ලත් රජ්ජුරුවන් ඉදිරියෙහි නිරන්තරයෙන් සේවය කිරීමට ඔහු පත් කරමි. තවද, නුඹේ වංශයෙන් ඉතුරු වන හැම දෙනා රිදී කාසියක් ද රොටියක් ද ලබාගන්න පිණිස රජු වෙත පැමිණ ඔහු ඉදිරියේ වැඳ වැටී, අනේ රොටි කෑල්ලක් කන පිණිස පූජක තනතුරට මා පත් කළ මැනවැ’යි කියනු ඇත.”
1 සාමුවෙල් 2:33-36 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 2:33-36 New International Version (NIV)
Every one of you that I do not cut off from serving at my altar I will spare only to destroy your sight and sap your strength, and all your descendants will die in the prime of life. “ ‘And what happens to your two sons, Hophni and Phinehas, will be a sign to you—they will both die on the same day. I will raise up for myself a faithful priest, who will do according to what is in my heart and mind. I will firmly establish his priestly house, and they will minister before my anointed one always. Then everyone left in your family line will come and bow down before him for a piece of silver and a loaf of bread and plead, “Appoint me to some priestly office so I can have food to eat.” ’ ”