මාගේ පූජාසනය ළඟින් මා විසින් සිඳිනු නොලබන නුඹට අයිති මනුෂ්‍යයා ඉතුරුවෙන්නේ නුඹේ ඇස් ක්ෂයවී යන්ටත් නුඹේ හෘදය ශෝකාතුර වෙන්ටත් සලස්වන පිණිසය. නුඹේ වංශයෙන් පැවත එන සියල්ලන් මධ්‍යම වයසේදීම මැරෙනවා ඇත. නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නී සහ පීනෙහාස් කෙරෙහි පැමිණෙන දෙය නුඹට ලකුණක් වන්නේය; එනම් ඔවුන් දෙදෙනාම එක දවසේදී මැරෙන්නෝය. මාගේ සිතේද මාගේ කල්පනාවේද හැටියට කරන්නාවූ විශ්වාසවූ පූජකයෙකු මම නැගුටුවාගෙන, ඔහුට ස්ථිරවූ වංශයක් උපදවා දෙන්නෙමි; ඔහු මාගේ අභිෂේකලත් තැනැත්තා ඉදිරියෙහි සෑමකල්ම හැසිරෙන්නේය. තවද නුඹේ වංශයෙහි ඉතුරුවෙන හැමදෙනා රිදී මිලයක්ද රොටියක්ද ලබාගන්න පිණිස ඇවිත් ඔහු ඉදිරියේ වැඳ වැටී: අනේ රොටී කෑල්ලක් කන පිණිස පූජක තනතුරකට මා පත්කළ මැනවැයි කියනවා ඇත කියා කියනසේකැයි කීවේය.
1 සාමුවෙල් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 2:33-36
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ