1 සාමුවෙල් 18:6-16
1 සාමුවෙල් 18:6-16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දාවිත් පිලිස්තීයයා මරා දැමූ පසු, මිනිසුන් ආපසු එද්දී, ඉශ්රායෙලයේ සියලු නගරවලින් නික්ම ආ කාන්තාවෝ ප්‍රීති ගී ද රබන් ද අත්තාලම් ද සහිත ව ගයමින්, නටමින්, සාවුල් රජ හමුවට ආවෝ ය. ඔවුහු නටමින්, මෙසේ ගැයූහ: “සාවුල් මැරුවේ ය ඔහුගේ දහස් ගණන්, දාවිත් මැරුවේ ය ඔහුගේ දස දහස් ගණන්.” සාවුල් බෙහෙවින් කෝප විය. එම කියමන, ඔහු නො සතුටට පත් කළේ ය. “ඔවුහු දාවිත්ට දස දහස් ගණන් පිරිනමති. එහෙත් මට දහස් ගණන් පමණි. රජකම මිස, ඔහුට තවත් ලැබෙන්නට ඇත්තේ වෙන මොනවා දැ?” යි ඔහු සිතී ය. ඒ දවසේ පටන් සාවුල්, දාවිත් දෙස බැලුවේ විපරම් දෑසිනි. ඊළඟ දවසේ, දෙවියන්වහන්සේ වෙතින් වූ දුෂ්ට ආත්මයක්, බලවත් ව සාවුල් පිට පැමිණියේ ය. දාවිත් සුපුරුදු පරිදි වීණාව වයන අතරේ, සාවුල් තම නිවස තුළ නන් දොඩන්නට වන්නේ ය. සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි. “මම බිත්තියට ම දාවිත් අමුණමි” යි සිතූ සාවුල් හෙල්ලය දමා ගැසී ය. එහෙත් දාවිත් දෙවරක් ම ඉවත පැන බේරුණේ ය. සාවුල්, දාවිත්ට භය විය. එසේ වූයේ ස්වාමින්වහන්සේ දාවිත් සමඟ වූ නිසාත්, උන්වහන්සේ සාවුල් වෙතින් ඉවත් ව ගොස් සිටි නිසාත් ය. එබැවින් සාවුල් තමා වෙතින් දාවිත් ඉවත් කොට, දහසක සේනාවකට අණ දෙන්නකු කොට ඔහු පත් කළේ ය. දාවිත් සංග්රාමයෙහි දී සෙබළුන්ගේ පෙරමුණ ගත්තේ ය. ස්වාමින්වහන්සේ දාවිත් සමඟ වූ බැවින්, කළ කවර දෙයින් වුව, ඔහු සඵල විය. දාවිත් බොහෝ සෙයින් සඵල වනු දුටු සාවුල් ඔහුට භය විය. එහෙත් ඉශ්රායෙල් හා යූදා සියල්ලෝ දාවිත්ට ප්‍රේම වූහ. මන්ද ඔහු පිටතට ගියේත්, ඇතුළට ආවේත් ඔවුන්ගේ පෙරමුණ ගනිමින් බැවිනි.
1 සාමුවෙල් 18:6-16 Sinhala Revised Old Version (SROV)
තවද දාවිත් පිලිස්තියයා මරා හැරී එන මාර්ගයේදී කාන්තාවෝ සියලු ඉශ්රායෙල් නුවරවලින් නික්ම ගායනාකරමින්ද නටමින්ද රබානුත් ප්‍රීති හඬත් අත්තාලමුත් ඇතුව සාවුල් රජ්ජුරුවන්ගේ පෙරමගට ආවෝය. කාන්තාවෝ නට නටා එකිනෙකාට ගී කියමින්: සාවුල් තෙමේ දහස් ගණන්ද දාවිත් දසදහස් ගණන්ද මැරීයයි කීවෝය. සාවුල් ඉතා කෝපවී, ඒ කීමට අප්‍රසන්නව කථාකොට: ඔව්හු දාවිත්ට දසදහස් ගණන්ද මට දහස් ගණන් පමණක්ද පිරිනැමූහ. රජකම හැර තව ඔහුට ලැබෙන්ට තිබෙන්නේ කුමක්දැයි කීවේය. එදා පටන් සාවුල් දාවිත් දෙස ඇස් හෙළා සිටියේය. තවද පසුවදා දෙවියන්වහන්සේගෙන් නපුරු ආත්මයක් සාවුල්ට ආවේශවිය, ඔහු ගේ ඇතුළේදී ධර්මවාග් ලීලාවෙන් දෙඩෙව්වේය. එවිට දාවිත් වෙන දවස්වල මෙන් අතින් වීණාව ගෑවේය. සාවුල්ගේ අතේ හෙල්ලය තිබුණේය. මම බිත්තියටම වදින්ට දාවිත්ට අනිමියි සිතා ඔහු හෙල්ලය වීසිකෙළේය. දාවිත් ඔහු ඉදිරියෙන් දෙවරක් ගැළවී ගියේය. ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ සිටි නිසාත් සාවුල්ගෙන් පහව ගිය නිසාත් සාවුල් ඔහුට භයවුණේය. ඒ නිසා සාවුල් තමා වෙතින් ඔහු අහක්කොට සහස්‍රාධිපතියෙකු කෙළේය; මෙසේ ඔහු සෙනඟට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය. දාවිත් තමාගේ සියලු මාර්ගවලදී නුවණින් හැසුරුණේය; ස්වාමීන්වහන්සේ ද ඔහු සමඟ සිටිසේක. ඔහු බොහෝ නුවණින් හැසිරෙන බව සාවුල් දැක ඔහුට භයවිය. නුමුත් සියලු ඉශ්‍රායෙල්වරුද යූදාවරුද දාවිත්ට ප්‍රේමකළෝය; මක්නිසාද ඔහු ඔවුන්ට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.
1 සාමුවෙල් 18:6-16 Sinhala New Revised Version (NRSV)
දාවිත් පිලිස්තියයා මරා පෙරළා එන විට, ඉශ්රායෙල්හි සියලු නගරවලින් කාන්තාවෝ නික්ම ගායනා කරමින් ද නටමින් ද රබන් ගසමින් ද ප්‍රීති හඬ නඟමින් ද අත්තාලම් ගසමින් ද සාවුල් රජු හමු වීමට ආහ. කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ. සාවුල් මේ කීමට අප්‍රසන්න ව ඉතා කෝප වී, “ ‘දාවිත් දස දහස් ගණන් මැරුවේ ය’යි ඔව්හු කියති; ‘සාවුල් දහස් ගණන් පමණක් මැරුවේ ය’යි කියති. දැන් ඔහුට ලැබෙන්නට ඉතිරි ව ඇත්තේ රජකම පමණකැ”යි කීවේ ය. එදා පටන් සාවුල් දාවිත් දෙස බැලුවේ ඊර්ෂ්‍යා සහගත ඇසිණි. පසු දා දෙවියන් වහන්සේගෙන් දුෂ්ටාත්මයක් සාවුල්ට ආවේශ විය. ඔහු නිවෙස ඇතුළේ පිස්සෙකු මෙන් දෙඩෙවුවේ ය. දාවිත් පෙර ලෙස වීණාව වාදනය කරන විට සාවුල්ගේ අතේ හෙල්ලයක් තිබිණි. “මම දාවිත් බිත්තියට ම ඇණ තබමි”යි සිතා ඔහු හෙල්ලය දාවිත් දෙසට දෙවරක් විසි කෙළේ ය. දාවිත් අහකට පැන බේරුණේ ය. සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ වැඩ සිටි නිසාත්, සාවුල්ගෙන් පහ ව වැඩිය නිසාත් සාවුල් දාවිත්ට බිය විය. ඒ නිසා සාවුල් තමා වෙතින් දාවිත් අහක් කොට, ඔහු සහශ්‍රාධිපතියෙකු කෙළේ ය. දාවිත් මූලිකත්වය දරා සෙනඟ කැටුව සටනට ගියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටි නිසා ඔහු කළ හැම දේ සාර්ථක විය. දාවිත් ජයගන්න බව සාවුල් දැක වඩ වඩා ඔහුට බිය විය. එහෙත්, මුළු ඉශ්රායෙල් ජනයා ද ජුදා වැසියෝ ද දාවිත් ජයග්‍රාහී මූලිකයෙකු වූ බැවින් ඔහුට ප්‍රේම කළහ.
1 සාමුවෙල් 18:6-16 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 18:6-16 New International Version (NIV)
When the men were returning home after David had killed the Philistine, the women came out from all the towns of Israel to meet King Saul with singing and dancing, with joyful songs and with timbrels and lyres. As they danced, they sang: “Saul has slain his thousands, and David his tens of thousands.” Saul was very angry; this refrain displeased him greatly. “They have credited David with tens of thousands,” he thought, “but me with only thousands. What more can he get but the kingdom?” And from that time on Saul kept a close eye on David. The next day an evil spirit from God came forcefully on Saul. He was prophesying in his house, while David was playing the lyre, as he usually did. Saul had a spear in his hand and he hurled it, saying to himself, “I’ll pin David to the wall.” But David eluded him twice. Saul was afraid of David, because the LORD was with David but had departed from Saul. So he sent David away from him and gave him command over a thousand men, and David led the troops in their campaigns. In everything he did he had great success, because the LORD was with him. When Saul saw how successful he was, he was afraid of him. But all Israel and Judah loved David, because he led them in their campaigns.