1 සාමුවෙල් 14:21-27

1 සාමුවෙල් 14:21-27 සිංහල කාලීන පරිවර්තනය (SCV)

කලින් පිලිස්තිවරුන් සමඟ සිට, ඔවුන් හා පිලිස්ති කඳවුරට ගොස් සිටි හෙබ්‍රෙව්වෝ, සාවුල් හා යොනාතාන් සමඟ වූ ඉශ්‍රායෙල්වරුනට එකතු වීමට හැරුණහ. සැඟවෙන්නට එප්‍රායිම් කඳුරටට ගොස් සිටි සියලු ඉශ්‍රායෙල්වරු ද පිලිස්තිවරුන් පලා යමින් සිටි වග ඇසූ කල, සටනට එක් වී, සැරෙන් ඔවුන් ලුහුබැඳ ගියහ. මෙසේ ස්වාමින්වහන්සේ ඒ දවසේ ඉශ්‍රායෙල්වරුන් මිදූ සේක. බෙත්-ආවෙන් පුරය ද ඉක්මවා සටන පැතිරිණි. ඒ අතර, ඒ දවසේ ඉශ්‍රායෙල් මිනිසුන් සිටියේ මහත් අපහසුතාවකිනි. හේතුව වූයේ, “සවස් වන්නට පෙර, මගේ සතුරන්ගෙන් මා පළිගන්නට පෙර, යම් කෑමක් කන ඕනෑ ම කෙනකුට ශාප වේවා!” යි සාවුල් ජනතාව දිවුරුමකින් බඳවා තිබීම ය. ඒ හේතුවෙන් ඒ කිසි කෙනකු අහරක රස බැලුවේ නැත. මුළු හමුදාව ම කැලයට ඇතුළු වූහ. එවිට මෙන්න! එහි පොළෝ මත මී පැණි! කැලයට ඇතුළු වෙද්දී මී පැණි වෑස්සෙනු ඔවුන් දුටු නමුදු, කිසිවකු තම අත, මුවට ළං කළේ නැත. මන්ද ඔවුන් දිවුරුමට භය වූ හෙයිනි. එහෙත්, තම පියා දිවුරුමකින් ජනයා බැඳගෙන තිබූ වග යොනාතාන් දැන සිටියේ නැත. එබැවින්, ඔහු තම අතෙහි වූ සැරයටිය දිගු කොට, එහි කෙළවර මී-වදයේ ඔබා, තම අත, මුවෙහි තැබී ය. එවිට ඔහුගේ ඇස් දීප්තිමත් විය.

1 සාමුවෙල් 14:21-27 Sinhala Revised Old Version (SROV)

අවට ප්‍රදේශවලින් පිලිස්තිවරුන් සමඟ කඳවුරට ඇවිත් පෙර ලෙස ඔවුන් සමඟ සිටියාවූ හෙබ්‍රෙව්වරුන් සාවුල් හා යොනාතාන් සමඟ සිටි ඉශ්‍රායෙල්වරුන්ට එකතු වුණෝය. එසේම එප්‍රායිම් කඳුරටේ සැඟවී සිටි සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයොත් පිලිස්තිවරුන් පලායන බව අසා සටන්කරමින් ඔවුන් පස්සේ හයියෙන් එළවාගන ගියෝය. මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක. යුද්ධයද බෙත්-ආවන් ඉක්මවා පැවතුණේය. ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත. මුළු සෙනඟ වනයට පැමින්නෝය; එහි බිම පිට මීපැණි තිබුණේය. සෙනඟ වනයට පැමිණි විට මීපැණි වැගිරෙනවා දුටුවෝය. නුමුත් සෙනඟ දිවුරුම ගැන භයවූ බැවින් කවරෙක්වත් තමාගේ අත කටට ගත්තේ නැත. නුමුත් තමාගේ පියා සෙනඟ දිවුරවනවා යොනාතාන්ට ඇසුණේ නැත. ඔහු තමාගේ අතේ තිබුණු සැරයටිය දිගුකොට එහි අග මීවදයක ගල්වා ඒවා අරගන කටට ගත්තේය; එයින් ඔහුගේ ඇස් පැහැදුණේය.

1 සාමුවෙල් 14:21-27 Sinhala New Revised Version (NRSV)

ඊට පෙර පිලිස්තිවරුන් සමඟ සිටියාවූ ද ඔවුන් සමඟ කඳවුරට ගියාවූ ද හෙබ්‍රෙව්වරු, සාවුල් හා ජොනතන් සමඟ සිටි ඉශ්රායෙල්වරුන් වෙත හැරී ආවෝ ය. එසේ ම එප්‍රායිම් කඳු රටේ සැඟවී සිටි සියලු ඉශ්රායෙල් ජනයා පිලිස්තිවරුන් පලා යන බව අසා, ඔවුන්ට පහර දෙමින් වේගයෙන් ඔවුන් ලුහුබැඳ ගියෝ ය. මෙසේ සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඉශ්රායෙල්වරුන් ගැළෙවු සේක. යුද්ධය ද බෙත්-ආවන් ඉක්මවා පැතුරුණේ ය. ඒ දවසේ දී ඉශ්රායෙල් සෙනඟ ආහාර නැති ව දුර්වල ව සිටියෝ ය. එසේ වූයේ “මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගනු ලබන තුරු, සවස වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට සාප වේවා”යි සෙනඟගෙන් සාවුල් දිවුරුම් ගත් බැවිනි. එබැවින් සෙනඟගෙන් කිසිවෙකු කෑම කෑවේ නැත. ඔවුන් සියලු දෙනා වනයට පැමිණි විට එහි හැම තැන ම බිම මී පැණි සම්බ විය. මී පැණි වැගිරෙනවා දුටු නමුත්, ඔවුන් දී තිබුණ දිවුරුම ගැන බිය වූ බැවින් කිසිවෙකු එයින් තමාගේ කටට බිඳක් වත් ගත්තේ නැත. එහෙත්, තම පියා සෙනඟගෙන් දිවුරුමක් ගෙන තිබෙන බව ජොනතන් දැන සිටියේ නැත. ඒ නිසා ඔහු තමාගේ අතේ තිබුණ සැරයටිය දිගු කොට එහි අග මී වදයක ගල්වා ඒවා අරගෙන කටට ගත්තේ ය. එයින් ඔහුට අමුතු ශක්තියක් ලැබුණේ ය.

1 සාමුවෙල් 14:21-27 Sinhala New Revised Version 2018 (SNRV)