1 සාමුවෙල් 14:21-27
1 සාමුවෙල් 14:21-27 SROV
අවට ප්‍රදේශවලින් පිලිස්තිවරුන් සමඟ කඳවුරට ඇවිත් පෙර ලෙස ඔවුන් සමඟ සිටියාවූ හෙබ්‍රෙව්වරුන් සාවුල් හා යොනාතාන් සමඟ සිටි ඉශ්‍රායෙල්වරුන්ට එකතු වුණෝය. එසේම එප්‍රායිම් කඳුරටේ සැඟවී සිටි සියලු ඉශ්‍රායෙල් මනුෂ්‍යයොත් පිලිස්තිවරුන් පලායන බව අසා සටන්කරමින් ඔවුන් පස්සේ හයියෙන් එළවාගන ගියෝය. මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසේදී ඉශ්‍රායෙල්වරුන් ගැළවූසේක. යුද්ධයද බෙත්-ආවන් ඉක්මවා පැවතුණේය. ඒ දවසේදී ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ පෙළෙමින් සිටියෝය. එහෙත් සාවුල් කථාකොට: මා විසින් මාගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සවස්වනතෙක්, කිසි කෑමක් කන මනුෂ්‍යයාට ශාපවේවයි කියා සෙනඟ දිවුරෙවුවේය. එබැවින් සෙනඟගෙන් කිසි කෙනෙක් කෑම කෑවේ නැත. මුළු සෙනඟ වනයට පැමින්නෝය; එහි බිම පිට මීපැණි තිබුණේය. සෙනඟ වනයට පැමිණි විට මීපැණි වැගිරෙනවා දුටුවෝය. නුමුත් සෙනඟ දිවුරුම ගැන භයවූ බැවින් කවරෙක්වත් තමාගේ අත කටට ගත්තේ නැත. නුමුත් තමාගේ පියා සෙනඟ දිවුරවනවා යොනාතාන්ට ඇසුණේ නැත. ඔහු තමාගේ අතේ තිබුණු සැරයටිය දිගුකොට එහි අග මීවදයක ගල්වා ඒවා අරගන කටට ගත්තේය; එයින් ඔහුගේ ඇස් පැහැදුණේය.

