1 සාමුවෙල් 14:1-15
1 සාමුවෙල් 14:1-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දිනක් සාවුල්ගේ පුත් යොනාතාන්, තම අවි දරන තරුණයා අමතමින්, “එමු, අපි එහා පැත්තේ තියෙන පිලිස්ති මුරපොළ වෙත යමු” යි කීවේ ය. එහෙත් ඔහු ඒ වග තම පියාට කීවේ නැත. සාවුල්, ගිබෙයා අවට පෙදෙසේ මිග්‍රෝන්හි දෙළුම් ගහක් යට සිටියේ ය. ඔහු සමඟ මිනිසුන් හයසියයක් පමණ වූහ. ඔවුන් අතරෙහි, ඒපොද් සැට්ටයක් හැඳි අහියා ද සිටියේ ය. ඔහු ෂීලෝහි ස්වාමින්වහන්සේගේ පූජකයා වූ ඒලීගේ පුත්‍ර, පීනෙහාස්ගේ පුත්‍රයා වූ අහිටූබ්ගේ සහෝදර ඊකාබොද්ගේ පුත්‍රයා ය. යොනාතාන් ගිය වග ඒ කිසිවකුත් දැන සිටියේ නැත. පිලිස්තිවරුන්ගේ මුරපොළ වෙත ළඟා වීමට, යොනාතාන් තරණය කිරීමට උත්සාහ ගත් දුර්ගය දෙපස පර්වත කූට දෙකක් විය. එකක් බෝසෙස් නම් විය. අනෙක සෙන්නේ ය. එක් පර්වත කූටයක් මික්මාස් දෙසට උතුරට පිහිටා තිබිණි. අනෙක ගෙබා දෙසට දකුණට පිහිටා තිබිණි. යොනාතාන් තම අවි දැරූ තරුණයා අමතා, “එමු, අපි අර චර්ම-අඡේදිතයන්ගේ මුරපොළ ළඟට ම යමු. ඇතැම් විට ස්වාමින්වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇති. බොහෝ දෙනකු මගින් හෝ ස්වල්ප දෙනකු මගින් ගැලවීම සලසන ස්වාමින්වහන්සේ වැළැක්වීමට කිසිවකටත් බැරි යැ” යි පැවසී ය. ඔහුගේ අවි දරන්නා පිළිතුරු දෙමින්, “ඔබේ සිතේ ඇති සියල්ල කරන්න. හරි අපි යමු; මෙන්න; මුළු හදින් ම මුළු ජීවයෙන් ම මා ඔබ සමඟ යැ” යි කීවේ ය. එවිට යොනාතාන්, “ඔන්න, එහෙනම් එන්න, අපි එගොඩ ව යමු ඒ මිනිසුන් දෙසට. ගොසින්, ඔවුනට පෙනෙන්නට සිටිමු. ඔවුන් අප අමතමින්, ‘නුඹලා ළඟට අප එන තුරු ඔතැන නැවතී සිටිනු’ කිවහොත්, අපි සිටිනා තැන නිසොල්මනේ ඔවුන් වෙත නැගී නො ගොස් සිටිමු. එහෙත් ඔවුන් අප අමතා, ‘අප වෙත නැගී එනු’ යි කිවහොත්, අපි උඩට නගිමු. මන්ද ස්වාමින්වහන්සේ අපේ අතට ඔවුන් යටත් කර දී ඇති බවට අපට ඇති ලකුණ එය යැයි” කීවේ ය. මෙසේ ඔවුන් දෙදෙන පිලිස්ති මුර පොළට පෙනෙන්නට සිටියහ. එවිට පිලිස්තිවරු, “අන්න! ඔවුන් සැඟවී සිටි කුහරවලින් හෙබ්‍රෙව්වෝ පිටතට එති” යි කීහ. මුර පොළේ සිටි මිනිස්සු යොනාතාන්ටත්, ඔහුගේ අවි දරන්නාටත් හඬ ගාමින්, “අප වෙත නැගී වරෙල්ලා; අප නුඹලාට යමක් පෙන්වන්නට” යි කෑ ගැසූහ. එවිට තම අවි දරන්නා ඇමතූ යොනාතාන්, “මා පස්සෙන් නැග එන්න. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් අතට ඔවුන් යටත් කර දී ඇතැ” යි කීවේ ය. යොනාතාන් තම අත්-පා ආධාරයෙන් තම අවි දරන්නා පිටුපසින් ඇති ව, උඩට නැංගේ ය. යොනාතාන් ඉදිරියේ පිලිස්තිවරු පැරදී වැටුණහ. ඔහුගේ අවි දරන්නා ඔහු අනුව යමින්, ඔහු පිටුපස සිට ඔවුන් මැරී ය. එම පළමු ප්‍රහාරයේදී යොනාතාන් හා ඔහුගේ අවි දරන්නා අක්කර භාගයක පමණ බිම් කොටසක් තුළ විසිදෙනකු පමණ මරා දැමූහ. කඳවුර තුළත්, එළිමහනෙත් සිටි මුළු හමුදාව අතරේ මහත් භීතියක් හට ගත්තේ ය. මුර-පොළවල හා ප්‍රහාරක කණ්ඩායම්වල සිටි අය වෙවුලූහ. පොළොව සලිත විණ. දෙවියන්වහන්සේ විසින් එවන ලද භීතියකි එය.
1 සාමුවෙල් 14:1-15 Sinhala Revised Old Version (SROV)
එක් දවසක් සාවුල්ගේ පුත්‍රවූ යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යමුයයි කීවේය. නුමුත් ඔහු තමාගේ පියාට දැන්නුවේ නැත. සාවුල් ගිබියාහි කෙළවර මිග්‍රොන්හි තිබෙන දෙළුම් ගස යට සිටියේය. ඔහු සමඟ සිටි සෙනඟ හසියයක් පමණ මනුෂ්‍යයෝය. ෂීලෝහි ස්වාමීන්වහන්සේගේ පූජකයාව සිටි ඒලීගේ පුත්‍රවූ පීනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදරවූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා එහි ඒඵොද් සැට්ටයක් ඇඳගන සිටියේය. යොනාතාන් ගිය බව සෙනඟ නොදැන සිටියෝය. පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යොනාතාන් යන්ට උත්සාහකළ කඳු පාරවල් අතරේ එක පැත්තක ගිරිකුළක්ද අනික් පැත්තේ ගිරිකුළක්ද තිබුණේය. එකක නම බෝශෙශ්ය, අනිකේ නම සෙනේය. එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිටද අනික් එක දකුණට ගෙබා ඉදිරිපිටද උස්ව තිබුණේය. යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන තරුණයාට කථාකොට: එන්න, අපි අර අචර්මඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. සමහරවිට ස්වාමීන්වහන්සේ අප උදෙසා ක්‍රියාකරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ ගළවන්ට ස්වාමීන්වහන්සේට අවහිරකමක් නැතැයි කීවේය. ඔහුගේ ආයුධ ගෙනයන්නාද: නුඹේ සිතේ තිබෙන සියල්ල කරන්න. එහි යමු, නුඹේ සිතේ හැටියටම මම නුඹ සමඟ සිටිමියි ඔහුට කීවේය. එවිට යොනාතාන්: අපි මේ මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙමුව. එවිට ඔවුන්–නුඹලා ළඟට අප එන කල් නවතින්නැයි අපට කීවොත් අපි ඔවුන් ළඟට නැගී නොගොස් අපේ ස්ථානයෙහිම සිටිමුව. එහෙත් ඔවුන්–අප ළඟට නැගී එන්නැයි කීවොත්, අපි නැගී යමුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබේ. ඒක අපට ලකුණ වන්නේයයි කීය. ඔවුන් දෙදෙනා ගොස් පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට පෙනුණාහ. පිලිස්තිවරු: අන්න, හෙබ්‍රෙව්වෝ සැඟවී සිටින ගුහාවලින් පිටතට එතියි කීවෝය. මුර සමුදාවේ මිනිස්සු යොනාතාන්ටත් ඔහුගේ ආයුධ ගෙනයන්නාටත් කථාකොට: අප ළඟට නැගී එන්න, අපි නුඹලාට කාරණයක් පෙන්වන්නෙමුයයි කීවෝය. යොනාතාන් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: මා පස්සේ එන්න, ස්වාමීන්වහන්සේ ඔවුන් ඉශ්‍රායෙල් අතට පාවාදී තිබේයයි කීවේය. යොනාතාන්ද ඔහු පස්සේ ඔහුගේ ආයුධ ගෙනයන්නාද අත් පා ගගහා නැගී ගියෝය. ඔව්හු යොනාතාන් ඉදිරියෙහි පැරදී වැටුණෝය; ආයුධ ගෙනයන්නාද ඔහු පස්සේ ගොස් ඔවුන් මැරුවේය. යොනාතාන්ද ඔහුගේ ආයුධ ගෙනයන්නාද මුලදී මෙසේ මැරුවේ අක්කරයක බිමේ හීවිටි බාගයක දිග ප්‍රමාණය හරියේ විසි දෙනෙකු පමණය. කඳවුරේද එළිමහනේද මුළු සෙනඟ අතරේද වෙවුලුමක් හටගත්තේය; මුර සමුදාවත් කොල්ලකාරයොත් වෙවුලුවෝය. පොළොව කම්පාවිය; මෙසේ ඉතා මහත් වෙවුලුමක් වූයේය.
1 සාමුවෙල් 14:1-15 Sinhala New Revised Version (NRSV)
එක් දවසක් සාවුල්ගේ පුත් ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට යමු”යි කීවේ ය. ජොනතන් ඒ බව තම පියාට දැන්නුවේ නැත. සාවුල් ගිබියාවට යාබද ව පිහිටි මිග්‍රෝන්හි තිබුණ දෙළුම් ගස යට කඳවුරු බැඳගෙන සිටියේ ය. ඔහු සමඟ හයසියයක් පමණ සෙනඟ සිටියෝ ය. ෂිලෝහි සමිඳාණන් වහන්සේගේ පූජකයා ව සිටි ඒලීගේ පුත් පිනෙහාස්ගේ පුත්‍රයා වන ඊකාබොද්ගේ සහෝදර වූ අහිතුබ්ගේ පුත්‍රයා වන අහියා ඒපොද් සැට්ටයක් ඇඳගෙන එහි සිටියේ ය. ජොනතන් ගිය බව සෙනඟ නොදත්හ. පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට ජොනතන් යන්නට උත්සාහ කළ කඳුපාරවල් අතරේ, එක පැත්තක ගිරිකුළක් ද අනික් පැත්තේ තවත් ගිරිකුළක් ද විය. එකක නම බෝශෙශ් ය, අනිකේ නම සෙනේ ය. එක ගිරිකුළක් උතුරට මික්මාෂ් ඉදිරිපිට ද අනික දකුණු දෙසට ශෙබා ඉදිරිපිට ද උස් ව පිහිටියේ ය. ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “එන්න, අපි අර අචර්මඡේදිත නීචයන්ගේ මුර හමුදාව ළඟට යමු. සමහර විට සමිඳාණන් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනු ඇත. මන්ද, බොහෝ දෙනෙකු කරණකොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කරණකොටගෙන හෝ අප ගළවන්නට සමිඳාණන් වහන්සේට බැරිකමක් නැතැ”යි කීවේ ය. ආයුධ රැගත් තරුණයා පිළිතුරු දෙමින්, “ඔබ අදහස් කරන සියල්ල කරන්න. අපි එහි යමු. ඔබ කැමැති ඕනෑ ම දෙයක් කරන්නට මම කැමැති වෙමි”යි ඔහුට කීවේ ය. එවිට ජොනතන් කතා කරමින්, “අපි මනුෂ්‍යයන් ළඟට ගොස් ඔවුන්ට පෙනෙන්නට සිටිමු. ඔවුන් අප ළඟට එන තෙක් අපට නතර වී සිටින්නට යයි කීවොත්, ඔවුන් අප ළඟට එන තෙක් අපි මේ ස්ථානයෙහි ම නැවතී සිටිමු. ඔවුන් ළඟට එන්නැ යි අපට කීවොත්, අපි ඔවුන් වෙත නැඟී යමු. සමිඳාණන් වහන්සේ ඔවුන් අප අතට පාවා දී තිබෙන බවට එය ලකුණකි.” ඔව්හු දෙදෙන ගොස් පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට පෙනෙන්නට සිටියෝ ය. පිලිස්තිවරු කතා කරමින්, “අන්න, හෙබ්‍රෙව්වරු සැඟවී සිටින ගුහාවලින් පිටතට එමින් සිටිති”යි කීවෝ ය. මුර හමුදාවේ මිනිස්සු ජොනතන්ටත්, ඔහුගේ ආයුධ රැගත් තරුණයාටත් කතා කොට, “අප ළඟට පැමිණෙන්න. ඔබට යම් කාරණයක් කියන්නට අපට ඇතැ”යි කීවෝ ය. එවිට ජොනතන් තමාගේ ආයුධ රැගත් තරුණයාට කතා කොට, “මා පස්සේ එන්න, සමිඳාණන් වහන්සේ ඔවුන් ඉශ්රායෙල්වරුන්ගේ අතට පාවා දී තිබේ ය”යි කීවේ ය. ජොනතන් ද ඔහු පස්සෙන් ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද සතර ගාතයෙන් නැඟී ගියෝ ය. ඔව්හු ජොනතන් ඉදිරියෙහි පැරදී වැටුණෝ ය. ආයුධ රැගත් තරුණයා ද ජොනතන් පස්සේ ගොස් ඔවුන් මරා දැමුවේ ය. ජොනතන් ද ඔහුගේ ආයුධ රැගත් තරුණයා ද මෙසේ ප්‍රථම වරට මැරුවේ, අක්කර භාගයක පමණ බිම් පෙදෙසක සිටි මිනිසුන් විසිදෙනෙකු පමණ ය. කඳවුරේ ද එළිමහනේ ද සිටි සෙනඟ අතරේ මහත් තැතිගැනීමක් ඇති විය. මුර හමුදාවත්, ආක්‍රමණකාරයෝත් වෙවුලුවෝ ය. පොළොව කම්පා විය. මෙසේ ඉතා මහත් සන්ත්‍රාසයක් ඇති විය.
1 සාමුවෙල් 14:1-15 Sinhala New Revised Version 2018 (SNRV)

1 සාමුවෙල් 14:1-15 New International Version (NIV)
One day Jonathan son of Saul said to his young armor-bearer, “Come, let’s go over to the Philistine outpost on the other side.” But he did not tell his father. Saul was staying on the outskirts of Gibeah under a pomegranate tree in Migron. With him were about six hundred men, among whom was Ahijah, who was wearing an ephod. He was a son of Ichabod’s brother Ahitub son of Phinehas, the son of Eli, the LORD’s priest in Shiloh. No one was aware that Jonathan had left. On each side of the pass that Jonathan intended to cross to reach the Philistine outpost was a cliff; one was called Bozez and the other Seneh. One cliff stood to the north toward Mikmash, the other to the south toward Geba. Jonathan said to his young armor-bearer, “Come, let’s go over to the outpost of those uncircumcised men. Perhaps the LORD will act in our behalf. Nothing can hinder the LORD from saving, whether by many or by few.” “Do all that you have in mind,” his armor-bearer said. “Go ahead; I am with you heart and soul.” Jonathan said, “Come on, then; we will cross over toward them and let them see us. If they say to us, ‘Wait there until we come to you,’ we will stay where we are and not go up to them. But if they say, ‘Come up to us,’ we will climb up, because that will be our sign that the LORD has given them into our hands.” So both of them showed themselves to the Philistine outpost. “Look!” said the Philistines. “The Hebrews are crawling out of the holes they were hiding in.” The men of the outpost shouted to Jonathan and his armor-bearer, “Come up to us and we’ll teach you a lesson.” So Jonathan said to his armor-bearer, “Climb up after me; the LORD has given them into the hand of Israel.” Jonathan climbed up, using his hands and feet, with his armor-bearer right behind him. The Philistines fell before Jonathan, and his armor-bearer followed and killed behind him. In that first attack Jonathan and his armor-bearer killed some twenty men in an area of about half an acre. Then panic struck the whole army—those in the camp and field, and those in the outposts and raiding parties—and the ground shook. It was a panic sent by God.