1 රාජාවලිය 9:3-9

1 රාජාවලිය 9:3-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ඔබ මා අබියස කළ ඔබේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසීමි; ඔබ ඉදි කළ මේ ගෘහයේ මගේ නාමය සදහට ම තබමින්, එය විශුද්ධ කළෙමි. මගේ ඇස් ද මගේ හදවත ද නිරන්තරයෙන් ම එහි වන්නේ ය. “ඔබ, ඔබේ පියා වූ දාවිත් කළ පරිද්දෙන්, හදවතේ අවංක භාවයෙන් ද සෘජු ව ද මා අබියස කටයුතු කරමින්, මා ඔබට අණ කරන සියල්ල කරමින්, මගේ නියෝග හා නියමයන් රක්ෂා කරන්නේ නම්, මම ඉශ්‍රායෙල්හි ඔබේ රාජකීය සිංහාසනය සදහට ම ස්ථාපිත කරන්නෙමි. එසේ කරන්නේ, ‘ඉශ්‍රායෙල්හි සිහසුන් පත් වන්නට ඔබට කිසි කලෙක මිනිසකු නැති නො වනු ඇතැ’ යි මා ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ පරිද්දෙනි. “එහෙත් ඔබ හෝ ඔබේ පුතුන් හෝ මා වෙතින් ඉවත හැරී, මා ඔබට දුන් මගේ ආඥා හා නියෝග රක්ෂා නො කොට, ගොස් අන් දෙවිවරුන්ට සේවය කර, නමස්කාර කරන්නේ නම්, මා විසින් ඉශ්‍රායෙල් ජනයාට දෙන ලද දේශයෙන් ඔවුන් නෙරපා හරින්නෙමි. මගේ නාමය උදෙසා මා විසින් විශුද්ධ කරන ලද මේ ගෘහය ප්‍රතික්ෂේප කරන්නෙමි. එවිට ඉශ්‍රායෙල් ජනයා, සියලු ජනයින් අතර උපහාසයක් ද සමච්චලයට හේතුවක් ද බවට පත් වනු ඇත. මේ ගෘහය සුන්බුන් ගොඩක් වනු ඇත. ඒ අසලින් යන සියල්ලන් විස්මපත් ව, ‘මේ දේශයටත්, මේ ගෘහයටත් ස්වාමින්වහන්සේ මෙහෙම දෙයක් කළේ ඇයි?’ දැයි අසනු ඇත. එවිට මිනිසුන් පිළිතුරු දෙමින්, ‘ස්වාමින්වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිට ගෙනවුත් ඇත්තේ, ඔවුන් අන් දෙවිවරුන් වැලඳ ගනිමින්, ඔවුන්ට නමස්කාර කරමින්, ඔවුන්ට සේවය කරමින්, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන්ගේ පියවරුන් ගෙන ආ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත් හළ නිසා ය’ කියා කියනු ඇතැ” යි පැවසූ සේක.

1 රාජාවලිය 9:3-9 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ කථාකොට: නුඹ මා ඉදිරියෙහි ඔප්පුකළ නුඹේ යාච්ඤාවත් කන්නලව්වත් ඇසුවෙමි. නුඹ ගොඩනැගූ මේ ගෘහයෙහි මාගේ නාමය සදාකාලේටම තබන පිණිස ඒක විශුද්ධකෙළෙමි; මාගේ ඇස්ද මාගේ සිතද නිරන්තරයෙන් මෙහි වන්නේය. ඉතින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මා ඉදිරියෙහි සිතේ ඇද නැතිකමින්ද අවංකකමින්ද හැසිරෙමින්, මා විසින් නුඹට අණකළ සියල්ලේ ප්‍රකාරයට කර, මාගේ පනත්ද විනිශ්චයවල්ද පවත්වන්නෙහි නම්, ඉශ්‍රායෙල් සිංහාසනයෙහි හිඳින්ට නුඹට කෙනෙක් නැතුව යන්නේ නැත කියා මා විසින් නුඹේ පියවූ දාවිත්ට පොරොන්දුවූ හැටියට, ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි නුඹේ රාජ්‍යයේ සිංහාසනය සදාකාලේටම ස්ථිරකරන්නෙමි. නුමුත් නුඹලාත් නුඹලාගේ දරුවොත් මා වෙතින් ඉවත්ව ගොස්, මා විසින් නුඹලා ඉදිරියෙහි තබා තිබෙන මාගේ ආඥාද පනත්ද නොපවත්වා, ගොස් අන් දෙවිවරුන්ට සේවයකර ඔවුන්ට නමස්කාරකළොත්, මා විසින් ඉශ්‍රායෙල්ට දී තිබෙන දේශය මතුපිටින් ඔවුන් සිඳදමන්නෙමි; මාගේ නාමයට මා විසින් විශුද්ධකළ මේ ගෘහයත් මාගේ ඇස් හමුයෙන් පහකරදමන්නෙමි; ඉශ්‍රායෙල්ද සියලු ජනයන් අතරෙහි උපමාවක්ද පරිහාසයක්ද වන්නේය. මෙපමණ උස්ව තිබෙන මේ ගෘහය ළඟින් යන සියල්ලන් විස්මයට පත්ව කවටකම්කර: ස්වාමීන්වහන්සේ මේ දේශයටත් මේ ගෘහයටත් මෙසේ කළේ මක්නිසාදැයි අසනවා ඇත. එවිට: ඔවුන් තමුන්ගේ පියවරුන් මිසරදේශයෙන් ගෙනාවාවූ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇලුම්වී, ඔවුන්ට නමස්කාරකොට සේවයකළ නිසා, ස්වාමීන්වහන්සේ මේ සියලු විපත්ති ඔවුන් පිටට පැමිණෙවුසේකැයි මිනිසුන් උත්තරදෙනවා ඇතැයි ඔහුට කීසේක.

1 රාජාවලිය 9:3-9 Sinhala New Revised Version (NRSV)

උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්‍නේ ය. ඉතින්, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි සෘජු සිතක් ඇති ව ද අවංක ව ද හැසිරෙමින්, මා නුඹට අණ කළ සියල්ල ප්‍රකාරයට ඉටු කර, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නට නුඹට කෙනෙක් නැති ව යන්නේ නැත කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ හැටියට, ඉශ්රායෙල්වරුන් කෙරෙහි නුඹේ රාජ්‍යයේ සිංහාසනය සදහට ම ස්ථීර කරන්නෙමි. එහෙත්, නුඹලා ද නුඹලාගේ දරුවන් ද මා වෙතින් ඉවත් ව ගොස්, මා විසින් නුඹලා ඉදිරියෙහි තබන ලද මාගේ ආඥා හා පණත් නොපවත්වා අන් දෙවිවරුන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කර නමස්කාර කළොත්, මම ඉශ්රායෙල්වරුන්ට දුන් දේශයෙන් ඔවුන් නෙරපාදමන්නෙමි. මාගේ නාමය සඳහා මා විශුද්ධ කළ මේ මාලිගාවත් මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. ඉශ්රායෙල්වරුන් ද සියලු ජාතීන් අතර සමච්චලයක් හා උපහාසයක් වනු ඇත. මේ මාලිගාවේ නටබුන් ගොඩ ළඟින් යන සියල්ලන් විස්මයට පත් ව, කවටකම් කර, ‘සමිදාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් මෙසේ කෙළේ මන්දැ’යි අසනු ඇත. එවිට මිනිස්සු උත්තර දෙමින්, ‘ඔවුන් තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇලුම් ව, ඔවුන්ට නමස්කාර කොට, වැඳුම්පිදුම් කළ නිසා සමිඳාණන් වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිට පැමිණෙවු සේකැ’යි කියන්නෝ ය.”

1 රාජාවලිය 9:3-9 Sinhala New Revised Version 2018 (SNRV)

උන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මා ඉදිරියෙහි ඔප්පු කළ නුඹේ යාච්ඤාවත්, කන්නලව්වත් මම ඇසුවෙමි. නුඹ ගොඩනැඟුවාවූ මේ මාලිගාවෙහි මාගේ නාමය සදහට ම පවතින පිණිස එය විශුද්ධ කෙළෙමි. මාගේ නෙත ද සිත ද නිරන්තරයෙන් මෙයට යොමු වී තිබෙන්නේ ය. ඉතින්, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි සෘජු සිතක් ඇති ව ද අවංක ව ද හැසිරෙමින්, මා නුඹට අණ කළ සියල්ල ප්‍රකාරයට ඉටු කර, මාගේ පනත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්, ඉශ්රායෙල් සිංහාසනයෙහි හිඳින්නට නුඹට කෙනෙක් නැති ව යන්නේ නැත කියා මා නුඹේ පිය දාවිත්ට පොරොන්දු වූ හැටියට, ඉශ්රායෙල්වරුන් කෙරෙහි නුඹේ රාජ්‍යයේ සිංහාසනය සදහට ම ස්ථීර කරන්නෙමි. එහෙත්, නුඹලා ද නුඹලාගේ දරුවන් ද මා වෙතින් ඉවත් ව ගොස්, මා විසින් නුඹලා ඉදිරියෙහි තබන ලද මාගේ ආඥා හා පනත් නොපවත්වා අන් දෙවිවරුන් වෙත ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් කර නමස්කාර කළොත්, මම ඉශ්රායෙල්වරුන්ට දුන් දේශයෙන් ඔවුන් නෙරපාදමන්නෙමි. මාගේ නාමය සඳහා මා විශුද්ධ කළ මේ මාලිගාවත් මාගේ ඇස් හමුයෙන් පහකර දමන්නෙමි. ඉශ්රායෙල්වරුන් ද සියලු ජාතීන් අතර සමච්චලයක් හා උපහාසයක් වනු ඇත. මේ මාලිගාවේ නටබුන් ගොඩ ළඟින් යන සියල්ලන් විස්මයට පත් ව, කවටකම් කර, ‘සමිදාණන් වහන්සේ මේ දේශයටත්, මේ මාලිගාවටත් මෙසේ කෙළේ මන්දැ’යි අසනු ඇත. එවිට මිනිස්සු උත්තර දෙමින්, ‘ඔවුන් තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අත්හැර, අන් දෙවිවරුන්ට ඇලුම් ව, ඔවුන්ට නමස්කාර කොට, වැඳුම්පිදුම් කළ නිසා සමිඳාණන් වහන්සේ මේ සියලු විපත් ඔවුන් පිට පැමිණෙවු සේකැ’යි කියන්නෝ ය.”