1 රාජාවලිය 20:1-12
1 රාජාවලිය 20:1-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අරාම්හි රජ වූ බෙන්-හදද් තම මුළු හමුදාව එක් රැස් කර, රජවරුන් තිස් දෙදෙනකු ඇතුළු ඔවුන්ගේ අශ්වයින් හා යුධ රථ කැටුව ගොස්, සමාරිය වටලා ඊට පහර දුන්නේ ය. ඉශ්‍රායෙල්හි රජ වන ආහාබ් වෙත පණිවුඩකරුවන් පුරවරයට යැවූ ඔහු, “බෙන්-හදද් මෙසේ පවසයි: ‘ඔබේ රිදී හා රත්තරන් මගේ; ඔබේ හොඳ ම භාර්යාවන් හා දරුවන් මගේ’ යි කියා” යැවී ය. ඉශ්‍රායෙල් රජු, “මා ස්වාමි රජතුමනි, ඔබ පැවසූ පරිදි මාත්, මා සතු සියල්ලත් ඔබේ යැ” යි පිළිතුරු යැවී ය. පණිවුඩකරුවෝ යළි අවුත්, “බෙන්-හදද් මෙසේ කියයි: ‘ඔබේ රිදී හා රත්රන් ද ඔබේ භාර්යාවන් හා ඔබේ දරුවන් ද ඉල්ලා එවීමි. එහෙත් හෙට මේ වෙලාවට ඔබේ මන්දිරයත්, ඔබේ නිලධාරීන්ගේ ගෙවලුත් සෝදිසි කරන්නට මම මගේ නිලධාරීන් එවන්නෙමි. ඔවුන් ඔබ ආශා කරන සියල්ල අත්කර ගෙන, ඒවා ගෙන යනු ඇතැ’ යි” කීහ. ඉශ්‍රායෙල් රජු, දේශයේ සියලු වැඩිහිටියන් කැඳවා, ඔවුන් අමතමින්, “බලන්න මේ මිනිහා කරදර කරන්නට මාන බලන හැටි. ඔහු මගේ භාර්යාවන් හා මගේ දරුවන් ද මගේ රිදී හා රත්තරන් ද ඉල්ලා එවූ කල මා එය ප්‍රතික්ෂේප කළේ නැතැ” යි කීවේ ය. වැඩිහිටියන් හා මුළු ජනතාව පිළිතුරු දෙමින්, “ඔහුට සවන් දෙන්න එපා; ඔහුගේ ඉල්ලීම්වලට එකඟ වන්න එපා” යි පැවසූහ. එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවුඩකරුවන්ට පිළිතුරු දෙමින්, “මගේ ස්වාමි රජ්ජුරුවන්ට මෙසේ කියන්න: ‘පළමු වතාවේ ඔබ ඉල්ලූ සියල්ල, ඔබේ සේවක මම ඉටු කරන්නෙමි. එහෙත් මේ ඉල්ලීම නම්, ඉටු කරන්නට නො හැකි යැ’ යි” කියා යැවී ය. ඔවුහු එම පිළිතුර රැගෙන බෙන්-හදද් වෙත ආපසු ගියහ. එවිට බෙන්-හදද්, “මා සමඟ එන මගේ මිනිසුන් එකිනෙකාට මිටක් බැගින් වත් ගන්නට සමාරියේ දූවිලි ප්‍රමාණවත් වෙතොත් දෙවිවරු මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා!” යි ආහාබ් වෙත පණිවුඩ එවී ය. ඉශ්‍රායෙල් රජු පිළිතුරු දෙමින්, “ ‘තමාගේ ආයුධ පැළඳගන්නා, තමාගේ ආයුධ ගලවන්නා මෙන් පාරට්ටු කර නො ගනීවා’ කියා ඔහුට කියන්නැ” යි කියා යැවී ය. රජවරුන් සමඟ කූඩාරම්වල බොමින් සිටියදී එම පණිවුඩය ඇසූ බෙන්-හදද්, “සටනට පෙළ ගැසෙනු!” යි තම මිනිසුන්ට නියෝග කළේ ය. එබැවින් ඔවුහු පුරවරයට පහර දෙන පිණිස සූදානම් වූහ.
1 රාජාවලිය 20:1-12 Sinhala Revised Old Version (SROV)
තවද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙදෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුව ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය. ඔහු නුවරට, ඉශ්‍රායෙල් රජවූ ආහබ් වෙතට, පණිවිඩකාරයන් යවමින්: නුඹේ රන් රිදී මාගේය; නුඹේ භාර්යාවරුන්ගෙන්ද දරුවන්ගෙන්ද ඉතා ශෝභන අයත් මාගේය කියා බෙන්-හදද් කියන්නේයයි ඔහුට කියා ඇරියේය. ඉශ්‍රායෙල් රජද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ කීම ප්‍රකාරයට මමත් මට ඇති සියල්ලත් ඔබගේයයි උත්තරදුන්නේය. පණිවිඩකාරයෝ නැවත ඇවිත් කථාකොට: බෙන්-හදද් මෙසේ කියන්නේය–නුඹේ රන් රිදීද නුඹේ අඹු දරුවන්ද නුඹ මට දෙන්ට ඕනෑයයි නුඹට කියා එවමි; ඇරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් නුඹ ළඟට එවන්නෙමි, ඔවුන් නුඹේ ගේත් නුඹේ සේවකයන්ගේ ගෙවලුත් සෝදිසිකර, නුඹට ප්‍රසන්නවූ සියල්ලම ඔවුන්ගේ අතට ගෙන එනවා ඇත කියා බෙන්-හදද් කියන්නේයයි කීවෝය. එවිට ඉශ්රායෙල් රජ දේශයේ සියලු වැඩිමහල්ලන් කැඳවා: මේ මනුෂ්‍යයා නපුරක් සොයන හැටි කල්පනාකර බලන්න. ඔහු මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මාගේ රන් රිදීද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්ට බැරිය කියා මම නොකීවෙමියි කීවේය. සියලු වැඩිමහල්ලෝද මුළු සෙනඟද කථාකොට: ඔබ ඇහුම්කන් නුදුන මැනවි, ඊට එකඟනූන මැනවියි ඔහුට කීවේය. එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවිඩකාරයන්ට කථාකොට: ඔබ පළමුවෙන් ඔබගේ මෙහෙකරුවාට කියා එවූ සියල්ලම කරන්නෙමි. නුමුත් මේ දේ මට කරන්ට බැරිය කියා මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට කියන්නැයි කීවේය. පණිවිඩකාරයෝ පිටත්ව ගොස් ඔහුට උත්තරය කීවෝය. බෙන්-හදද්ද: සමාරියේ ධූලි මා අනුව එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්ටවත් මදිවෙන තරම් මහත්වූ සෙනඟක් නාවොත් දෙවිවරු මටත් එසේමද ඊටත් වැඩියෙන්ද කෙරෙත්වයි ඔහුට කියා ඇරියේය. ඉශ්‍රායෙල් රජ උත්තරදෙමින්: යුද්ධායුධ ගළවා දමන්නා මෙන් ඒවා පැළඳගන්නා ගරුකම් නොකියාවයි ඔහුට කියන්නැයි කීවේය. රජුන් සමඟ කුඩාරම්වල බොමින් සිටියාවූ බෙන්-හදද් තෙමේ ඒ කීම ඇසූ විට: යුද්ධයට සැරසෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය. ඔව්හුද නුවරට විරුද්ධව සැරසී සිටගත්තෝය.
1 රාජාවලිය 20:1-12 Sinhala New Revised Version (NRSV)
සිරියාවේ රජ වන බෙන්-හදද් සිය මුළු සේනාව රැස් කොට, තවත් රජවරුන් තිස්දෙදෙනෙකු ද අශ්වයන් ද අශ්වරථ ද සමඟ අවුත් සමාරිය වටලා ඊට විරුද්ධ ව යුද්ධ කෙළේ ය. ඔහු නගරයේ සිටි ඉශ්රායෙල් රජ වන ආහබ් වෙත පණිවුඩකාරයන් යවමින්, “ඔබේ රන් රිදී සහ භාර්යාවන් ද දරුවන්ගෙන් ඉතා ප්‍රසන්න අය ද මට පාවා දිය යුතු ය”යි ඔහුට දන්වා යැවී ය. ඉශ්රායෙල් රජ ද, “මාගේ ස්වාමීන් වන රජතුමනි, ඔබේ කීම ප්‍රකාර මමත්, මට ඇති සියල්ලත් ඔබට අයත් වෙමු”යි උත්තර දුන්නේ ය. පණිවුඩකාරයෝ නැවත අවුත් කතා කොට, “ඔබේ රන් රිදී ද ඔබේ අඹු දරුවන් ද ඔබ මට දෙන්න ඕනෑ යයි ඔබට කියා එවීමි. ඇරත් හෙට මේ වේලාවට පමණ මාගේ සේවකයන් ඔබ ළඟට එවන්නෙමි. ඔවුන් ඔබේත්, ඔබේ සේවකයන්ගේත් ගෙවල් සෝදිසි කර, ඔබට ප්‍රසන්න වන සියල්ල ම ඔවුන්ගේ අතට ගෙන එනු ඇත කියා බෙන්-හදද් කියන්නේ ය”යි සැළ කළහ. එවිට ඉශ්රායෙල් රජ දේශයේ සියලු ප්‍රජා මූලිකයන් කැඳවා, “මේ මිනිසා නපුරක් කරන්න සොයන හැටි කල්පනා කර බලන්න, ඔහු මාගේ භාර්යාවන් ද මාගේ දරුවන් ද මාගේ රන් රිදී ද මාගෙන් ඉල්ලා එවූ විට, දෙන්නට බැරිය කියා මම නොකීවෙමි”යි දැන්වී ය. සියලු ප්‍රජා මූලිකයෝ ද මුළු සෙනඟ ද කතා කොට, “ඔබ ඇහුම්කන් නුදුන මැනව; ඊට එකඟ නූණ මැනව”යි ඔහුට කී හ. එබැවින් ඔහු බෙන්-හදද්ගේ පණිවුඩකාරයන්ට කතා කොට, “ඔබ පළමුවෙන් ඔබේ මෙහෙකරුවා අත කියා එවූ සියල්ල ම කරන්නෙමි, එහෙත්, මේ දේ මට කරන්නට බැරිය කියා මාගේ ස්වාමීන් වන රජතුමා හට දන්වන්නැ”යි කී ය. පණිවුඩකාරයෝ ද පිටත් ව ගොස් ඔහුට එම උත්තරය දැන් වූ හ. බෙන්-හදද් ද කතා කොට, “සමාරියේ දූවිලි මා පසුපස එන සියල්ලන්ගෙන් එක එකාට මිට මිට බැගින් ගන්න වත් මදිවන තරම් විශාල සෙනඟක් නාවොත්, දෙවිවරු මට ඉතා දරුණු ලෙස දඬුවම් කරත් වා”යි ඔහුට දන්වා ඇරියේ ය. ඉශ්රායෙල් රජ පිළිතුරු දෙමින්, “උදම් ඇනිය යුත්තේ යුද්ධායුධ පළඳන්නා නොව ඒවා ගලවන්නා ය කියා ඔහුට දන්වන්නැ”යි කීවේ ය. රජුන් සමඟ කූඩාරම්වල මත්පැන් පානය කරමින් සිටි බෙන්-හදද් ඒ කීම ඇසූ විට, “සටනට සැරසෙන්නැ”යි සිය සේවකයන්ට කීවේ ය. ඔව්හු ද නගරයට විරුද්ධ ව සැරසී සිටගත්හ.
1 රාජාවලිය 20:1-12 Sinhala New Revised Version 2018 (SNRV)

1 රාජාවලිය 20:1-12 New International Version (NIV)
Now Ben-Hadad king of Aram mustered his entire army. Accompanied by thirty-two kings with their horses and chariots, he went up and besieged Samaria and attacked it. He sent messengers into the city to Ahab king of Israel, saying, “This is what Ben-Hadad says: ‘Your silver and gold are mine, and the best of your wives and children are mine.’ ” The king of Israel answered, “Just as you say, my lord the king. I and all I have are yours.” The messengers came again and said, “This is what Ben-Hadad says: ‘I sent to demand your silver and gold, your wives and your children. But about this time tomorrow I am going to send my officials to search your palace and the houses of your officials. They will seize everything you value and carry it away.’ ” The king of Israel summoned all the elders of the land and said to them, “See how this man is looking for trouble! When he sent for my wives and my children, my silver and my gold, I did not refuse him.” The elders and the people all answered, “Don’t listen to him or agree to his demands.” So he replied to Ben-Hadad’s messengers, “Tell my lord the king, ‘Your servant will do all you demanded the first time, but this demand I cannot meet.’ ” They left and took the answer back to Ben-Hadad. Then Ben-Hadad sent another message to Ahab: “May the gods deal with me, be it ever so severely, if enough dust remains in Samaria to give each of my men a handful.” The king of Israel answered, “Tell him: ‘One who puts on his armor should not boast like one who takes it off.’ ” Ben-Hadad heard this message while he and the kings were drinking in their tents, and he ordered his men: “Prepare to attack.” So they prepared to attack the city.