1 රාජාවලිය 10:1-10
1 රාජාවලිය 10:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
සාලමොන්ගේ කීර්තියත්, ස්වාමින්වහන්සේට ඇති ඔහුගේ සබඳතාවත් ගැන ඇසූ, ෂෙබායේ රැජින, අසීරු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය. ඇය යෙරුසලමට පැමිණියේ සුවඳ ද්‍රව්‍ය ද විශාල ප්‍රමාණයක් රත්රන් ද අනර්ඝ මැණික් ගල් ද පැට වූ ඔටුවන් සහිත විශාල තවලමක් සමඟ ය. සාලමොන් හමුවට පැමිණි ඈ, ඇගේ සිතේ තිබූ සියල්ල ඔහුට පැවසුවා ය. සාලමොන් ඇගේ ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සැපයී ය; ඇයට පහදා දෙන්නට අපහසු වූ කිසිවක් රජුට නො වී ය. ෂෙබායේ රැජින, සාලමොන්ගේ සියලු ප්‍රඥාව ද ඔහු ඉදිකර තිබූ මන්දිරය ද ඔහුගේ මේසය මත වූ ආහාර ද ඔහුගේ නිලධාරීන්ගේ අසුන් ගැනීමේ පිළිවෙළ ද ඔහුගේ මෙහෙකරුවන්ගේ මෙහෙය හා ඔවුන්ගේ නිල ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ස්වාමින්වහන්සේගේ ගෘහයේදී ඔහු ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල, තූෂ්ණීම්භූත වූවා ය. ඈ රජු අමතමින්, “ඔබ ඉටු කර ඇති දෑ හා ඔබගේ ප්‍රඥාව පිළිබඳව මගේ රටේදී මා ඇසූ පුවත් සැබෑයි. එහෙත් මා අවුත්, මගේ ම ඇස්වලින් දකින තුරු ඒ පුවත් මා විශ්වාස කළේ නෑ. ඇත්තෙන් ම එයින් අඩක්වත් මට කියා නැත. ඔබේ ප්‍රඥාවත්, වත්-පොහොසත්කමත් මා අසා තිබුණාට වඩා බොහෝ වැඩි ය. ඔබගේ ජනයා කොපමණ භාග්‍යවත් ද! නිති පතා ඔබ අබියස සිට, ඔබේ ප්‍රඥාව අසන ඔබේ සේවකයින් කොපමණ භාග්‍යවත් ද! ඔබ කෙරේ ප්‍රසාදයෙන් ඉශ්‍රායෙල් සිහසුනේ ඔබ හිඳ වූ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්ට සදහට ම ප්‍රේම කළ බැවින්, යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වාගෙන යෑමට ඔබ රජකමට පත් කළ සේකැ” යි පැවසුවා ය. ඉන් අනතුරුව ඈ, රන් තලෙන්ත එකසිය විස්සක් ද සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද අනර්ඝ මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින, සාලමොන් රජුට දුන් සුවඳ ද්‍රව්‍ය තරම් ප්‍රමාණයක් යළි කිසි දින නො ලැබුණි.
1 රාජාවලිය 10:1-10 Sinhala Revised Old Version (SROV)
ෂෙබායේ බිසව ස්වාමීන්වහන්සේගේ නාමයේ හේතුවෙන් සාලමොන්ට තිබෙන කීර්තිය අසා ගූඪ ප්‍රශ්නවලින් ඔහු පරීක්ෂාකරන පිණිස ආවාය. ඕතොමෝ ඉතා මහත් පිරිවරක්ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියකුත් අනර්ඝ ගලුත් පටවනලද ඔටුවන්ද ඇතුව යෙරුසලමට ආවාය. ඈ සාලමොන් වෙතට පැමිණ ඇගේ සිතේ තිබුණු සියල්ල ගැන ඔහු සමඟ කථාකළාය. සාලමොන්ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කීය. රජ විසින් ඈට තෝරාදෙන්ට නොහැකිවූ යම් ප්‍රශ්නයක් නොවීය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත. ෂෙබාහි බිසව සාලමොන්ගේ මුළු ප්‍රඥාවද ඔහු ගොඩනැගූ ගෘහයද, ඔහුගේ මේසයේ කෑමද ඔහුගේ සේවකයන් හිඳගන්න අන්දමද ඔහුගේ මෙහෙකරුවන් සිටින හැටිද ඔවුන්ගේ ඇඳුම්ද ඔහුගේ කුසලාන දරන්නන්ද ඔහු විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී යන පඩිපෙළද දුටු කල ඈ අතිශයින් මවිතවී, රජුට කථාකොට: මාගේ දේශයේදී ඔබගේ ක්‍රියාද ඔබගේ ප්‍රඥාවද ගැන මා විසින් ඇසූ පවත් සැබෑය. එහෙත් මම ඇවිත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාසනොකෙළෙමි. සැබවින් අර්ධයක්වත් මට නොකියන ලද්දේය. ඔබගේ ප්‍රඥාවත් යසසත් අභිවෘද්ධියත් මා ඇසූ කීර්තියට වඩා මහත්ව තිබේ. ඔබගේ මිනිස්සු වාසනාවන්තයෝය, නිතරම ඔබ ඉදිරියෙහි සිට ඔබගේ ප්‍රඥාව අසන මේ ඔබගේ සේවකයෝ වාසනාවන්තයෝය. ඉශ්‍රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්‍රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය. තවද ඈ රන් තලෙන්ත එකසිය විස්සක්ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ෂෙබාහි බිසව සාලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය තරම් සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේය.
1 රාජාවලිය 10:1-10 Sinhala New Revised Version (NRSV)
ෂෙබාහි රැජින සමිඳාණන් වහන්සේගේ නාමයේ හේතුවෙන් සලමොන් රජු ලත් කීර්තිය ගැන අසා දුෂ්කර ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස පැමිණියා ය. ඕතොමෝ ඉතා විශාල පිරිවරක් ද සුවඳ ද්‍රව්‍ය සහ රත්රන් රාශියක් ද මැණික් ගල් පටවන ලද ඔටුවන් ද ඇති ව ජෙරුසලමට සැපත් වූවා ය. ඇය සලමොන් වෙත ගොස් තම සිතේ තිබූ සියල්ල ගැන ඔහු සමඟ කතා කළා ය. සලමොන් ද ඇගේ සියලු ප්‍රශ්න ඈට විසඳා කී ය. ඈට තෝරා දිය නොහැකි වූ කිසි ප්‍රශ්නයක් රජුට නො වී ය; කිසිවක් ඔහුගෙන් සැඟවී තිබුණේ නැත. ෂෙබාහි රැජින සලමොන්ගේ මහා ප්‍රඥා මහිමය ද ඔහු ගොඩනැඟුවාවූ මාලිගාව ද ඔහුගේ මේසයේ ආහාර ද ඔහුගේ නිලධාරීන් අසුන් ගන්නා ආකාරය ද ඔහුගේ මෙහෙකරුවන් සේවයෙහි නිරත වන අන්දම ද සේවකයන් ලා සිටි අනගි ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් ද ඔහු විසින් සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පුද කරන ලද පූජා ද දුටු කල තුෂ්ණිම්භූත වූවා ය. එවිට ඈ රජුට කතා කොට, “මාගේ දේශයේ දී ඔබේ ක්‍රියා හා ඔබේ ප්‍රඥාව ගැන මා ඇසූ ආරංචි සැබෑ ය. එහෙත්, මම අවුත් මාගේ ඇසින් දකින තෙක් ඒ වචන විශ්වාස නොකෙළෙමි. සැබැවින් ම අඩක් වත් මට නොකියන ලද්දේ ය. ඔබේ ප්‍රඥා මහිමයත්, සෞභාග්‍යයත් මා ඇසූ කීර්තියේ ප්‍රමාණයටත් වඩා උසස් ව තිබේ. ඔබේ භාර්යාවෝ වාසනාවන්තියෝ ය. නිතර ම ඔබ ඉදිරියෙහි ඔබේ ප්‍රඥාව අසන මේ ඔබේ සේවකයෝ වාසනාවන්තයෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය පිට ඔබ පත් කරන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වූ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! සමිඳාණන් වහන්සේ සැම කල්හි ම ඉශ්රායෙල්වරුන්ට ප්‍රේම කළ බැවින් විනිශ්චයත්, යුක්තියත් ඉෂ්ට කරන්නට උන් වහන්සේ ඔබ රජ කොට පත් කළ සේකැ”යි කීවා ය. තවද, ඈ රන් කිලෝග්‍රෑම් හාරදහසක් ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක් ද මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය හා සමාන කළ හැකි සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේ ය.
1 රාජාවලිය 10:1-10 Sinhala New Revised Version 2018 (SNRV)

1 රාජාවලිය 10:1-10 New International Version (NIV)
When the queen of Sheba heard about the fame of Solomon and his relationship to the LORD, she came to test Solomon with hard questions. Arriving at Jerusalem with a very great caravan—with camels carrying spices, large quantities of gold, and precious stones—she came to Solomon and talked with him about all that she had on her mind. Solomon answered all her questions; nothing was too hard for the king to explain to her. When the queen of Sheba saw all the wisdom of Solomon and the palace he had built, the food on his table, the seating of his officials, the attending servants in their robes, his cupbearers, and the burnt offerings he made at the temple of the LORD, she was overwhelmed. She said to the king, “The report I heard in my own country about your achievements and your wisdom is true. But I did not believe these things until I came and saw with my own eyes. Indeed, not even half was told me; in wisdom and wealth you have far exceeded the report I heard. How happy your people must be! How happy your officials, who continually stand before you and hear your wisdom! Praise be to the LORD your God, who has delighted in you and placed you on the throne of Israel. Because of the LORD’s eternal love for Israel, he has made you king to maintain justice and righteousness.” And she gave the king 120 talents of gold, large quantities of spices, and precious stones. Never again were so many spices brought in as those the queen of Sheba gave to King Solomon.