එළිදරවු 1
1
හැඳින්වීම
1මෙය යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරවුව ය. උන්වහන්සේට මෙය දෙනු ලැබ ඇත්තේ, ඉක්මනින් සිදු විය යුතු දෑ ස්වකීය මෙහෙකරුවන්ට පෙන්වන පිණිස, දෙවියන්වහන්සේ විසිනි. උන්වහන්සේ තම දූතයා එවීමෙන්, තම මෙහෙකරු යොහන්ට එය දැනගන්නට සැලසූ සේක. 2ඔහු දෙවියන්වහන්සේගේ වචනයත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂියත්, තමා දුටු සියල්ලත් ගැන සාක්ෂි දැරී ය. 3මෙම දිවැස්වැකියේ වචන හඬ නගා කියවන්නා භාග්‍යවත් ය. එය අසන්නන් ද එහි ලියනු ලැබ ඇති දෑ රක්ෂා කරන්නන් ද භාග්‍යවත් ය. මන්ද කාලය ආසන්න ය.
සමාචාර
4යොහන් වෙතින්,
ආසියාවේ#1:4 ආසියාව යනු කුඩා ආසියාව හෙවත් රෝම අධිරාජ්‍යයෙහි කුඩා ආසියාවෙහි ප්‍රාන්තයක් වූ පෙදෙසකි. සභා හත වෙතයි:
ඔබට අනුග්‍රහයත්, සාමයත් සිටින්නා වූ, සිටියා වූ, මතු ද සිටින්නා වූ තැනැන්වහන්සේගෙන් ද උන්වහන්සේගේ සිංහාසනය අබියස සිටින ආත්මයාණන් සත් දෙනාගෙන් ද 5විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා!
අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ, 6ස්වකීය දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේට රාජ්‍යයක් ද පූජකයින් ද බවට අප පත් කළ, තැනැන්වහන්සේට සදහට ම, සදාතනික ව තේජෝ මහිමයත්, ආධිපත්‍යයත් වේවා! ආමෙන්.
7“අන්න! උන්වහන්සේ වලාකුළුවලින් එන සේක.”#1:7 දානි 7:13
“උන්වහන්සේ ව ඇන, සිදුරු කළ අය පවා හැම ඇසක් ම,
උන්වහන්සේ දකිනු ඇත.”#1:7 සෙකරි 12;10
මිහි පිට සියලු ගෝත්‍ර “උන්වහන්සේ නිසා වැලපෙනු ඇත.”
ඒ එසේ ම වේවා! ආමෙන්.
8“මම, අල්ෆා සහ ඔමෙගා වෙමි, සිටින්නා වූ සිටියා වූ, මතු ද සිටින්නා වූ සර්ව පරාක්‍රමයාණන්වහන්සේ යැ” යි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කියන සේක.
මනුෂ්‍ය පුත්‍රයාණන්
9යේසුස්වහන්සේ තුළ පීඩා විඳීමේ ද රාජ්‍යයේ ද ඉවසා දරා ගැනීමේ ද ඔබගේ සහෝදරයා හා හවුල්කරුවා වන යොහන් නම් මම, දෙවියන්වහන්සේගේ වචනය නිසාත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය නිසාත් පත්මොස් නැමති දිවයිනේ සිටියෙමි. 10ස්වාමින්වහන්සේගේ දවසේ මම ආත්මයාණන්වහන්සේ තුළ වීමි. එවිට හොරණෑ හඬක් වැනි උස් කටහඬක් මට පිටුපසින්, ඇසිණි. 11“ඔබ දකින දෑ පොතක ලියා, එය එපීසය, ස්මර්ණා, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියා හා ලවොදික යන සභා හතට යවන්නැ” යි ඉන් කියැවිණි.
12මට කතා කළ කටහඬ කිමෙක්දැයි බලන්නට මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් හතක් 13හා ඒ පහන් රුක් මැද මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනකු,#1:13 දානි 7:13 ස්වකීය පාද දක්වා දිගු ලෝගුවක් හැඳ, ළය වටා රන් පටියක් බැඳ සිටිනු දුටිමි. 14උන්වහන්සේගේ හිසේ කෙස්, සුදු ලෝම බඳුව හිම මෙන් සුදු ය. උන්වහන්සේගේ ඇස් ගිනි දළු වගේ ය. 15උන්වහන්සේගේ පාද උදුනක ගිනියම් ව දිළිසෙන පිත්තල වැනි විය. උන්වහන්සේගේ කටහඬ මහ ජල ඝෝෂාවක් වැන්න. 16උන්වහන්සේගේ දකුණු අතේ, උන්වහන්සේ තාරකා හතක් දරා සිටි අතර, උන්වහන්සේගේ මුවින් තියුණු දෙමුවහත් කඩුවක් නික්මිණි. උන්වහන්සේගේ මුහුණ පරම කාන්තියෙන් බබළන හිරු මෙන් විය.
17උන්වහන්සේ දුටු විට මම මළාක් මෙන්, උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තම දකුණු අත මා පිට තබා, මෙසේ පැවසූ සේක: “බය වන්න එපා. පළමුවැන්නාත්, අන්තිමයාත් මමයි. 18ජීවමාන තැනැත්තාණන් මමයි; මම මැරුණෙමි, එහෙත් මෙන්න, මම සදහට ම ජීවත් ව සිටිමි! තවද මරණයේ හා පාතාලයේ යතුරු ඇත්තේ මා ළඟයි.
19“එබැවින් ඔබ දුටු දෑ ද දැන් ඇති දෑ ද මීට පසු සිදුවන දෑ ද ලියන්න. 20මගේ දකුණු අතේ ඔබ දුටු තාරකා හතේ හා රන් පහන් රුක් හතේ අබිරහසේ අරුත මෙයයි. තාරකා හත, සභා හතේ දූතයින් ය. පහන් රුක් හත, සභා හත ය.
දැනට තෝරාගෙන ඇත:
එළිදරවු 1: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: