එළිදරවු 2
2
එපීසයෙහි සභාව වෙත
1“එපීසයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
“තාරකා හත තම දකුණු අතේ දරන, රන් පහන් රුක් හත මැද සක්මන් කරන තැනැත්තාණන්ගේ වචන මෙසේ ය:
2“ඔබේ වැඩ ද ඔබේ වෙහෙස මහන්සිය ද ඔබේ ඉවසා දරා ගැනීම ද ඔබ නපුරන් නුරුස්නා බැව් ද අපෝස්තුලුවරුන් නො වන නමුදු තමන් අපෝස්තුලුවරුන්ය කියාගන්නවුන් පරීක්ෂා කර, ඔවුන් බොරුකරුවන් වග දැනගත් බැව් ද මම දනිමි. 3ඔබ මගේ නාමය උදෙසා ඉවසීමෙන් යුතු ව දරා, උසුලා, එහෙත් විඩාවට පත් නො වූ බැව් ද දනිමි.
4“එහෙත් ඔබගේ පළමු ප්‍රේමය ඔබ අත්හැර ඇත යන චෝදනාව ඔබට එරෙහිව මට ඇත: 5එබැවින්, ඔබ වැටී සිටින්නේ කොතැනක සිටදැයි සිහි කරන්න; පසුතැවිලි වී, ඔබ මුලින් කළ වැඩ කරන්න. එසේ නො කර, පසුතැවිලි නො වෙතොත් මම ඔබ වෙත අවුත්, ඔබේ පහන් රුක පිහිටි තැනින් ඉවත් කරන්නෙමි. 6එහෙත් මා ද්වේෂ කරන නිකොලයිතන්වාදීන්ගේ ක්‍රියාකාරකම්වලට ඔබත් ද්වේෂ කිරීම ඔබට තිබේ.
7“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවියන්වහන්සේගේ පාරාදීසයේ ඇති ජීවන වෘක්ෂයෙන් කන්නට වර දෙන්නෙමි.
ස්මර්ණාහි සභාව වෙත
8“ස්මර්ණාහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
“පළමු වැන්නා ද අන්තිමයා ද වූ මැරුණු නමුදු යළි ජීවනයට පැමිණි තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.
9“ඔබගේ පීඩා ද ඔබගේ දිළිඳුකම ද දනිමි. එහෙත් ඔබ ධනවත් ය! යුදෙව්වන් නො වන නමුත් තුමූ යුදෙව්වන්ය කියා ගන්නා, සාතන්ගේ සිනගෝගයට අයත් වූවන්ගේ අපවාද ද මම දනිමි. 10ඔබ විඳින්නට යන දෑ ගැන බය නො වන්න. ඔන්න! පරීක්ෂා කරනු සඳහා සාතන් ඔබෙන් ඇතැම් දෙනකු සිර ගෙයි දමන්නට යයි; දහ දවසක් ඔබ පීඩා විඳිනු ඇත. මරණය දක්වාත් විශ්වාසවන්ත ව සිටින්න. එවිට ජීවනයේ ඔටුන්න මම ඔබට දෙන්නෙමි.
11“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, දෙවන මරණයෙන් අනතුරක් වන්නේ නැත.
පර්ගමම්හි සභාව වෙත
12“පර්ගමම්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
“තියුණු, දෙමුවහත් කඩුව ඇති තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.
13“ඔබ වාසය කරන්නේ කොතැනකදැයි මම දනිමි. ඒ, සාතන්ගේ සිංහාසනය ඇති තැනයි. එසේ වුවත්, ඔබ මගේ නාමය තදින් අල්ලාගෙන සිටී. සාතන් වෙසෙන තැනදී ඔබ අතරේ මරා දමන ලද මගේ විශ්වාස සාක්ෂිකරු වූ අන්තිපස්ගේ දවස්හි දීවත්, මා කෙරේ තැබූ ඔබේ ඇදහිල්ල ඔබ ප්‍රතික්ෂේප කළේ නැත.
14“එහෙත් ඔබට එරෙහිව කරුණු ස්වල්පයක් මට තිබේ. පිළිමවලට යාග කළ පිදේනි කෑමටත්, ලිංගික අනාචාරයන්හි යෙදීමටත් ඉශ්‍රායෙල් පුත්‍රයින් ඉදිරියේ බාධකයක් තැබීමට බාලාක්ට ඉගැන් වූ බාලාම්ගේ ඉගැන්වීම් දරන්නන් ඇතමෙක් ඔබ අතර වෙති. 15තවද නිකොලයිතන්වාදී ඉගැන්වීම් දරන්නෝත් ඔබට සිටිති. 16එබැවින් පසුතැවිලි වන්න! නැතහොත්, මම විගස ඔබ වෙත අවුත්, මගේ මුවින් නික්මෙන කඩුවෙන් ඔවුන්ට එරෙහිව සටන් කරන්නෙමි.
17“ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, සඟවන ලද මන්නා දෙන්නෙමි. ලබන්නා පමණක් මිස, අන් කිසිවකු දැනගනු නො ලබන අලුත් නමක් ලියන ලද සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.
තියාතිරාහි සභාව වෙත
18“තියාතිරාහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
“ගිනි දැල්ලක් වැනි ඇස් හා දිදුලන පිත්තල වැනි පා ඇති දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ වචන මෙසේ ය.
19“ඔබේ වැඩ ද ඔබේ ප්‍රේමය හා ඇදහිල්ල ද ඔබේ සේවය හා ඉවසා දරා ගැනීම ද මෑතදී ඔබේ වැඩ, මුලදීට වඩා වැඩි බව ද මම දනිමි.
20“එහෙත් තමා දිවැසිවරියකැයි ඇය ම කියා ගන්නා, අර යෙසෙබෙල් ස්ත්‍රියට අවකාශ දීම ඔබට එරෙහිව මට තියේ. ඈ සිය ඉගැන්වීම් මගින් ලිංගික අනාචාරකම් කිරීමටත්, පිළිමවලට යාග කළ පිදේනි කෑමටත් මගේ දාසයින් නොමග යවන්නී ය. 21ඇගේ ලිංගික අනාචාරය ගැන පසුතැවිලි වන්නට මම ඇයට කල් දුනිමි. එහෙත්, ඇය ඊට කැමති නැත. 22එබැවින්, විඳවීමේ යහනක මම ඇය හෙළා දමන්නෙමි. ඇය හා පරදාර සේවනයේ යෙදෙන්නන් ඇගේ මාර්ග ගැන පසුතැවිලි නො වේ නම්, ඔවුන් ද ඇය හා දරුණු පීඩාවකට පත් කරමි. 23මම ඇගේ දරුවන් මරා දමන්නෙමි. එවිට, මනස හා හදවත විමසන තැනැත්තාණන් මා බැව් සියලු සභාවන් දැනගන්නවා ඇත. තවද ඔබ එකිනෙකාගේ ක්‍රියා අනුව මම ඔබට ප්‍රතිවිපාක දෙමි.
24“එහෙත් එම ඉගැන්වීම් දරන්නේ නැති, ඇතමුන් කියන පරිදි සාතන්ගේ ගැඹුරු රහස් ඉගෙන ගත්තේ නැති, තියාතිරාවේ සිටින සෙසු අය වන ඔබට මම මෙසේ කියමි, ‘අන් කිසි බරක් මා ඔබ පිට පටවන්නේ නැත. 25ඔබට ඇති දෑ මා එන තුරු තදින් අල්ලාගෙන සිටින්න.’
26“ජය ගන්නා වූත්, අවසානය දක්වා මගේ වැඩ කර ගෙන යන්නා වූත් තැනැත්තාට මම, 27මගේ පියාණන් වෙතින් මා ආධිපත්‍යය ලැබූ අයුරින් ජාතීන් කෙරෙහි ආධිපත්‍යය දෙමි. ‘මැටි බඳුන් සේ ඔවුන් කැබලි කොට විසුණු කරමින්, ඔහු යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනු ඇත.’#2:27 ගීතා 2;9 28මම ඔහුට පහන් තරුව දෙන්නෙමි. 29ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!
දැනට තෝරාගෙන ඇත:
එළිදරවු 2: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: