ගීතාවලිය 93:1-5

ගීතාවලිය 93:1-5 SCV

ස්වාමින්වහන්සේ රජකම් කරන සේක; උන්වහන්සේ, මහානුභාවය පැලඳ සිටින සේක; ස්වාමින්වහන්සේ ශක්තියෙන් සන්නද්ධ ව සිටින සේක, ලෝකය, ස්ථාවර ව ස්ථාපිත ය; ඇත්තෙන් ම, එය සොලවනු නො හැක. ඔබගේ සිංහාසනය, අනාදියේ පටන් ම ස්ථාපිත ය; සදාතනයේ පටන් ම ඔබ පැවත සිටින සේක. අහෝ ස්වාමින්වහන්ස, මහ සමුදුරු ඉහළට නැගුණෝ ය, ඒ මහ සමුදුරු තම රළ ගොස ඉහළ නැගුවෝ ය; මහ සමුදුරු තම රළ රැළි පෙළ ඉහළට නැගුවෝ ය. ඉහළ ස්වර්ගයේ ස්වාමින්වහන්සේ, පරාක්‍රමවත් ය, මහා ජල ධාරාවන්ගේ ගිගුරුමට වඩා බලවත් ය; මහා ජල ප්‍රවාහයනට වඩා බලසම්පන්න ය. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ පනත් ස්ථාවර ය; අනන්තය දක්වා ම ඔබගේ ගෘහය ශුද්ධත්වයෙන් අලංකෘත ය.

ගීතාවලිය 93:1-5 සඳහා වීඩියෝව

ගීතාවලිය 93:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය