ගීතාවලිය 86
86
ගීතාවලිය 86
දාවිත්ගේ යාච්ඤාවකි.
1සවන් දුන මැනවි අහෝ ස්වාමින්වහන්ස, අසා, ප්‍රතිචාර දැක්වුව මැනව.
මන්ද මා දුප්පත් ය, දිළිඳු ය.
2මා දිවි රැක දුන මැනව, මන්ද මම ඔබවහන්සේට කැප වූවෙක්මි;
ඔබ තුළ විශ්වාසය තබන ඔබගේ සේවකයා ගැලෙවුව මැනව.
ඔබ මගේ දෙවියන්වහන්සේ ය; 3දයා වුව මැනව මට අහෝ ස්වාමිනි,
දවස පුරා මම ඔබට හඬ ගසමි.
4ඔබගේ සේවකයාට ප්‍රීතිය ගෙන දුන මැනව,
මන්ද මම ඔබ වෙත මගේ ජීවය ඔසවන්නෙමි, අහෝ ස්වාමිනි.
5ඔබ කමා වන සේක; ඔබ යහපත් ය, අහෝ ස්වාමිනි,
ඔබට අයදින සියල්ලන්ට ඔබගේ නොමියෙන ප්‍රේමය අපරිමිත ය.
6ඇසුව මැනවි මගේ යැදුම, අහෝ ස්වාමින්වහන්ස;
දයාව අයදින මගේ හැඬුමට සවන් දුන මැනව.
7මගේ විපත්ති දවසේ මම ඔබට හඬ ගසන්නෙමි;
මන්ද ඔබ මට පිහිට වන සේක.
8දෙවිවරුන් අතරේ ඔබට සමාන අන් කෙනෙක් නැත,
අහෝ ස්වාමිනි, ඔබ කර ඇති දෑ හා සසැඳිය හැකි අන් ක්‍රියා ද නැත්තේම ය.
9ඔබ විසින් සෑදූ සියලු ජාතීන්
ඔබ අබියසට අවුත්, ඔබට නමස්කාර කරනු ඇත අහෝ ස්වාමිනි,
ඔබගේ නාමයට ඔවුන් මහිමය ගෙනෙනු ඇත.
10මන්ද ඔබවහන්සේ උත්තම ය; ආශ්චර්යවත් දෑ කරන සේක.
ඔබවහන්සේ පමණක් දෙවියන්වහන්සේ ය.
11ඉගැන්නුව මැනව මට ඔබගේ මාර්ග, අහෝ ස්වාමින්වහන්ස,
එවිට මම ඔබගේ සත්‍යයෙහි ගමන් කරන්නෙමි.
ඔබගේ නාමයට මා භය පක්ෂපාත වන පිණිස,
නො බෙදුනු හදවතක් මට දුන මැනවි.
12අහෝ ස්වාමිනි, මගේ දෙවියන්වහන්ස, මගේ මුළු හදවතින් ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි;
සදහට ම ඔබගේ නාමය ගෞරවයට පමුණු වන්නෙමි.
13මා වෙතැති ඔබගේ නොමියෙන ප්‍රේමය ඉමහත් ය;
ෂෙයෝල#86:13 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය නරාවළ පත්ලෙන්
ඔබ මා මිදූ සේක.
14අහෝ දෙවියන්වහන්ස, අහංකාර මිනිස්සු මට පහර දෙති;
ඔබ ගැන කිසි තැකීමක් නැති නිර්දය පිරිසක්
මගේ ජීවිතය නසන්නට සොයති.
15එහෙත් ඔබවහන්සේ, අහෝ ස්වාමිනි, අනුකම්පා සහගත, දයාන්විත දෙවියන්වහන්සේ ය;
ඔබ වහා නො කිපෙන සුළු වූ, නොමියෙන ප්‍රේමයෙන් හා විශ්වසනීයත්වයෙන් අපරිමිත වූ තැනැන්වහන්සේ ය.
16මා දෙස බැලුව මැනව, මට දයා වුව මැනව;
ඔබගේ සේවකයා වූ මට–
ඔබගේ විශ්වාසී සේවිකාවගේ පුත්‍රයා වූ මට
ශක්තිය ගෙන දුන මැනවි.
17මගේ සතුරන් ඒ දැක ලජ්ජාවට පත් වන පිණිස,
ඔබගේ යහගුණයේ ලකුණක් මට පෙන්වුව මැනව;
මන්ද අහෝ ස්වාමින්වහන්ස, ඔබ මට පිහිට වී, සහනය ගෙන දුන් සේක.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 86: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.