ගීතාවලිය 81
81
ගීතාවලිය 81
සංගීත අධ්‍යක්ෂක වෙත. ගිත්තීත්ට#81:0 සංගීතමය යෙදුමක් විය හැක අනුව. ආසාෆ්ගෙනි.
1අපේ ශක්තිය වන දෙවියන්වහන්සේට ප්‍රීතියෙන් ගයන්න;
යාකොබ්ගේ දෙවියන්වහන්සේට ඔල්වරසන් දෙන්න.
2වාදනය අරඹන්න; කිකිණි රබාන වයන්න,
මධුර වීණාවත්, මහා වීණාවත් වයන්න.
3හඬවන්න හොරණෑව, නව සඳ දවසේ හා
අපගේ උත්සව දවස වන පුර සඳ දවසේ.
4මන්ද මෙය ඉශ්‍රායෙල්ට නියෝගයකි;
යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නියමයකි.
5යෝසෙප්ට පනතක් කොට, උන්වහන්සේ එය ස්ථාපිත කළේ,
උන්වහන්සේ ඊජිප්තුවට එරෙහිව ගිය අවස්ථාවේ ය.
අපට නො වැටහෙන භාෂාවක් අප ඇසූ කාලයේ ය:
6මම ඔවුන්ගේ කරින්, බර ඉවත් කළෙමි;
කූඩා ඇදීමෙන්, ඔවුන්ගේ අත් නිදහස් කළෙමි.
7විපත්තියේදී නුඹලා හඬ ගැසූහ, මම නුඹලා මුදා ගතිමි;
මේඝ වලාවක සිට මම නුඹලාට පිළිතුරු දුන්නෙමි;
මෙරීබාහි ජලය ළඟදී මම නුඹලා පරීක්ෂා කළෙමි. සෙලා
8මේ අහන්න, එම්බා මගේ ජනයිනි, මම ඔබට අවවාද කරමි.
එම්බා ඉශ්‍රායෙල්, නුඹලා මට සවන් දුන්නොත් හොඳ ය.
9ඔබ අතරේ වෙනත් දෙවියකු නො සිටිය යුතු ය;
විදේශීය දෙවියකුට ඔබ වැඳ නමස්කාර නො කළ යුතු ය.
10ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය;
ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආවේ මම ය;
ඔබගේ මුව සපුරා විවර කරන්න; මම එය පුරවන්නෙමි.
11එහෙත් මගේ ජනයා, මට සවන් දෙන්නේ නැත;
ඉශ්‍රායෙල් ජනයා මට අවනත වන්නේ නැත.
12එබැවින්, ඔවුන්ගේ ම චේතනාවන්ට අනුව හැසිරෙන පිණිස
ඔවුන්ගේ මුරණ්ඩු හදවත්වලට මම ඔවුන් භාර දුනිමි.
13අහෝ, මගේ ජනයා මට සවන් දෙන්නේ නම්,
ඉශ්‍රායෙල් ජනයා මගේ මාර්ග අනුගමන කරන්නේ නම්,
14කොපමණ විගසින් මම ඔවුන්ගේ සතුරන් යටත් කරන්නෙම් ද!
ඔවුන්ගේ එදිරිවාදීන්ට එරෙහිව මම මගේ අත හරවන්නෙම් ද!
15 ස්වාමින්වහන්සේට වෛරවන්නෝ, උන්වහන්සේ අබියස බියෙන් හැකිළෙනු ඇත;
ඔවුන්ගේ දඬුවම සදහට ම පවතිනු ඇත.
16එහෙත් ඔබ, ඉතාම අනගි ධාන්‍යයෙන් පෝෂ්‍ය කෙරේ;
පර්වතයෙන් ගත් මී පැණියෙන් ඔබ තෘප්තිමත් කරන්නෙමි.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 81: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: