ගීතාවලිය 82

82
ගීතාවලිය 82
ආසාෆ්ගේ ගීතයකි.
1දෙවියන්වහන්සේ දිව්‍ය සභාවේ මුලසුන ගත් සේක්;
දෙවිවරුන් අතරේ විනිශ්චය කරනා සේක:
2“තව කොතෙක් කලක් ඔබ අසාධාරණ ව විනිශ්චයේ යෙදෙනවා ද?
තවදුරටත් දුෂ්ටයන්ගේ පැත්ත ගන්නට යනවා ද? සෙලා
3දුබලයින්ටත්, පියා නැති අනාථයින්ටත් යුක්තිය ඉෂ්ට කරනු;
දුගියන්ගෙත්, පීඩිතවූවන්ගෙත් අයිතිවාසිකම් ලබා දෙනු.
4දුබලයින් හා දුගියන් මුදාලනු;
දුෂ්ටයින් අතින් ඔවුන් බේරා හරිනු.
5“ඔවුන් දන්නා දෙයක් නැත, ඔවුන්ට කිසි වැටහීමක් නැත.
ඔවුන් ඇවිදින්නේ අන්ධකාරයේ ය.
පොළොවේ සියලු අත්තිවාරම් සොලවනු ලැබේ.
6“ ‘ඔබ දෙවිවරු ය;
ඔබ සැවොම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ යැ’ යි මම කීවෙමි.
7එහෙත් පෘථග්ජන මිනිසුන් සේ ඔබත් මැරී යනු ඇත;
සෙසු හැම අධිපතියකු සේ ම ඔබත් වැටී යනු ඇත.”
8නැගිට එනු මැනවි අහෝ දෙවියන්වහන්ස,
ලෝකය විනිශ්චය කළ මැනව; මන්ද ජාතීන් සියල්ලෝ ඔබගේ උරුමය ය.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 82: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න