ගීතාවලිය 73:22-28

ගීතාවලිය 73:22-28 SCV

මම හරි වැටහීමෙන් තොර ව, අවිද්‍යාත්මක ව සිටියෙමි; මම ඔබ ඉදිරියේ තිරිසන් සත්වයකු බඳු වීමි. එහෙත් මම හැම විටෙක ඔබ සමඟ වීමි; ඔබ මගේ දකුණතින් අල්ලාගෙන ම සිටි සේක. ඔබගේ උපදෙස්වලින් ඔබ මට මග පෙන් වූ සේක, අවසානයේදී ඔබ මා මහිමයට පිළිගන්නා සේක. ඔබ හැර ස්වර්ගයෙහි මට සිටින්නේ කවුරු ද? මේ පොළොවේදීත් ඔබ මිස මා අබිමත කිසිවක් නැත. මගේ සිරුරත්, මගේ හදවතත් වැහැරී යනු ඇත, එහෙත් මගේ හදවතේ ශක්තියත්, සදහට ම මගේ උරුම කොටසත් දෙවියන්වහන්සේ ය. ඔබගෙන් ඈත් ව සිටින්නෝ වැනසී යන්නෝ ය; ඔබට අවිශ්වාස වන සියල්ලන් ඔබ විනාශ කර දමන සේක. එහෙත් මට, දෙවියන්වහන්සේට ළං ව සිටීම යහපත. පරමාධිපති ස්වාමින්වහන්සේ මම මගේ සරණය කර ගතිමි; ඔබ කළ හැම දේ මම ප්‍රකාශ කරන්නෙමි.

ගීතාවලිය 73:22-28 සඳහා වීඩියෝව

ගීතාවලිය 73:22-28 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය