ගීතාවලිය 73:22-28
ගීතාවලිය 73:22-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම හරි වැටහීමෙන් තොර ව, අවිද්‍යාත්මක ව සිටියෙමි; මම ඔබ ඉදිරියේ තිරිසන් සත්වයකු බඳු වීමි. එහෙත් මම හැම විටෙක ඔබ සමඟ වීමි; ඔබ මගේ දකුණතින් අල්ලාගෙන ම සිටි සේක. ඔබගේ උපදෙස්වලින් ඔබ මට මග පෙන් වූ සේක, අවසානයේදී ඔබ මා මහිමයට පිළිගන්නා සේක. ඔබ හැර ස්වර්ගයෙහි මට සිටින්නේ කවුරු ද? මේ පොළොවේදීත් ඔබ මිස මා අබිමත කිසිවක් නැත. මගේ සිරුරත්, මගේ හදවතත් වැහැරී යනු ඇත, එහෙත් මගේ හදවතේ ශක්තියත්, සදහට ම මගේ උරුම කොටසත් දෙවියන්වහන්සේ ය. ඔබගෙන් ඈත් ව සිටින්නෝ වැනසී යන්නෝ ය; ඔබට අවිශ්වාස වන සියල්ලන් ඔබ විනාශ කර දමන සේක. එහෙත් මට, දෙවියන්වහන්සේට ළං ව සිටීම යහපත. පරමාධිපති ස්වාමින්වහන්සේ මම මගේ සරණය කර ගතිමි; ඔබ කළ හැම දේ මම ප්‍රකාශ කරන්නෙමි.
ගීතාවලිය 73:22-28 Sinhala Revised Old Version (SROV)
මම මෘගාකාර වීමි, අඥාන වීමි; ඔබ ඉදිරියෙහි තිරිසනෙකු මෙන් වීමි. එසේ නුමුත් මම නිතරම ඔබ සමඟය. ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක. ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක. ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත. මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක. මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය. මිථ්‍යාචාරලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශකළසේක. දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.
ගීතාවලිය 73:22-28 Sinhala New Revised Version (NRSV)
එවිට මම වැටහීමක් නැති මෝඩයෙකු මෙන් වූයෙමි. ඔබ අබිමුව තිරිසනෙකු බවට පත් වුණෙමි. එහෙත්, නිරතුරු මම ඔබ සමඟ සිටියෙමි. ඔබ මා දකුණතින් අල්ලාගත් සේක. ඔබේ උවදෙසින් ඔබ මට මඟපෙන්වන සේක. පසු ව ඔබ මට ගරු සම්මාන දී මා පිළිගන්න සේක. ඔබ හැර සුරලොව මට සිටින්නේ කවරෙක් ද? ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි. මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක. ඔබ අත්හැර දමන්නෝ සැබැවින් ම වැනසී යන්නෝ ය; ඔබට ද්‍රෝහි වූවන් ඔබ වනසන සේක. මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය. ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි.
ගීතාවලිය 73:22-28 Sinhala New Revised Version 2018 (SNRV)
එවිට මම වැටහීමක් නැති මෝඩයෙකු මෙන් වූයෙමි. ඔබ අබිමුව තිරිසනෙකු බවට පත් වුණෙමි. එහෙත්, නිරතුරු මම ඔබ සමඟ සිටියෙමි. ඔබ මා දකුණතින් අල්ලාගත් සේක. ඔබේ උවදෙසින් ඔබ මට මඟපෙන්වන සේක. පසු ව ඔබ මට ගරු සම්මාන දී මා පිළිගන්න සේක. ඔබ හැර සගලොව මට සිටින්නේ කවරෙක් ද? ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි. මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක. ඔබ අත්හැර දමන්නෝ සැබැවින් ම වැනසී යන්නෝ ය; ඔබට ද්‍රෝහි වූවන් ඔබ වනසන සේක. මාගේ පරමානන්දය දෙවිඳුන් හට සමීප ව සිටීම ය. ඔබේ ක්‍රියා සියල්ල ප්‍රකාශ කරන පිණිස මම මහෝත්තම දෙවි ස්වාමීන් සරණ කොටගතිමි.
ගීතාවලිය 73:22-28 New International Version (NIV)
I was senseless and ignorant; I was a brute beast before you. Yet I am always with you; you hold me by my right hand. You guide me with your counsel, and afterward you will take me into glory. Whom have I in heaven but you? And earth has nothing I desire besides you. My flesh and my heart may fail, but God is the strength of my heart and my portion forever. Those who are far from you will perish; you destroy all who are unfaithful to you. But as for me, it is good to be near God. I have made the Sovereign LORD my refuge; I will tell of all your deeds.