ගීතාවලිය 62
62
ගීතාවලිය 62
සංගීත අධ්‍යක්ෂක වෙත. යෙදූතුන්ට අනුව. දාවිත්ගේ ගීතයකි.
1මගේ ජීවය දෙවියන්වහන්සේ තුළ පමණක් නිසංසල ව බලා හිඳී;
මගේ ගැලවීම පැමිණෙන්නේ උන්වහන්සේ වෙතිනි.
2මගේ පර්වතය උන්වහන්සේ පමණක් ම ය, මගේ ගැලවීම ද උන්වහන්සේ පමණක් ම ය;
උන්වහන්සේ මගේ බළකොටුව ය, කිසි කල මා සෙලවිය නො හැක.
3ඇල ගැසූ තාප්පයක් බඳු, වැනි වැනී ඇති වැටක් බඳු මිනිසකු
බිම ඇද දමන්නට තව කොපමණ කලක්
නුඹලා සැවොම ඔහුට තාඩන පීඩන කරනවා ද?
4ඔවුන් මුළුමනින් අදහස් කරන්නේ,
ඔහු සිටිනා උසස් ස්ථානයෙන් ඔහු තල්ලු කර දැමීමට ය;
ඔවුහු බොරුවෙහි සොම්නස් වෙති.
ඔවුහු තම මුවින් ආශිර්වාද කරමින්,
තම හදින් ශාප කරති. සෙලා
5එම්බා මගේ ජීවය, දෙවියන්වහන්සේ තුළ පමණක් නිසංසල ව බලා හිඳින්න;
මන්ද මගේ බලාපොරොත්තුව උන්වහන්සේ වෙතිනි.
6මගේ පර්වතය උන්වහන්සේ පමණක් ම ය, මගේ ගැලවීම ද උන්වහන්සේ පමණක් ම ය;
උන්වහන්සේ මගේ බළකොටුව ය, එබැවින් මා සොලවනු නො හැක.
7මගේ ගැලවීමත්, මගේ තේජසත් රඳා ඇත්තේ දෙවියන්වහන්සේ මත ය;
මගේ ප්‍රබල පර්වතයත්, මගේ සරණත් උන්වහන්සේ ම ය.
8එම්බා ජනයිනි, හැම කල් උන්වහන්සේ තුළ විශ්වාසය තබන්න;
ඔබගේ හදවත් උන්වහන්සේ අබියස වගුරු වන්න,
මන්ද, අපගේ සරණය දෙවියන්වහන්සේ ම ය. සෙලා
9පහත් මිනිසා, සුළං රොදක් පමණි,
උසස් මිනිසා ද මායාවක් පමණි.
ඔවුන් කිරා බලන්නට තරාදියක දැමුවහොත්, කිසිවක් නො දැම්මා වාගේ ය;
ඒ දෙගොල්ල ම එකට ගත්තත්, ඔවුන් සුළං රොදක් පමණි.
10බලහත්කාරය ගැන විශ්වාසය නො තබන්න,
සොරාගත් දෑ ගැන අහංකාර නො වන්න;
ඔබේ ධන සම්පත් වැඩිවුණත්,
ඒවායේ ඔබේ හද නො රඳවන්න.
11දෙවියන්වහන්සේ එක් වරක් පැවසූ සේක,
මම දෙවරක් අසා ඇත්තෙමි:
එනම්, බලය අයිති දෙවියන්වහන්සේට වග ය,
12නොමියෙන ප්‍රේමය ද අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේගේ ම වග ය;
සැබවින් ම, එක් එක්කෙනා කළ කළ දේ අනුව,
ඔබවහන්සේ ඔවුනට ප්‍රතිවිපාක දෙන සේක.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 62: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.