ගීතාවලිය 62:5-7

ගීතාවලිය 62:5-7 SCV

එම්බා මගේ ජීවය, දෙවියන්වහන්සේ තුළ පමණක් නිසංසල ව බලා හිඳින්න; මන්ද මගේ බලාපොරොත්තුව උන්වහන්සේ වෙතිනි. මගේ පර්වතය උන්වහන්සේ පමණක් ම ය, මගේ ගැලවීම ද උන්වහන්සේ පමණක් ම ය; උන්වහන්සේ මගේ බළකොටුව ය, එබැවින් මා සොලවනු නො හැක. මගේ ගැලවීමත්, මගේ තේජසත් රඳා ඇත්තේ දෙවියන්වහන්සේ මත ය; මගේ ප්‍රබල පර්වතයත්, මගේ සරණත් උන්වහන්සේ ම ය.