ගීතාවලිය 62:5-7
ගීතාවලිය 62:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එම්බා මගේ ජීවය, දෙවියන්වහන්සේ තුළ පමණක් නිසංසල ව බලා හිඳින්න; මන්ද මගේ බලාපොරොත්තුව උන්වහන්සේ වෙතිනි. මගේ පර්වතය උන්වහන්සේ පමණක් ම ය, මගේ ගැලවීම ද උන්වහන්සේ පමණක් ම ය; උන්වහන්සේ මගේ බළකොටුව ය, එබැවින් මා සොලවනු නො හැක. මගේ ගැලවීමත්, මගේ තේජසත් රඳා ඇත්තේ දෙවියන්වහන්සේ මත ය; මගේ ප්රබල පර්වතයත්, මගේ සරණත් උන්වහන්සේ ම ය.
ගීතාවලිය 62:5-7 Sinhala Revised Old Version (SROV)
මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය. මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි. මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය.
ගීතාවලිය 62:5-7 Sinhala New Revised Version (NRSV)
මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි. මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි. මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය; මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය.
ගීතාවලිය 62:5-7 Sinhala New Revised Version 2018 (SNRV)