ගීතාවලිය 56:5-11

ගීතාවලිය 56:5-11 SCV

දවස මුළුල්ලේ ඔවුහු මගේ වචන කණපිට පෙරළති; හැම විටෙක ම ඔවුහු මට අනර්ථයක් කරන්නට කුමන්ත්‍රණ කරති. ඔවුහු රැස් ව මන්ත්‍රණ කරති; රහසේ රැක සිටිති; මා යන එන තැන් ගැන විපරමින් සිටිති; මගේ දිවි තොර කරන්නට උත්සුක වෙති. ඔවුන්ගේ දුෂ්ටකම නිසා ඔවුනට ගැලවී යන්නට ඉඩ නුදුන මැනව; අහෝ දෙවියන්වහන්ස, ඔබගේ කෝපයෙන් ඒ ජාතීන් ඇද දැමුව මැනව. මගේ විලාපය වාර්තා කර ගත මැනව; මගේ කඳුළු ඔබගේ සම් බඳුනෙහි රැස් කොට මැන බැලුව මැනව, ඔබ ඒවා සටහන් කර ගෙන නැති ද? එවිට උපකාර ඉල්ලා මා හඬ ගසන කල, මගේ සතුරන් ආපසු හැරී යනු ඇත; දෙවියන්වහන්සේ මගේ පැත්තට වග එවිට මම දැන ගන්නෙමි. මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේ තුළ, මා වර්ණනා කරන වචනය හිමි ස්වාමින්වහන්සේ තුළ, එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි; මිනිසා මට කුමක් කරන්න ද?

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 56:5-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය