ගීතාවලිය 51:7-15

ගීතාවලිය 51:7-15 SCV

හිසොප් ඉත්තෙන් ඉස, මා ශුද්ධ කළ මැනව; එවිට මම පවිත්‍ර වන්නෙමි. මා දෝවනය කළ මැනවි; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි, ප්‍රීතියත්, ප්‍රමෝදයත් යළි මට අසන්නට සැලසුව මැනව. ඔබ බිඳිනු ලැබූ මගේ ඇටකටු දැන් සොම්නස් වේවා! මගේ පාප වෙතින් ඔබේ මුහුණ සඟවා ගත මැනව. මගේ සියලු අයුතුකම් මකා දැමුව මැනව. මා තුළෙහි පවිත්‍ර හදක් නිර්මාණ කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තිරසර ආත්මයකින් මා ඇතුළාන්තය අලුත් කළ මැනව. ඔබ අබියසින් මා පලවා හැරීමත්, ඔබගේ ශුද්ධාත්මයාණන් මවෙතින් ඉවත ගැනීමත් නො කළ මැනව. ඔබගේ ගැලවීමේ ප්‍රීතිය යළි මට දුන මැනව; අවනත සිතක් මට දී මා දරා සිටිය මැනව. එවිට අපරාධකරුවනට මම ඔබේ මාර්ග කියා දෙන්නෙමි; එකල පව්කරුවන්, ඔබ වෙත හැරී එනු ඇත. අහෝ දෙවියන්වහන්ස, මා ගලවා ගන්නා දෙවියන්වහන්ස, ලේ වැගිරීමේ අපරාධයෙන් මා ගැලෙවුව මැනව; එවිට මගේ දිවෙන් ඔබේ ධර්මිෂ්ඨකමට ගී ගැයේ. අහෝ ස්වාමින්වහන්ස, මගේ තොල් විවර කළ මැනව; එවිට මගේ මුව ඔබට ප්‍රශංසා කරයි.