ගීතාවලිය 51:5-7

ගීතාවලිය 51:5-7 SCV

උපතේදීත්, ඇත්තෙන් ම මා අයුතුකමින් යුතු විණි; මා මව් කුස පිළිසිඳි වේලේ පටන් පාපයෙන් යුතු විණි. සැබවින් ම හද අභ්‍යන්තරයේ සත්‍යයට ඔබ අබිමත වන සේක; හද ඇතුල් ගැබෙහි ඔබ මට ප්‍රඥාව උගන්වන සේක. හිසොප් ඉත්තෙන් ඉස, මා ශුද්ධ කළ මැනව; එවිට මම පවිත්‍ර වන්නෙමි. මා දෝවනය කළ මැනවි; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි