ගීතාවලිය 51:12-17

ගීතාවලිය 51:12-17 SCV

ඔබගේ ගැලවීමේ ප්‍රීතිය යළි මට දුන මැනව; අවනත සිතක් මට දී මා දරා සිටිය මැනව. එවිට අපරාධකරුවනට මම ඔබේ මාර්ග කියා දෙන්නෙමි; එකල පව්කරුවන්, ඔබ වෙත හැරී එනු ඇත. අහෝ දෙවියන්වහන්ස, මා ගලවා ගන්නා දෙවියන්වහන්ස, ලේ වැගිරීමේ අපරාධයෙන් මා ගැලෙවුව මැනව; එවිට මගේ දිවෙන් ඔබේ ධර්මිෂ්ඨකමට ගී ගැයේ. අහෝ ස්වාමින්වහන්ස, මගේ තොල් විවර කළ මැනව; එවිට මගේ මුව ඔබට ප්‍රශංසා කරයි. යාග පූජාවට ඔබ සොම්නස් නො වේ; එසේ නො වී නම් මම ඒවා පුදන්නෙමි. දවන යාග පූජාවට ඔබ ප්‍රසන්න නැත. දෙවියන්වහන්සේට පිදෙන යාග පූජාව බිඳුණු සිතක් ය; අහෝ දෙවියන්වහන්ස, කැඩුණු, තැවෙන හදක් ඔබ සුළු කොට නො තකන සේක.