ගීතාවලිය 51:12-17

ගීතාවලිය 51:12-17 - ඔබගේ ගැලවීමේ ප්‍රීතිය යළි මට දුන මැනව;
අවනත සිතක් මට දී මා දරා සිටිය මැනව.

එවිට අපරාධකරුවනට මම ඔබේ මාර්ග කියා දෙන්නෙමි;
එකල පව්කරුවන්, ඔබ වෙත හැරී එනු ඇත.
අහෝ දෙවියන්වහන්ස, මා ගලවා ගන්නා දෙවියන්වහන්ස,
ලේ වැගිරීමේ අපරාධයෙන් මා ගැලෙවුව මැනව;
එවිට මගේ දිවෙන් ඔබේ ධර්මිෂ්ඨකමට ගී ගැයේ.
අහෝ ස්වාමින්වහන්ස, මගේ තොල් විවර කළ මැනව;
එවිට මගේ මුව ඔබට ප්‍රශංසා කරයි.
යාග පූජාවට ඔබ සොම්නස් නො වේ; එසේ නො වී නම් මම ඒවා පුදන්නෙමි.
දවන යාග පූජාවට ඔබ ප්‍රසන්න නැත.
දෙවියන්වහන්සේට පිදෙන යාග පූජාව බිඳුණු සිතක් ය;
අහෝ දෙවියන්වහන්ස, කැඩුණු, තැවෙන හදක්
ඔබ සුළු කොට නො තකන සේක.
ගීතාවලිය 51:12-17