ගීතාවලිය 46
46
ගීතාවලිය 46
සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුත්‍රයන්ගෙනි. අලාමෝත්#46:0 සංගීතමය යෙදුමක් විය හැක අනුව ය. ගීයකි.
1දෙවියන්වහන්සේ අපගේ සරණය හා ශක්තිය ය.
විපත්තියේදී ඉතා ළං ව ඇති පිහිටක් ය.
2එබැවින් පොළෝ කම්පා සිදු වෙතත්,
කඳු මුහුද මැදට කඩා හැලෙතත්,
3එහි ජල ගුගුරා කැලඹෙතත්,
එයින් නැගෙන සැඩ පහරින් කඳු සසල වෙතත් අපි බය නො වන්නෙමු. සෙලා
4ගංගාවක් තිබේ, එහි දිය පාරවල් මහෝත්තමයාණන් වාසය කරන
ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ පුරවරය ප්‍රමෝදයට පත් කරයි.
5දෙවියන්වහන්සේ එපුර ඇතුළත වැඩ වසන සේක. එය ඇද වැටෙන්නේ නැත;
හිමිදිරි උදයෙන් දෙවියන්වහන්සේ එයට උපකාර කරන සේක.
6ජාතීන් අතර මහත් නො සන්සුන්තාවකි; රාජ්‍යයෝ වැටී යති;
උන්වහන්සේ උස් හඬ නගන සේක, පොළොව උණුවී යයි.
7සේනාංකාධිපති ස්වාමින්වහන්සේ අප සමඟ ය.
යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බළකොටුව ය. සෙලා
8එන්න, ඇවිත් ස්වාමින්වහන්සේගේ ක්‍රියා,
පොළොව පිටට උන්වහන්සේ ගෙනවුත් ඇති පාළු කිරීම් බලන්න.
9උන්වහන්සේ පොළොවේ හැම කෙළවරක ම
යුද්ධය නවතන සේක.
උන්වහන්සේ දුන්න කඩා, හෙල්ලය බිඳ දමන සේක්;
පලිහ ගින්නෙන් දවා දමන සේක.
10නිසල වන්න! මා දෙවියන්වහන්සේ වග දැනගන්න.
ජාතීන් අතරෙහි මම උසස් වන්නෙමි.
පොළොව මුළුල්ලේ මම උසස් වන්නෙමි.
11සේනාංකාධිපති ස්වාමින්වහන්සේ අප සමඟ ය.
යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බළකොටුව ය. සෙලා
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 46: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.