ගීතාවලිය 26
26
ගීතාවලිය 26
දාවිත්ගෙනි.
1මා නිදොස් වග ප්‍රකාශ කරන්න, අහෝ ස්වාමින්වහන්ස,
මන්ද, මම පූර්ණ-අවංකත්වයෙන් දිවි ගත කළෙමි.
මම දෙගිඩියාවෙන් තොර ව,
ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා ඇත්තෙමි.
2මා පිරික්සා බලන්න, අහෝ ස්වාමින්වහන්ස, මා උරගා බලන්න;
මගේ හදත්, මගේ සිතත් විමසා බලන්න.
3මන්ද, ඔබේ නොමියෙන ප්‍රේමය, නිති මා ඉදිරියෙහි ය;
නිරතුරු මම ඔබගේ විශ්වසනීය භාවයෙහි ජීවත් වන්නෙමි.
4රැවටිලිකාර මිනිසුන් සමඟ මා අසුන් ගන්නේ නැත;
කුහකයින් සමඟ මා ඇසුරු කරන්නේ නැත.
5දුෂ්ටකම් කරන්නන්ගේ සමාගම, මම පිළිකුල් කරමි;
නපුරන් හා එකට හිඳ ගැනීම ප්‍රතික්ෂේප කරමි.
6නිර්දෝෂත්වයෙන් මම මගේ දෑත් සෝදාගෙන,
අහෝ ස්වාමින්වහන්ස, ඔබේ පූජාසනය පැදකුණු කරන්නෙමි.
7එසේ කරන්නේ උස් හඬ නගා ඔබට තුති ගී ගයමින්,
ඔබගේ සියලු අසිරිමත් ක්‍රියා ගැන පවසමිනි.
8අහෝ ස්වාමින්වහන්ස, ඔබ වාසය කරන ඔබේ ගෘහයට,
ඔබගේ තේජෝ මහිමය වැඩ වසන නිවස්නයට මම ප්‍රේම කරමි.
9පව්කරුවන් සමඟ මා විනාශ කර නො දමනු මැනවි;
ලේ පිපාසිතයින් සමඟ මා පහ කර නො දමනු මැනවි.
10ඔවුන්ගේ අත්, කූට උපාවලට යුහුසුලු ය;
ඔවුන්ගේ සුරතෙහි, අල්ලස මිට මෙලවී ඇත.
11එහෙත් මම, පූර්ණ-අවංකත්වයෙන් දිවි ගත කරමි;
මා මුදනු මැනව, මට දයා පෑ මැනව.
12මගේ පාද සෘජු ස්ථානයක පිහිටා ඇත.
සභා එකමුතුවෙහි දී ස්වාමින්වහන්සේට මම පැසසුම් දෙන්නෙමි.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 26: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.