ගීතාවලිය 17
17
ගීතාවලිය 17
දාවිත්ගේ යැදුමකි.
1අහෝ ස්වාමින්වහන්ස, මගේ යුක්ති සහගත අයැදුම ඇසුව මැනව;
මගේ මොර ගැසීමට සවන් දුන මැනව;
මගේ තොල් අතරින් අවංක ව නැගෙන
මගේ යැදුමට කන් දුන මැනව,
2මා නිදොස් වගට තීන්දුව ඔබගෙන් ම පැමිණේවා!
නිවැරැද්ද ඔබේ ඇස්වලට පෙනේවා!
3ඔබ මා හද සෝදිසි කර බැලූ සේක; රැයෙහි මා විමසා බැලූ සේක;
ඔබ මා පරීක්ෂා කළ සේක;
එහෙත් ඔබට කිසි වරදක් හමු වූයේ නැත.
මගේ මුවින් පව් නො කරන්නට මම නියම කර ගතිමි.
4මිනිසුන්ගේ ක්‍රියා ගැන සලකන කල,
ඔබේ මුවින් පැවසූ වචන නිසා,
මම සැහැසිකමේ මාවතින් මා වළකා ගතිමි.
5මගේ පියවර, ඔබගේ මාවත්හි පියමං කරයි.
මගේ පා, එයින් ඉවතට ලිස්සා ගොස් නැත.
6මම ඔබට හඬ ගසමි, අහෝ දෙවියන්වහන්ස, මන්ද ඔබ මට පිළිතුරු දෙන සේක.
මට කන් දුන මැනව, මගේ යැදුම ඇසුව මැනව.
7සතුරන් වෙතින් ඔබේ සරණ පතා එන්නවුන්
ස්වකීය සුරතින් ගලවන මිදුම්කරුවාණනි,
ඔබේ නොමියෙන පෙමෙහි අසිරිය පෙන්නුව මැනව.
8ඔබේ ඇසේ කළුරුවාව සේ මා රැකගෙන,
ඔබේ පියාපත් සෙවණේ මා සඟවාගෙන,
9මට පහර දෙන දුෂ්ටයාගෙන් හා
මා වටකර ගන්නා මිනීමරු සතුරන්ගෙන් මා මුදා ගත මැනව.
10ඔවුන්ගේ හදවත් දයාවට වැසී ඇත;
ඔවුන්ගේ මුවින් පිට වන්නේ අහංකාර කතා ය.
11මා බිම හෙළීමට මාන බලමින්, මා ලුහුබැඳ ආ ඔවුහු,
දැන් මා වටකොටගෙන ඇත.
12ඔවුන්, තම ගොදුර ඉරා-කෑමට නො ඉවසිලිමත් සිංහයකු වැන්න;
සැඟවී, ගොදුරකට මාන අල්ලන සිංහ නාම්බකු වැන්න.
13නැගිටිනු මැනවි, අහෝ ස්වාමින්වහන්ස, ඔවුන්ට එරෙහිව සිට, ඔවුන් බිම හෙළා දැමුව මැනව,
දුෂ්ටයින් වෙතින්, ඔබේ අසිපතින් මා මිදුව මැනව.
14මේ ජීවිතය ගැන පමණක් සලකන,
මේ මිහි පිට මිනිසුන්ගෙන්, ඔබේ අතින් මා ගැලෙවුව මැනව,
අහෝ ස්වාමින්වහන්ස, ඔවුන් උදෙසා ඔබ ගබඩා කළ දැයින් ඔවුන්ගේ කුස පිරේවා!
ඔවුන්ගේ පුතුනට පමණටත් වැඩියෙන් වේවා.
ඔවුහු ඒවා තම දරුවන්ටත් උරුම කරත්වා.
15එහෙත් මම, දමිටුකමින් ඔබගේ මුහුණ දකින්නෙමි.
මා පිබිදුණු කල, ඔබගේ ස්වරූපය දැකීමෙන් මා තෘප්තියට පත් වනු ඇත.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 17: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: