ගීතාවලිය 16
16
ගීතාවලිය 16
දාවිත්ගේ මික්තාම්#16:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි.
1මා ආරක්ෂා කළ මැනව, අහෝ දෙවියන්වහන්ස,
මන්ද මම ඔබගේ සරණය ලබමි.
2 ස්වාමින්වහන්සේට මම මෙසේ පැවසීමි: “ඔබ මගේ ස්වාමියාණෝ ය:
ඔබෙන් තොර අන් සෙතක් මට නැත.”
3දේශයේ සිටින ශුද්ධවතුන් ගැන කියතහොත්, ඔවුහු ශ්‍රේෂ්ඨයෝ ය.
මගේ මුළු ප්‍රමෝදය ඔවුන් වෙත ය.
4අන් දෙවි-දේවතාවුන් පසු පස දුවන්නන්ට සෝ-දුක් වැඩි වන්නේ ය.
ඔවුන්ගේ පාන පූජා ලෙය, මම නො වගුරුවමි;
ඔවුන්ගේ නාම ද මගේ දෙතොලතරට නො ගන්නෙමි.
5මගේ උරුම කොටසත්, මගේ කුසලාන් පංගුවත් ස්වාමින්වහන්සේ ය.
ඔබවහන්සේ මගේ උරුම කොටස සුරක්ෂිත කළ සේක.
6මට මායිම් වැටුණේ ප්‍රසන්න තැන්වල ය;
සැබවින් ම මට ප්රබෝධජනක උරුමයක් ඇත.
7මට දැනමුතුකම් දෙන ස්වාමින්වහන්සේට මම පැසසුම් දෙමි;
මහ රැයේ පවා මහද, මට ගුරුහරුකම් දෙයි.
8මම, නිරතුරු ව ම මා අබියස ස්වාමින්වහන්සේ තබා ගනිමි;
උන්වහන්සේ මා දකුණු පසෙහි සිටින බැවින්, මා සොලවනු නොහැක්කේ ය.
9එබැවින් මගේ හද ප්‍රමෝදවත් වෙයි; මගේ ජීවය ප්‍රීතියෙන් පිනා යයි;
මගේ සිරුර නිරුපද්‍රිත ව වෙසෙන්නේ ය.
10මන්ද ඔබ, මළවුන්ගේ ලෝකයට මා අතැර දමන්නේ නැත.
ඔබගේ ශුද්ධවතාණන්ට දිරා ජරාවට යෑම අත්දකින්නට ඉඩ දෙන්නේ නැත.
11ජීවනයේ මාවත ඔබ මට දැන් වූ සේක;
ඔබ අබිමුවේ පිරිපුන් ප්‍රීතිය තිබේ.
ඔබගේ දකුණු පස සදාතන සොම්නස් ඇත්තේ ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 16: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: