ගීතාවලිය 18
18
ගීතාවලිය 18
සංගීත අධ්‍යක්ෂක වෙත. ස්වාමින්වහන්සේගේ සේවක දාවිත්ගෙනි. ඔහු මෙම ගීයේ වදන් ස්වාමින්වහන්සේට ගායනා කළේ, ඔහුගේ සියලු සතුරන් අතින් ද සාවුල් අතින් ද ස්වාමින්වහන්සේ ඔහු මිදූ කල්හි ය. ඔහු මෙසේ කී ය:
1මම ඔබට ප්‍රේම කරමි, අහෝ මගේ ශක්තිය වන ස්වාමින්වහන්ස,
2 ස්වාමින්වහන්සේ මගේ පර්වතය ය; මගේ බළකොටුව ය; මගේ මිදුම්කරුවාණෝ ය.
මා පිළිසරණ ලබන මගේ පර්වතය ය, මගේ දෙවියන්වහන්සේ ය.
උන්වහන්සේ මගේ පලිහ ය; මගේ ගැලවීමේ අඟ ය; මගේ සැඟවුම් පොළ ය.
3ප්‍රශංසා ලැබීමට සුදුස්සාණන් වූ ස්වාමින්වහන්සේට මම හඬ ගසමි;
එසේ, මගේ සතුරන්ගෙන් මම ගලවනු ලබමි.
4මරණයේ රැහැන් මා වෙළා-පටලා ගත්තේ ය;
විනාශයේ ජල ප්‍රවාහ මා යට කර දැම්මේ ය.
5ෂෙයෝලයේ#18:5 පාතාලයේ හෙවත් මළවුන්ගේ ස්ථානයේ රැහැන් මා වටා එතිණ.
මරණයේ උගුල් මා අබියසට ම පැමිණින.
6මගේ විපත්තියේදී මම ස්වාමින්වහන්සේට හඬ ගැසීමි;
පිහිට ඉල්ලා, මගේ දෙවියන්වහන්සේට මොර ගැසීමි;
ස්වකීය මාලිගයේ සිට උන්වහන්සේ මගේ හඬ ඇසූ සේක;
මගේ මොරගෑම උන්වහන්සේ අබියසට ගොස්, උන්වහන්සේගේ සවන් වැකිණ.
7එවිට, භූමිය වෙවුලා, කම්පන විය;
කඳුවල අත්තිවාරම් ද සෙලවිණ;
ඒවා සැලී-වෙවුලා ගියේ, උන්වහන්සේ උරණ වූ නිසා ය.
8උන්වහන්සේගේ නාස් පුඩුවලින් දූම-වලා නැංගේ ය;
උන්වහන්සේගේ මුවින් විනාශකාරී ගින්දර පිට පැන්නේ ය;
දැවෙන අඟුරු එයින් ඇවිළ ගියේ ය.
9උන්වහන්සේ ස්වර්ගය විවර කර පහළට බැස ආ සේක;
උන්වහන්සේගේ පා යටින් වූයේ ගන කළුවර ය;
10උන්වහන්සේ කෙරුබ් පිට නැගී පියාසර කළ සේක්,
සුළඟේ පියාපත් පිට සීඝ්රයෙන් වැඩිය සේක.
11අහසේ අඳුරු වැහි-වලා අන්ධකාරය උන්වහන්සේ තමන්ට ආවරණයක්,
තමා වටා උඩු වියනක් කර ගත් සේක.
12උන්වහන්සේ අබිමුවෙහි වූ දීප්තිය වෙතින් වලාකුළු ඇදී ගියේ
ගල් වැහි ද ගිනි අඟුරු ද සමඟිනි.
13 ස්වාමින්වහන්සේ අහසේ සිට ගර්ජනා කළ සේක;
මහෝත්තමයාණන්ගේ කටහඬ ගිගුරුම් දුනි; ගල් වැහි ද ගිනි අඟුරු ද නික්මිණ.
14උන්වහන්සේ තම හී ගස් විද, සතුරන් විසුරූ සේක.
මහ විදුලි අකුණු යවා, ඔවුන් පරදා ලූ සේක.
15අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ තරවටුවෙන්,
ඔබගේ නාස් පුඩුවල හුස්ම පහරින්,
සාගර පත්ල පෙනෙන්නට විණ;
පොළොවේ අත්තිවාරම් ද නිරාවරණ විය.
16උන්වහන්සේ උස් තැන්හි සිට මා අල්ලා ගත් සේක්,
ජලයේ ගැඹුරින් පිටතට මා ඇදගත් සේක.
17මගේ බලවත් සතුරාගෙන් උන්වහන්සේ මා මිදූ සේක;
මට වඩා අතිශය ප්‍රබල මගේ එදිරිවාදීන්ගෙන් මා මිදූ සේක.
18මගේ විපත්ති දවසේ ඔවුහු මට විරුද්ධ ව පැමිණියහ;
එහෙත්, ස්වාමින්වහන්සේ මගේ ආධාරය වූ සේක.
19පුළුල් නිදහස් තැනකට මා ගෙන ආ උන්වහන්සේ,
මා ගැන සොම්නස් වූ බැවින්, මා මුදා ගත් සේක.
20මගේ දමිටුකමට අනුව, මා ගැන ස්වාමින්වහන්සේ ක්‍රියා කළ සේක.
මගේ අත්වල පවිත්‍රතාවට අනුකූලව, උන්වහන්සේ මට ඉටු විපාක දුන් සේක.
21මන්ද, මම ස්වාමින්වහන්සේගේ මාර්ගවල පැවතුණෙමි;
මගේ දෙවියන්වහන්සේ වෙතින් ඉවත හැරීමේ දුෂ්ටකම නො කළෙමි.
22උන්වහන්සේගේ නියමයන් සියල්ල මා ඉදිරියේ විය;
උන්වහන්සේගේ නියෝගවලින් මම ඉවත නො හැරුණෙමි.
23උන්වහන්සේ ඉදිරියෙහි මම දෝෂ රහිත ව සිටියෙමි;
පව් කිරීමෙන් මා වළක්වා ගත්තෙමි.
24 ස්වාමින්වහන්සේ මට ඉටු විපාක දී ඇත්තේ, මගේ දමිටුකම්වලට අනුකූලව ය;
උන්වහන්සේගේ ඇස් හමුවෙහි මගේ අත්වල පවිත්‍රතාවට අනුකූලව ය.
25විශ්වාසවන්ත අය සමඟ ඔබ ද විශ්වාසවන්ත වූ සේක;
නිදොස් අයට, ඔබ ද නිදොස් බව දක්වන සේක.
26පවිත්‍ර අයට, ඔබ පවිත්‍ර බව දක්වන සේක;
එහෙත් කෛරාටික අයට, ඔබ විචක්ෂණ වග දක්වන සේක.
27ඔබවහන්සේ නිහතමානීන් ගලවන සේක.
එහෙත් අහංකාර ඇස් ඇත්තවුන් පහත හෙළන සේක.
28අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මගේ පහන, දැල්වෙමින් තබන සේක;
මගේ දෙවියන්වහන්සේ මගේ අඳුර, ආලෝකයට හරවන සේක.
29ඔබගේ සහාය ඇති ව හමුදාවකට එරෙහිව යන්නට මට හැකි ය.
මගේ දෙවියන්වහන්සේ මගින් මට පවුරක් උඩින් පැනිය හැකි ය.
30දෙවියන්වහන්සේ ගැන නම්, උන්වහන්සේගේ මාර්ගය පරිපූර්ණ ය;
ස්වාමින්වහන්සේගේ වචනය නිර්මල ය;
උන්වහන්සේ තුළ සරණ සොයන සැමට උන්වහන්සේ පලිහක් ය.
31මන්ද, ස්වාමින්වහන්සේ මිස දෙවියන්වහන්සේ අන් කවුරු ද?
අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයාණෝ අන් කවුරු ද?
32ශක්තියෙන් මා සන්නද්ධ කරන්නේ ද
මගේ මාවත පරිපූර්ණ කරන්නේ ද දෙවියන්වහන්සේ ය.
33උන්වහන්සේ මගේ පාද මුවකුගේ පාද මෙන් කරන සේක;
උන්වහන්සේ උස් තැන්හි සුරැකි ව පිහිටන්නට මට සලස්වන සේක.
34මගේ දෑත යුද්ධයට හුරු කරවන්නේ උන්වහන්සේ ය;
එවිට, මගේ බාහුවලින්, ලෝකඩ දුන්නක් වුව නැවිය හැකි වෙයි.
35ඔබ මට ගැලවීමේ පලිහ දෙන සේක.
ඔබගේ සුරත මා උසුලා සිටියි.
ඔබගේ මෘදුකම මා උසස් කර ඇත.
36මා ගමන් ගන්නා අඩි පාර ඔබ පුළුල් කළ සේක.
එබැවින් මගේ පාද නො ලිස්සී ය.
37මම මගේ සතුරන් ලුහුබැඳ, ඔවුන් අල්ලා ගතිමි;
ඔවුන් වනසා දැමෙන තුරු මම ආපසු නො හැරුණෙමි.
38නැගිටින්නට නො හැකි වන ලෙස මම ඔවුන් පොඩිකර දැමීමි;
මගේ පා යට ඔවුහු වැටී ගියහ.
39යුද්ධයට ශක්තියෙන් මා සන්නද්ධ කළ ඔබවහන්සේ,
මගේ එදිරිවාදීන් මගේ පයට යටවන්නට සැලසූ සේක.
40ඔබවහන්සේ මගේ සතුරන් හැරී පලා යන්නට සැලසූ සේක.
මම මගේ එදිරිවාදීන් වනසා දැමීමි.
41ඔවුහු උදවු ඉල්ලා කෑ මොර දුන්හ; එහෙත් ඔවුන් ගලවන්නට කෙනකු නො වී ය.
ඔවුන් ස්වාමින්වහන්සේට මොර ගැසූ නමුදු උන්වහන්සේ උත්තර නුදුන් සේක.
42සුළඟේ ගසා ගෙන යන ධූලි බවට පත් වන සේ මම ඔවුන් තළා දැමීමි.
වීදිවල මඩ මෙන් මම ඔවුන් පාගා දැමීමි.
43ජනතාවගේ විරෝධතාවලින් ඔබ මා මුදා ලූ සේක;
ජාතීන්ගේ හිස බවට ඔබ මා පත් කළ සේක.
මා නො හැඳින සිටි ජනයා මට සේවය කරති.
44මා ගැන ඇසූ විගස ඔවුහු මට කීකරු වෙති.
විදේශීහු මා ඉදිරියෙහි බැගෑපත් වෙති.
45දිරිය බිඳී ගිය විදේශීහු සැවොම වෙවුල වෙවුලා
තම බළකොටුවලින් පිටතට එති.
46 ස්වාමින්වහන්සේ ජීවත් වන්නාහ! මගේ පර්වතයාණන්ට පැසසුම් වේවා!
මගේ ගැලවුම්කාර දෙවියන්වහන්සේ උසස් වේවා!
47මා උදෙසා පළි ගන්නා දෙවියන්වහන්සේ උන්වහන්සේ ය.
උන්වහන්සේ ජාතීන් මට යටත් කරන සේක;
48මගේ සතුරන්ගෙන් මා ආරක්ෂා කරන්නේ උන්වහන්සේ ය.
මගේ එදිරිවාදීන්ට ඉහළින් මා උසස් කළ සේක.
සැහැසි මිනිසුන්ගෙන් ඔබවහන්සේ මා බේරූ සේක.
49එබැවින් අහෝ ස්වාමින්වහන්ස, ජාතීන් අතරේ මම ඔබ පසසමි.
ඔබේ නමට මම පැසසුම් ගී ගයන්නෙමි.
50උන්වහන්සේ තම රජ්ජුරුවන්ට මහා ජයග්‍රහණ දෙන සේක.
උන්වහන්සේ තම අභිෂේක ලද්දාණන් වන දාවිත්ට හා
ඔහුගේ වංශයට සදාතනික නොමියෙන පෙමක් පානා සේක.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 18: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: