හිතෝපදේශ 31:13-17

හිතෝපදේශ 31:13-17 SCV

ඈ මැහුමට, ගෙතුමට අවැසි දෑ ගෙන, ලොම් හා හණ සපයා ගෙන උනන්දුවෙන් අත්කම්වල යෙදෙන්නී ය. ඈ වෙළඳ නැවක් වැනි ය; ඈ තම ආහාර ද්‍රව්‍ය දුර-බැහැරින් ගෙන්වා ගන්නී ය. අරුණෝදයටත් පෙර පිබිදෙන ඈ, තම පවුලේ උදවියට අහර සකසන්නී ය; තම සේවිකාවනට වැඩ පවරන්නී ය. ඈ ඉඩමක් ගැන සොයා බලා, එය මිලයට ගන්නී, ඇය ඉපැයූ දෙයින් මිදි වත්තක් වවන්නී ය. ඈ ධෛර්යය සම්පන්න ව වැඩෙහි යෙදෙන්නී, කරන වැඩට සරිලන සේ දෑත හුරුකර ගන්නී ය.