හිතෝපදේශ 31:13-17
හිතෝපදේශ 31:13-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඈ මැහුමට, ගෙතුමට අවැසි දෑ ගෙන, ලොම් හා හණ සපයා ගෙන උනන්දුවෙන් අත්කම්වල යෙදෙන්නී ය. ඈ වෙළඳ නැවක් වැනි ය; ඈ තම ආහාර ද්‍රව්‍ය දුර-බැහැරින් ගෙන්වා ගන්නී ය. අරුණෝදයටත් පෙර පිබිදෙන ඈ, තම පවුලේ උදවියට අහර සකසන්නී ය; තම සේවිකාවනට වැඩ පවරන්නී ය. ඈ ඉඩමක් ගැන සොයා බලා, එය මිලයට ගන්නී, ඇය ඉපැයූ දෙයින් මිදි වත්තක් වවන්නී ය. ඈ ධෛර්යය සම්පන්න ව වැඩෙහි යෙදෙන්නී, කරන වැඩට සරිලන සේ දෑත හුරුකර ගන්නී ය.
හිතෝපදේශ 31:13-17 Sinhala Revised Old Version (SROV)
ඈ ලොම් සහ හණ සොයාගන ප්‍රීතියෙන් ඇගේ අත්වලින් වැඩකරන්නීය. ඈ වෙළඳ නැව් මෙන්ය; ඇගේ කෑම දුරස්තරයෙන් ගෙන්වාගනියි. ඈ රැයින්ම නැගිට ඇගේ පවුලේ අයට ආහාරත් ඇගේ දාසීන්ට වැඩත් දෙන්නීය. ඈ කෙතක් ගැන කල්පනාකොට ඒක මිලයට ගන්නීය, ඇගේ අත්වල ලාභයෙන් ඈ මිදිවත්තක් වවන්නීය. ඈ සවිලෙස ඉඟටිය බැඳගෙන, ඇගේ අත් සවිකරගන්නීය.
හිතෝපදේශ 31:13-17 Sinhala New Revised Version (NRSV)
ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි. ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි. ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි; දාසීන්ට වැඩ නියම කරයි. ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි. ඈ කඩිසර ව වැඩ කරන්නී ය; වැඩට මුළු හිත යොදන්නී ය; ඇගේ දෑත සවිමත් කරගනියි.
හිතෝපදේශ 31:13-17 Sinhala New Revised Version 2018 (SNRV)
ඈ ලොම් හා හණ සපයාගෙන සතොසින් අත්කම්වල යෙදෙයි. ඈ වෙළඳ නැවක් මෙනි, ඇගේ ආහාර දුරකතරින් ගෙන්වාගනියි. ඈ හිරු උදාවට පෙර නැඟිට පවුලේ උදවියට කෑම පිළියෙළ කරයි; දාසීන්ට වැඩ නියම කරයි. ඈ කෙතක් ගැන සොයා බලා, එය මිලට ගනියි; ඇගේ ශ්‍රමයෙන් ලත් ආදායමින් ඈ මිදි වත්තක් වවයි. ඈ කඩිසර ව වැඩ කරන්නී ය; වැඩට මුළු හිත යොදන්නී ය; ඇගේ දෑත සවිමත් කරගනියි.
හිතෝපදේශ 31:13-17 New International Version (NIV)
She selects wool and flax and works with eager hands. She is like the merchant ships, bringing her food from afar. She gets up while it is still night; she provides food for her family and portions for her female servants. She considers a field and buys it; out of her earnings she plants a vineyard. She sets about her work vigorously; her arms are strong for her tasks.