හිතෝපදේශ 18
18
1හුදකලා වී වෙසෙන්නා සොයන්නේ තම අභිලාෂය පමණෙකි;
හැම නිවැරදි නිගමනයකට ම එරෙහිව ඔහු නැගිටියි.
2අඥානයා අවබෝධය ලැබීමට කිසි ප්‍රසන්නතාවක් නැත;
ඔහුගේ මහත් ප්‍රීතිය තම අදහස් හුවා දැක්වීම ය.
3දුෂ්ටකම එන කල, අවඥාව ද ඒ සමඟ පැමිණේ;
ලජ්ජාව සමඟ නින්දාව ද පැමිණේ.
4මිනිසකුගේ මුවෙහි වචන ගැඹුරු ජලය ය;
එහෙත් ප්‍රඥාවේ උල්පත ගලා යන දොළ පාරකි.
5දුෂ්ටයින්ට පක්ෂපාතවීම හොඳ නැත;
අසරණයින්ගේ යුක්තිය පැහැර ගැනීම ද හොඳ නැත.
6අඥානයාගේ තොල්වලින් ඔහුට ආරවුල් ගෙනේ;
ඔහුගේ කට නිසා ඔහුට ගුටි ලැබේ.
7අඥානයාගේ කට ඔහුගේ විනාශය ය;
ඔහුගේ තොල් ඔහුගේ ජීවයට මර උගුලකි.
8ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි;
එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී.
9අලස ව වැඩෙහි යෙදෙන්නා
නාස්තිකාරයාගේ සහෝදරයා ය.
10 ස්වාමින්වහන්සේගේ නාමය ප්‍රබල බළකොටුවකි;
ධර්මිෂ්ඨ ජනයා එහි දුව යති, එහි ඔවුන් සුරක්ෂිත ය.
11ධනවතාට තම ධනය බළකොටු පුරවරයකි;
ඔහු සිතන්නේ එය උස් පවුරක් කියා ය.
12වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි;
ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ.
13ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද,
එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය.
14මිනිසකුගේ ආත්මය ලෙඩ-දුක් දරා ගනියි;
එහෙත් බිඳුණු ආත්මයක් දැරිය හැකි කවරකුට ද?
15බුද්ධිමතාගේ හදවත දැනුම අත්කර ගනී;
ප්‍රඥාවතුන්ගේ කන ද දැනුම සොයයි.
16ත්‍යාගයක්, එය ප්රදානකරන්නාට මාර්ගය විවර කර දී,
උත්තමයන් ඉදිරියට ඔහු කැඳවාගෙන යයි.
17දෙවැන්නකු පැමිණ හරස් ප්‍රශ්න අසන තුරු,
මුලින් ම පැමිණිල්ල ඉදිරිපත් කරන්නා නිවැරදි යයි පෙනේ.
18පස ඇටය දැමීමෙන් ගැටුමක් නිමාවට පත් කර,
බලවත් විරුද්ධවාදීන් දෙපසට කරයි.
19අමනාප වූ සහෝදරයකු දිනාගැනීම බළකොටුවක් දිනා ගැනීමට වඩා අමාරු ය;
ආරවුල්, බළකොටුවක දොරටුවේ අගුල් වැනි ය.
20මිනිසකුගේ මුවේ වචනවල පලදාවෙන් ඔහුගේ උදරය පිරේ;
ඔහුගේ තොල්වල අස්වැන්නෙන් ඔහු තෘප්තිමත් කෙරේ.
21ජීවනයේ හා මරණයේ බලය දිවෙහි පවතී;
ඊට ප්‍රිය වන්නෝ එහි පල භුක්ති විඳින්නෝ ය.
22බිරිඳක සොයා ගන්නා යහපතක් සොයා ගනී;
හෙතෙම ස්වාමින්වහන්සේගෙන් ප්‍රසාදය ද ලබන්නේ ය.
23දුප්පත් මිනිසා දයාව අයැදී ය;
එහෙත් ධනවත් මිනිසා කර්කශ පිළිතුරු දෙන්නේ ය.
24යහළුවන් බොහොමයක් ඇති මිනිසා නාස්තියට පැමිණේ;
එහෙත් සහෝදරයකුට වඩා ළබැඳි මිතුරෙක් සිටී.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 18: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.