හිතෝපදේශ 18:2-13
හිතෝපදේශ 18:2-13 SCV
අඥානයා අවබෝධය ලැබීමට කිසි ප්‍රසන්නතාවක් නැත; ඔහුගේ මහත් ප්‍රීතිය තම අදහස් හුවා දැක්වීම ය. දුෂ්ටකම එන කල, අවඥාව ද ඒ සමඟ පැමිණේ; ලජ්ජාව සමඟ නින්දාව ද පැමිණේ. මිනිසකුගේ මුවෙහි වචන ගැඹුරු ජලය ය; එහෙත් ප්‍රඥාවේ උල්පත ගලා යන දොළ පාරකි. දුෂ්ටයින්ට පක්ෂපාතවීම හොඳ නැත; අසරණයින්ගේ යුක්තිය පැහැර ගැනීම ද හොඳ නැත. අඥානයාගේ තොල්වලින් ඔහුට ආරවුල් ගෙනේ; ඔහුගේ කට නිසා ඔහුට ගුටි ලැබේ. අඥානයාගේ කට ඔහුගේ විනාශය ය; ඔහුගේ තොල් ඔහුගේ ජීවයට මර උගුලකි. ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි; එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී. අලස ව වැඩෙහි යෙදෙන්නා නාස්තිකාරයාගේ සහෝදරයා ය. ස්වාමින්වහන්සේගේ නාමය ප්‍රබල බළකොටුවකි; ධර්මිෂ්ඨ ජනයා එහි දුව යති, එහි ඔවුන් සුරක්ෂිත ය. ධනවතාට තම ධනය බළකොටු පුරවරයකි; ඔහු සිතන්නේ එය උස් පවුරක් කියා ය. වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි; ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ. ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද, එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය.


