හිතෝපදේශ 18:2-13
හිතෝපදේශ 18:2-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අඥානයා අවබෝධය ලැබීමට කිසි ප්‍රසන්නතාවක් නැත; ඔහුගේ මහත් ප්‍රීතිය තම අදහස් හුවා දැක්වීම ය. දුෂ්ටකම එන කල, අවඥාව ද ඒ සමඟ පැමිණේ; ලජ්ජාව සමඟ නින්දාව ද පැමිණේ. මිනිසකුගේ මුවෙහි වචන ගැඹුරු ජලය ය; එහෙත් ප්‍රඥාවේ උල්පත ගලා යන දොළ පාරකි. දුෂ්ටයින්ට පක්ෂපාතවීම හොඳ නැත; අසරණයින්ගේ යුක්තිය පැහැර ගැනීම ද හොඳ නැත. අඥානයාගේ තොල්වලින් ඔහුට ආරවුල් ගෙනේ; ඔහුගේ කට නිසා ඔහුට ගුටි ලැබේ. අඥානයාගේ කට ඔහුගේ විනාශය ය; ඔහුගේ තොල් ඔහුගේ ජීවයට මර උගුලකි. ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි; එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී. අලස ව වැඩෙහි යෙදෙන්නා නාස්තිකාරයාගේ සහෝදරයා ය. ස්වාමින්වහන්සේගේ නාමය ප්‍රබල බළකොටුවකි; ධර්මිෂ්ඨ ජනයා එහි දුව යති, එහි ඔවුන් සුරක්ෂිත ය. ධනවතාට තම ධනය බළකොටු පුරවරයකි; ඔහු සිතන්නේ එය උස් පවුරක් කියා ය. වැටී යෑමට පෙර කෙනකුගේ හද අහංකාර වෙයි; ගෞරවයට පෙරටුව නිහතමානීත්වය පැමිණේ. ඇහුම්කන් දීමට පෙර උත්තර දෙන කෙනකු වේ ද, එය ඔහුගේ මෝඩකමත්, ලජ්ජාවත් ය.
හිතෝපදේශ 18:2-13 Sinhala Revised Old Version (SROV)
අඥානයා තමාගේ සිතිවිලි එළිදරව් කිරීමට මිස නුවණට ප්‍රසන්න නැත. දුෂ්ටයා එන කල හෙළාදැකීමත් අවනම්බුව සමඟ අපහාසයත් එන්නේය. මනුෂ්‍යයෙකුගේ මුඛයේ වචන ගැඹුරු වතුරුය; ප්‍රඥාව නමැති උල්පත වනාහි ගලායන ඔයක්ය. දුෂ්ටයාගේ තරම සැලකීමද විනිශ්චයේදී ධර්මිෂ්ඨයාගේ යුක්තිය පෙරළීමද හොඳ නැත. අඥානයාගේ තොල් ඔහු විවාදයට පමුණුවයි; ඔහුගේ මුඛයද පහරවලට අඬගසයි. අඥානයාගේ මුඛය ඔහුට විනාශයක්ය, ඔහුගේ තොල්ද ඔහුගේ ප්‍රාණයට මලපතක්ය. කේලාම්කියන්නෙකුගේ වචන රසවත් බොදුන් මෙනි; ඒවා බඩ තුළටම බැසයයි. තවද තමාගේ වැඩට අලසව සිටින්නා නාස්තිකාරයාගේ සහෝදරයාය. ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි. පොහොසතාගේ කල්පනාවේ හැටියට ඔහුගේ ධනය ඔහුට බලවත් නගරයක්ව උස්වූ පවුරකට සමානව තිබේ, විනාශයට පළමුවෙන් මනුෂ්‍යයාගේ සිත උඩඟුව තිබේ, ගෞරවයට පළමුවෙන් යටහත්කම ඇත්තේය. අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ.
හිතෝපදේශ 18:2-13 Sinhala New Revised Version (NRSV)
අනුවණයා යමක් තේරුම්ගැනීමට කැමැත්තක් නොදක්වයි; ඔහුගේ එක ම කැමැත්ත තම පණ්ඩිතකම හුවා දැක්වීමයි. දුෂ්ටකම ඇති තැන නින්දාව ඇත; ගෞරවය නැති තැන ලජ්ජාව ඇත. මිනිසාගේ කියමන්, මහ සයුර මෙන් ගැඹුරු ය, ගලා යන දොළක් වැනි ය, නොසිඳෙන උල්පතක් වැනි ය. විනිශ්චයේ දී, දුදනන්ට වාසිය සැලසීම ද සුදනන්ගෙන් යුක්තිය පැහැරගැනීම ද හරි නැත. මෝඩයාගේ කතාබහින් වාද විවාද ඇති වෙයි, ඔහුගේ කට නිසා ගුටි බැට ලබයි. අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ; ඔහුගේ ම වචන ඔහුට ම උගුලක් වේ. කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය. අලසයා හා නාස්තිකාරයා එක වල්ලේ පොල් වැනි ය. සමිඳුන්ගේ නාමය මහ බලකොටුවකි; දැහැමියෝ එහි දුව ගොස් සුරැකෙති. පොහොසතා, තම ධනසම්පත බලවත් නගරයක් වටා දුවන උස් කොටු පවුරක් ලෙස සිතයි. විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත. පිළිතුරු දීමට පෙර සවන් දෙන්න; නැත්නම් ඔබ මෝඩ නින්දිත කෙනෙක් වනු ඇත.
හිතෝපදේශ 18:2-13 Sinhala New Revised Version 2018 (SNRV)

හිතෝපදේශ 18:2-13 New International Version (NIV)
Fools find no pleasure in understanding but delight in airing their own opinions. When wickedness comes, so does contempt, and with shame comes reproach. The words of the mouth are deep waters, but the fountain of wisdom is a rushing stream. It is not good to be partial to the wicked and so deprive the innocent of justice. The lips of fools bring them strife, and their mouths invite a beating. The mouths of fools are their undoing, and their lips are a snare to their very lives. The words of a gossip are like choice morsels; they go down to the inmost parts. One who is slack in his work is brother to one who destroys. The name of the LORD is a fortified tower; the righteous run to it and are safe. The wealth of the rich is their fortified city; they imagine it a wall too high to scale. Before a downfall the heart is haughty, but humility comes before honor. To answer before listening— that is folly and shame.