හිතෝපදේශ 12
12
1ශික්ෂණයට ප්‍රේමවන්නා දැනුමට ප්‍රේම කරයි;
නිවැරදිවීමට වෛරවන්නා මෝඩයෙකි.
2සුදනා ස්වාමින්වහන්සේගෙන් ප්‍රසාදය ලබයි;
එහෙත් උන්වහන්සේ දුදනා වරදට පත් කරන සේක.
3දුෂ්ටකමින් කෙනකුට ස්ථාවර ව පිහිටා සිටින්නට බැරි ය.
එහෙත් ධර්මිෂ්ඨයින් මුලිනුදුරා දැමිය නො හැකි ය.
4ගුණ යහපත් බිරිඳ ඇගේ සැමියාගේ ඔටුන්න ය;
එහෙත් නින්දා සහගත බිරිඳ ඔහුගේ ඇටකටු දිරා-යෑමක් බඳු ය.
5දමිටුන්ගේ සැලසුම් යුක්ති සහගත ය;
එහෙත් අදමිටුවකුගේ අවවාදය වංචා සහගත ය.
6දුෂ්ටයින්ගේ වචන ලේ හැලුමට මග රැක සිටීමකි;
එහෙත් ඍජු ගති ඇත්තන්ගේ කතාව ජීවිත ගලවයි.
7දුෂ්ට මිනිස්සු පැරදී, නැත්තට ම නැති වී යති;
එහෙත් ධර්මිෂ්ඨයින්ගේ වංශය, ස්ථාවර ව පිහිටයි.
8මිනිසකු තම විචක්ෂණ බුද්ධියට අනුව පැසසුම් ලබයි;
එහෙත් වංක සිත් ඇත්තා පිළිකුලට ලක් වේ.
9ලොක්කකු සේ මවා පාමින් කන්නට යමක් නැතිව සිටිනවාට වඩා,
නොවැදගතකු සේ සිටිමින්, තමන්ට ම සේවකයකු ඇති ව සිටීම වඩා හොඳ ය.
10දමිටු මිනිසා තම සතුන්ගේ ඕනෑ-එපාකම් ද බලයි;
එහෙත් දුෂ්ට මිනිසකුගේ කාරුණික ක්‍රියා ද කුරිරු ය.
11තම බිම් කොටස වගාකරන්නාට ආහාර බහුල වේ;
එහෙත් මවා ගත් හීන පසු පස යන්නෝ සිහි මද ඇත්තෝ ය.
12නපුරන්ගේ කොල්ලයට දුෂ්ටයෝ ආශා වෙති;
එහෙත් දමිටුන් මුල් ඇද පිහිටයි.
13අදමිටු මිනිසා තම පාපී කතාවෙන් උගුලට හසු වේ;
එහෙත් දමිටු මිනිසා කරදරවලින් ගැලවී යයි.
14කෙනෙක් තම තොල්වල පල නිසා යහ දෙයින් පිරෙන්නේ,
ඔහුගේ අත්වල ශ්රමයට සරිලන ප්‍රතිඵල ලබන පරිදි ය.
15අඥානයකුට තමාගේ මාර්ගය හරියයි පෙනේ;
එහෙත් නැණවතා අවවාදයට කන් දෙයි.
16අඥානයා තම නොරිස්සුම එවෙලේම පෙන්වයි;
එහෙත් බුද්ධිමතා නිග්‍රහ ගණන් නො ගනී.
17ඇත්ත කතා කරන්නා අවංක ව සාක්ෂි දෙයි;
බොරු සාක්ෂිකරු පවසන්නේ මුසා ය.
18නො සැලකිලිමත් වචන කඩු පහරක් මෙන් ඇනෙයි;
එහෙත් ප්‍රඥාවත් අයගේ දිව, සුවය ගෙනේ.
19සත්‍යයේ තොල් සදා පවතී;
එහෙත් බොරු කියන දිව පවතින්නේ ඇසිල්ලකට පමණි.
20නපුරු උපා යොදන්නන්ගේ හදවත් තුළ රැවටිල්ල ඇත;
එහෙත් සාමය වඩවන්නන්ගේ හදෙහි ඇත්තේ ප්‍රීතියයි.
21ධර්මිෂ්ඨයින් පිට කිසි අනර්ථයක් නො පැමිණේ;
එහෙත් දුෂ්ටයින්ට විපත්ති මුළු ප්‍රමාණය ම ලැබේ.
22බොරුකාර තොල් ස්වාමින්වහන්සේට පිළිකුල් ය;
එහෙත් සත්‍යවාදී මිනිසුන් ගැන උන්වහන්සේ ප්‍රමෝද වන සේක.
23බුද්ධිමත් මිනිසා තම දැනුම ප්‍රදර්ශන නො කරයි;
එහෙත් අඥානයාගේ හද මෝඩකම ප්‍රකාශ කරයි.
24උත්සාහවන්තයාගේ අත පාලනයට අත ගසයි;
එහෙත් අලසකමේ කෙළවර වහල් භාවය ය.
25තැවුල් හදවත මිනිසකු එම බරින් නම්මවයි.
එහෙත් කාරුණික වදනක් ඔහුගේ සිත සොම්නස් කරයි.
26ධර්මිෂ්ඨ මිනිසා, තම අසල්වැසියාට මග පෙන්වන්නෙකි;#12:26 ධර්මිෂ්ඨ මිනිසා ප්‍රවේසමින් තම මිතුරන් තෝරා ගනියි.
එහෙත් දුෂ්ටයාගේ මාර්ගය ඔහු මංමුළා කරවයි.
27අලසයා තමාගේ දඩමස උයා-පිහා නො ගනියි;
එහෙත් උත්සාහවන්තයා වටිනා වස්තු සපයා ගනියි.
28දමිටුන්ගේ මාර්ගයෙහි ජීවනය ඇත්තේ ය;
ඒ මාවතේ මරණය ඇත්තේ නැත.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 12: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.